බුදුරුවගල යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පිහිටි එෙතිහාසික පුදබිමක් වේ.
ගල් පර්වතයෙන් මදක් ඉස්මතු වන සේ නෙලා තිබෙන මෙම මූර්ති ක්‍රි. ව. 7-9 ශතවර්ෂයන්ට අයත් මහායානික මූර්ති ලෙස පිළිගැනේ. මෙහි ප්‍රධාන බුදුරුව උසින් අඩි 51ක් පමණ වන අතර ඒ දෙපස ප්‍රථිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රථිමාවේ දකුණු පසින් අවලෝකිතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට ගෙන තාරා දේවියගේ සහ සුධන පෝසතුන්ගේ ප්‍රථිමා වේ. එසේම වම් පසින් මෙෙත්‍රී බෝසත් රුවක් සහ දෙපසින් වජ්‍රපාණී බෝසත් රුවක්ද, හදුනාගැනීමට අපහසු වෙනත් රුවක්ද වේ.
මීට අමතරව බුදුරුවගල සංඝාරාමයට අයත් ගොඩනැගිලි හා නටඹුන් රැසක් හාත්පස භූමියේ විසිර පවතියි.
No comments:
Post a Comment