Sunday, February 28, 2016

ශ්‍රී ලංකාවේ දිගාමඬුල්ල (අම්පාර) දිස්ත්‍රික්කයේ තිබෙන දීඝවාපිය නොහොත් දීගවාපීය 3 වැනි සියවස (ක්‍රි.පු) දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුක්ත සිද්ධස්ථානයකි. පාලි සහ සංස්කෘත වදන් වලින් එහි තේරුම දීඝ යනු ‘දිග’ සහ වාපි යන ‘ජලාශ’ පුරාණ ලංකාවේ වාරිශිෂ්ඨාචාරයේ ඉතා වැදගත් ලක්ෂණයකි. ඒ වටා වෙහෙර විහාර සහ නගර බිහිවිය. දීඝවාපියෙහි වැදගත්කම ඒ ප්‍රදේශයට බුදුන් වැඩීම හා සම්බන්ධ පුරාවෘතවලින් ද පාලි සාහිත්‍යයේ මෙන්ම වංශකථාවලින් හෙලිවන සුළු කරුණුවලින් ද පැහැදිලි වේ. ප්‍රදේහයේ දේශපාලනික ඉතිහාසය පිලිබද වැදගත් කාර්ය භාර්යයක් ද දීඝවාපියෙන් කර ඇත. මෑත කාලයේ සිංහල රජවරු එම ප්‍රදේශයේ මුස්ලිම්වරු සහ බර්ගර්වරු පදිංචි කරවා ඇත.

පුරාවෘත්ත හා පුරාණ ඉතිහාසය[සංස්කරණය කරන්න]

5 වැනි සියවසේ ලියන ලද පුරාණ වංශ කථාවක් වු මහා වංශයද ඊට කළින් ලියන ලද ථුපවංශයද පරම්පරා ගත කථා සහ ඓතිහාසික සාධක උපයෝගී කර ගෙන ඇත. මෙම වංශ කථා වල කියන්නේ බදුන් වැඩි බවත් උන්වහන්සේ භාවනානුයෝගීව වැජ සිටි ස්ථානයේ පසුව චෛත්‍යක් ඉදිකරන බවත්ය. (මහාවංශය පරි 78) දීප වංශය සහ තවත් වැදගත් පාලි ලේඛණයක් වු සමන්ත පාසාදිකාවේද දීඝවාපිය ගැන සදහන් කෙරුනු අවස්ථා ඇත. මෙම වංශ කථා වල සදහන් වන්නේ එම ප්‍රදේශයේ මුල් පදිංචි කරුවන් ‘යක්ෂ’ නමින් හැදින්වුණු බවයි. මොවුන් ගැන රාමායනයේ ද සදහන් වේ. මොවුනට උතුරු ඉන්දියාවේ පුර්ව ආර්ය නොයික්ම වු ‘කිරත්’ නම් ජන කොටස සමග සබදතාවක් තිබෙන්නට ඇති බවත් සදහන් වේ. මේ ප්‍රදේහයේ බුදුන් පැමිණියා යැයි කියැවෙන තොරතුරු සත්‍ය යෙන් දුරස්ථ හැකි වුව ද එවැනි කතන්දරයක් සසදා තිබීමෙන් අදහස් වන්නේ පුරාණ කාල වලදී පවා ඒ ප්‍රදේහයට දී තිබුණු පුජණීයත්වයයි. දීඝවාපි චෛත්‍යයට සම්බන්ධ තවත් පුරා වෘත්තියකින් කියැ‍වෙන්නක් අවස්ථාවකදී සාමනේර නමකි චෛත්‍යයේ පිලියම් වැඩ වලට උදව් කරමින් සිටියදී පහළට ඇද වැටුණු බවයි. එසේ ඇද ‍වැටෙන විට අනෙකුත් සාමනේර වරු ධජග්ග පිරිත මතක් කරන ලෙස ඔහුට කෑ ගසා කියා ඇත. ඔහු එසේ කළේය. ප්‍රතිහාර්යයින් මෙන් ඔහුට කිසිදු අනතුරක් සිදුවුයේ නැත.
එම ප්‍රදේශයේ පුරාණ සෙල්ලිපි විශාල සංඛ්‍යාවක් ඇත. 1986 දී රන්පත් ඉරු ලේඛණයක් සොයා ගෙන ඇත. (කැණිම් වලින්) එම ලේඛණය වසා තිබුණත් ඝන රන් තහඩු වලින් කරන ලද කරඩුවක් තුලයි. එහි සදහන් කර තිබුණේ මෙසේය.
“ස්වස්ති - නක ...... රජුගේ පුත් මහතිය (කනිත්ත තිස්ස) රජුගේ ස්ථුපයයි. (කරඩුව)”
කණිත්තතිස්ස රජු කරන ලද්දේ 164 – 192 හිය. ඊ මේධානන්ද (හිමි) ඇතුලු පුරා විද්‍යා ගවේෂක කන්ඩායමක් මෙම ප්‍රදේහයේ තිබෙන අනෙකුත් ස්ථාන මෑතදී පරීක්ෂාවට ඵාජනය කර ඇත.
දුටුගැමුණුගේ පියා වු කාවන්තිස්සගේ රාජ්‍ය සමයේදී මෙම ප්‍රදේශය රුහුණු රාජධානියේ කොටසක්ව තිබුණු බවට ‍ඓතිහාසික ශිලා ලේඛණ ගත කරැණු තිබේ. ක්‍රි.පු. 3 වැනි සියවසේදී මෙම ප්‍රදේහය දිගාමඩුල්ල දිස්ත්‍රික්කය හෝ දිගාමඩුල්ල ලෙස හැදින්විණි. දුටුගැමුණුගේ සහෝදරයා වු තිස්ස ඔහුගේ නියෝගය මත මෙම ප්‍රදේශය පාලනය කර ඇත. තිස්ස නැවතත් තම සහෝදරයා (ගැමුණු සමග මිතුරු වු පසු දිගාමඩුල්ල දිස්ත්‍රික්කය හා දීඝවාපිය බලාගැනීමට ආපසු ය‍වන ලදී. පිහිටි රට (දළ වශයෙන් දැනට උතුරු පළාත) ජයග්‍රහණය කිරීමෙන් පසු තිස්ස නැවත වරක් දීඝ වාපියේ පාලකයා විය. මෙය පැහැදිලි වන්නේ දුටුගැමුනුගේ චරිතය අවස්ථාවේ ඔහු දීඝවාපියේ සිට එවුණු බවට කරුනු පෙනෙන බැවිණි. තිස්ස (ඉන්පසු හැදින්වුයේ සද්ධා තිස්ස ලෙසය) ප්‍රධාන දීඝ වාපි විහාරය තැන වීය. ඒ හා සම්බන්ධ කර තැනු චෛත්‍යයට වටිනා භාණ්ඩ පුජා කළේය. 12 සියවසේ I වැනි පරාක්‍රමබාහුගේ යුද්ධ ව්‍යාපාරය සමග සම්බන්ධ දීඝවාපිය පිලිබඳ තොරතුරු පවතී.


No comments:

Post a Comment