ලංකාවේ ස්‌වභාව රක්‍ෂිත වනාන්තර පහෙන් අවසන්වරට ප්‍රකාශයට පත්කළ රක්‍ෂිතයයි. සමනල අඩවිය 1940 ඔක්‌තෝබර් මස 25 වැනිදා අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර ඊට අයත්ව තිබූ බිම් ප්‍රමාණය හෙක්‌ටයාර් 22379 (අක්‌කර 55948) කි. ඉන්පසු සමනල අඩවිය අභයභූමියෙන් තෝරාගත් හෙක්‌ටයාර් 12979 (අක්‌කර 32448) ක් සංරක්‍ෂිත අවශ්‍යතාව සළකා ස්‌වභාව රක්‍ෂිතයක් මට්‌ටමට ගෙන ආ අතර, 2007 සැප්තැම්බර් මස 21 වැනිදා මෙසේ සමනල අඩවිය (චැaන අසකාeරබැss) නමින් ස්‌වභාව රක්‍ෂිතයක් බවට පත් වූයේ එම වනාන්තර කොටසයි. තවත් හෙක්‌ටයාර් 9400 (අක්‌කර 23500) ක් අභය භූමිය ලෙස පවතින අතර සමනළ අඩවියේ ප්‍රකටම කඳුවැටිය වන උසින් ශ්‍රී ලංකාවේ සිවුවැනි ස්‌ථානයට ගැනෙන (උස මීටර් 2243) ශ්‍රී පාද (සමනල කන්ද) කන්දේ බැතිමතුන්ට වෙන්වූ මාර්ග පද්ධතිය හා ශ්‍රීපාද පද්මය පිහිටි මළුව යනාදී වැදගත් ස්‌ථාන අයත් වන්නේ සමනල අඩවිය අභයභූමියටයි. කඳුර වනාන්තර ගණයට ගැනෙන වනගහනයකින් පෝෂිත සමනල අඩවිය මධ්‍යම කඳුකරයේ සබරගමු කඳු පන්තියට අයත් වේ. අතිශය සංවේදී ජලපෝෂිත ඉහළ ජලාධාර ප්‍රදේශයක් වන මෙයින් කළු, වළවේ, කැළණි යන ගංගා ත්‍රිත්වයම සෘජුවම උපත ලබන අතර තවත් ජලධාරා රැසක තිඹිරි ගෙය වේ. ශාක හා සත්ව පෝෂණය අතින්ද ඉහළම වැදගත්කමක් හිමිකරගෙන සිටින මෙම ස්‌වභාව රක්‍ෂිතය ලෝක උරුම වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. ගෞතම බුදුන්වහන්සේගේ පාදස්‌පර්ශයටද ලක්‌ව ඇති බවට විශ්වාස කරන සමනල අඩවිය වනපෙත බුදුන්වහන්සේ තෙවරක් ලංකාද්වීපයට වැඩමකොට ගතකළ සොළොස්‌මස්‌ථානයන්ගෙන් ස්‌ථාන දෙකක්‌ම අයත්ව පවතින අති උතුම් පිං බිමකි. ඒ ශ්‍රීපාද පද්මය හා (තවමත් විවාදයට තුඩුදී ඇති) දිවා ගුහාවයි.
ප්‍රවේශ මාර්ග
සමනල අඩවියේ ශ්‍රී පාදය තෙක් අනාදිමත් කලක පටන් භාවිත කෙරෙන මාර්ග පද්ධතියක් වේ. මෙම අඩවියට අයත්ව. කඳු ශිඛර හා අද්විතීය වනගහනයක් පැවැතියද ප්‍රවේශමාර්ග ලෙස පවතින්නේ ශ්‍රීපාද පද්මය තෙක් වැටී ඇති ශ්‍රීපාද නොහොත් සමනල කන්ද තෙක් ඇති මාර්ග පද්ධතියයි. ඈත. අතීතයේ පටන් මේ දක්‌වා පැහැදිලි ප්‍රවේශමාර්ග හතරක් පවතින අතර ඊට සම්බන්ධ වන තවත් මාර්ග තුනක්‌ද සමඟින් මාර්ග හතක් පවතී. එනම්.
1. හැටන් - මස්‌කෙළිය - නල්ලතන්නිය - ගෙත්තම්පාන - සීතගඟුල - අහස්‌ගව්ව - මහගිරිදඹ - මළුව
2. කුරුවිට - එරත්න - අඩවිකන්ද - පැළැඳ කන්ද - වර්ණගල - සීත ගඟුල - බේරුමැන්ඩිය - මැදඉන්න - ඉදිකටුපහන - ගල්කඩේ - හැරමිටිපහන (ගල්වංගෙඩි කඩේ) මැහැල්ලමල කඳුර - ආඬියාමලතැන්න - ඇහැලකනුව අහස්‌ගව්ව - මහාගිරිදඹ - මළුව.
3 රත්නපුරය - ගිලීමලේ - පලාබද්දල - පවනැල්ල - කොකටියකන්ද - ළිහිණිහෙල - කටුකිතුල වංගුව - ගෝනතල්ල - ගැටනිටුල - කොඩියහෙල - ධර්මරාජගල - ගල්පොත්තකඩේ - සෙවලගල - සීත ගඟුල - හීංගඟුල - හැරමිටිපහන - ගල්වංගෙඩිකඩේ - මළුව.
4 දැරණියගල - මාලිබොඩ - (කුරුවිට පාරේ මැදඉන්න ප්‍රදේශයට සම්බන්ධ වී) හැරමිටිපහන -ආඬියාමලතැන්න - මහගිරිදඹ - මළුව හා අප්‍රධාන මාර්ග තුනක් වන
5 රත්නපුර - මූක්‌කුවත්ත - ඇහැල කනුව,
6 මරේවත්ත - රජමලේ
7. ගවරවිල - මස්‌කෙළිය මාර්ගය
පැරණි රජමාවත.
පලාබද්දල - යට්‌ටෝවිට - ගිලීමලේ - තුංතොට - උඩුපොලාන - සමන්වත්ත - බටේපොළ - ඇඳිරියන්වෙල - දියබෙත්ම - ධර්මරාජගල ඔස්‌සේ සම්බන්ධව පැවති බවට සාධක තිබේ.
ශ්‍රී පාද මළුව ශ්‍රී ලංකාවේ උසින් සිව්වැනි ස්‌ථානයට ගැනෙන කඳු මුදුනයි. පිළිවෙලින් පිදුරුතලාගල කිරිගල්පොත්ත. තොටුපොළ යන කඳු උසින් වැඩිම කඳු මුදුන් ලෙස ගැනේ. මේ අනුව ශ්‍රී පාද මළුවේ සිට ඉතා පැහැදිලිව සතර අතින් විහිදගිය සමනල අඩවිය ස්‌වභාව රක්‍ෂිතය හා අභයභූමිය නිරීක්‍ෂණය කළ හැකිය. සමනල අඩවියට අයත් කඳුපන්තියේ පරිවාර කඳු සියල්ලම මෙහි සිට නිරීක්‍ෂණ්‍ය කළ හැකි වීමද විශේෂයකි.
ප්‍රාග් ඓතිහාසික තොරතුරු
දේවනම් ජනකොට්‌ඨාශය සමනල අඩවියේ දිවි ගෙවූ බව විශ්වාස කරන අතර සමන් දෙවියන්ගේ වාසභූමිය ලෙස සමන්ත ගිර සලකනු ලැබේ.
සමනල අඩවියට අයත් බටදොඹ ලෙන හා බටතොට ලෙන ප්‍රකට ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස පිහිටි ස්‌ථාන දෙකකි. මේ මගින් වසර 36000 ක් පමණ පැරණි මානව ජනාවාස සාධක හඳුනාගෙන ඇත. සමනල අඩවිය පුරා මෙවන් ජනාවාස තිබූ බව විශ්වාස කරයි.
අතීත තොරතුරු
ගෞතම බුදුරජාණන්වහන්සේ තෙවනවර ලංකාද්වීපයේ කැළණියට වැඩම කළ
අවස්‌ථාවේදී සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනයක් පිළිගෙන සමන්ත
කූටය මුදුනේ ශ්‍රී පාදය පිහිට වූ බවත්, ඉන්පසු දිවා ගුහාව නම්
ස්‌ථානයේ දිවා විහරණය කළ බවත් කියනු ලැබේ. එතැන් පටන් මෙම
ස්‌ථානය බෞද්ධයින්ගේ අති උතුම් මුදුන්මල් කඩක් ලෙස බැතිමතුන්
විසින් සලකනු ලැබේ. හින්දු බැතිමතුන් විසින් විෂ්ණු (රාම)
දෙවියන්ගේ පාදය ලෙසද ශිව භක්‌තිකයින් විසින් ඊෂ්වර දෙවියන්ගේ
පාදය ලෙසද, කතෝලිකයින් විසින් ආදම්ගේ පාදය ලෙසද, ඉස්‌ලාම්
භක්‌තිකයින් විසින් ද ශ්‍රී පාදය වන්දනා කරනු ලැබේ.
බුද්ධ වර්ෂ 156 දී ග්‍රීක අධිරාජ්‍යවාදී මහා ඇලෙක්‌සැන්ඩර් රජු
යකඩ දම්වැල් ආධාරයෙන් සමනලගිර නැග ඇති බවටත් බුද්ධ වර්ෂ 563 දී
කාෂ්මීර මේඝවර්ණ රජු සමනලගිර නැග ඇති බවටත් වාර්තා ඇත. ඉන්පසු
පොළොන්නරු යුගයේදී මෙහි ආගමික ප්‍රබෝධය ඇතිකර ඇත්තේ නිශ්ශංකමල්ල
රජු විසිනි. මහා විජයබාහු රජුද ඊටම සහාය පළකර ඇත.
රොබට් නොක්ස්ගේ විස්තරය
රොබට් නොක්ස්ගේ ග්‍රන්ථයේ මෙම ලාංඡනය "ආදම්" ගේ පා සටහන ලෙස වරදවා හඳුන්වා ඇත. බටහිර ජාතීන් ඒ නිසා සමනොළ ගිර "ඇඩම්ස් පීක්" (Adam's peak) යනුවෙන් හැඳින්වයි. නමුත් එය ආදම්ගේ පිය සටහනක් බව ලෝකයේ කිතුනුවෝ විශ්වාස නො කරයි. මුස්ලිම් භක්තිකයෝ සමනළ සිරසේ "බබාද මලෙයි /ආදම් මලෙයි" යනුවෙන්ද භාවිතා කරති.ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණු එහි පිහිටා ඇතැයි විශ්වාස කරති. ඔවුන් එය හඳුන්වන්නේ "ශිවන් ඔලි පාදම්"යනුවෙනි.
මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්‍රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්‍යා" නම් වූ කඳු හතකින් වට වූ "ශ්‍රී පාදය" සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.
No comments:
Post a Comment