ඔට්සි (Ötzi) යනු 1991 දී ඉතාලි-ඔස්ට්‍රියානු දේශසීමාව අසල Ötztal ඇල්ප්ස් කඳු ආශ්‍රිතව සොයා ගන්නා ලද වසර 5,300ක් පැරණි
ග්ලැසියර මමියකි. මමිය යොදා ගෙන සිදු කල පර්යේෂණ
වලින් එහි වූ පච්ච 61ක් හඳුනා ගැනීමට පර්යේෂකයින් සමත්ව ඇත.
මීට පෙර සිදු කල පර්යේෂණ වලින් පච්ච 50 කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමට
සමත් වුවත් ශරීරයේ පවතින අඳුරු ස්වභාවය නිසා නිශ්චිත අවසන් නිගමනයකට ඒමට
නොහැකි වී ඇත.නමුත් මේ වනවිට
රූප තාක්ෂණ ක්‍රමයක් යොදා ගනිමින් පර්යේෂණ සිදු කරයි. මෙම ක්‍රමයෙන්
අධෝරක්ත කිරණේ සිට පාරජම්බුල කිරණ දක්වා වු කිරණවල වෙනස් වන තරංග ආයාමයන්හි
ආලෝකය ඇද ගැනීමේ හැකියාව පවතී. එහෙයින් මෙම ක්‍රමය භාවිතා කිරීමෙන්, පෙර
දැකීමට නොහැකි වු පච්ච රැසක් හඳුනා ගැනීමට හැකිවී ඇත. 45ස් වියැති මෙම
ග්ලැසිර යුගයේ මිනිසාගෙන් හමු වු පච්ච අතර කතිර සලකුණු (එකතු කිරීමේ සලකුණ
වැනි වු ) හා එකිනෙකට සමාන්තරව දිවෙන රේඛා සහිත සලකුණු දක්නට තිබේ. ඒවා
සියල්ලක්ම කලු පැහැයෙන් යුතු වන අතර සමහර රේඛා සෙ.මි. 4කට වඩා දික් වු ඒවා
වෙයි. නූතනයේ මෙන් නොව එවකට සිරුරේ සිදු කරන සියුම් කැපුම් මත අඟුරු
ඇතිල්ලීමෙන් පච්ච කෙටුම් සිදු කර ඇති බවට සලකයි. මමියෙන් හමුවු පච්ච කාණ්ඩ
19 කට බෙදා වෙන් කර ඇත. ඊට වමේ සිට දකුණ දක්වා වු කණ්ඩකීය ස්ථම්භය,වම්
කෙණ්ඩය,දකුණු උඩු පතුල, ඇතුළු සහ පිටත වළලු කර සන්ධිය, වම් මැණික් කටුව,
දකුණු දණහිස පිටුපස,අකිලීස් කණ්ඩරාව සහ උසින් අඩුම ඉල ඇටයට ඉහළින් ඇති පපුව
ප්‍රදේශය (මෙම ස්ථානය අලුතින්ම සොයා ගන්නා ලදී) ආදිය ඇතුලත් වේ. හඳුනාගත්
බොහෝ පච්ච කෙටුම් සන්ධි හා පිටුපස පහළ ප්‍රදේශ ආශ්‍රිතව තිබීමෙන් අදහස්
වන්නේ ඔහු කිසියම් ආකාරයක වේදනාවකින් පෙලීම නිසා පච්ච් කෙටීම් සිදු කර ඇති
බවයි. එමඟින් අදහස් වන්නේ පච්ච කෙටීම් හුදෙක් සංකේතාත්මක බවකින් යුක්ත නොවන
අතර චිකිත්සක ක්‍රමයක් ලෙසට භාවිතා කර ඇති බවයි. මේ අනුව බොහෝදෙනාගේ අදහස
වන්නේ මෙම පච්ච බොහොමයක් එම පුද්ගලයාට වේදනාවක් සහිත වු ශරීර කොටස්
ආසන්නයේ පිහිටා ඇති බවත් ඔවුන් විසින් පච්ච යම්කිසි ප්‍රතිකර්මයක් ලෙස
යොදාගෙන ඇති බවත්ය. එසේම මෙම රේඛා සලකුණු සහිත පච්ච, කටු චිකිත්සාවට
අනුරූපී වන බවට මත පල කර ඇති අතර ඒ අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය ඔරිට්ස්
යුගයෙන් වසර දහස් ගණනකට පසුව ආසියාවේදී ආරම්භ වු බවට විශ්වාස කෙරේ. මීට වසර
කීපයකට පෙර පර්යේෂකයින් විසින් ඔහුගේ රුධිර වර්ගය "O"ලෙසට හඳුනා ගෙන තිබේ.
පසුගිය ගිම්හානයේ දී දේහය පිළිබඳව මානව නොවන අනුක්‍රමික විශ්ලේෂණ කණ්ඩායමක් විසින් සිදු කල පර්යේෂණ වලින් මුඛයේ විදුරු මස් ආශ්‍රිත රෝගකාරකයක්
පිළිබඳව තොරතුරු සොයා ගන්නා ලදී. ඊට අමතරව ඔහුගේ ධමනි ඝන වීමත්,ඉල ඇට බිඳී
සුවපත් වීම්, පා ඇඟිල්ලක විසර ගෙඩියක් වර්ධනය වෙමින් තිබුණු බවටත් ඔහුගේ
ප්‍රතිශක්තීකරණ පද්ධතිය දැඩි මානසික ආතතිය හේතුවෙන් නිතර නිතර දුර්වල වී
පැවති බවටත් තොරතුරු සොයාගෙන තිබේ.
No comments:
Post a Comment