Tuesday, February 9, 2016
අභිමානවත් සෙන්කඩගල පුරවර
නුවර අනගරය මෙරට ඇති නගර අතර වඩාත් අලන්කාරම නගරයයි. ස්වභාවික අතින්ද, වටිනාකමින් වැඩි මේ නගරයේ පැතිරීම වර්ග කිලෝ මීටර් 1940 කි. මේ බව ලෝක උරුම පිළිබද සන්විධානයක් වන "යුනෙස්කෝ සන්විධානය" මගින් පෙන්වා දී තිබේ. නුවර නගරය වඩාත් වැදගත් වන්නේ සන්චාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් බුදුරදුන්ගේ දන්ත ධාතුව තැම්පත්කොට ඇති දළදා මලිගාව එහි පිහිටා ඇති නිසාය. මේ නගරයේ ඇති තවත් වැදගත් ස්ථාන ලෙස ගඩලාදෙණිය, ලන්කාතිලකය, ඇම්බක්කේ දේවාලය, හා පේරාදෙණිය උද්භිත උද්‍යානය පෙන්වා දිය හැක. පේරාදෙණිය උද්භිත උද්‍යානය, දෙවන ලෝක යුධ සමයේදී හමුදා මූලස්ථානයක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බව සදහන් වේ. නුවර නගරය හස්ථ කර්මාන්තය, දැව නිර්මාණ හා බුමුතුරුණු කලාවටද ප්‍රසිද්ධ වේ. දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකරන පෙරහැර , ඇසල පෙරහැරයි. මේ නිසා මේ නගරය ශ්‍රී ලාන්කිකයන්ගේ අභිමානය ලොවට කියාපාන නගරයකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment