මිනිසා විසින් ගොඩ නගන ලද ඉතා දිගුම නිර්මාණය චීන මහා ප්රාකාරයයි. එහි දිග කි. මී. 6,400 ක් පමණ වේ. දුරාතීතයේදී චීනය පාලනය කරන ලද විවිධ චීන පාලකයන් විසින් ගොඩ නගන ලද කුඩා ප්රකාර රැසක් එක්වී මෙම අති දැවැන්ත චීන මහා ප්රකාරය ගොඩ නැගී තිබේ.චීන මහා ප්රකාරයේ පළමු කොටස ගොඩනගා තිබෙන්නේ චීනයේ පළමු අධිරාජයා වූ qin shi Hunangdi අධිරාජයාගේ පාලන සමයේදීය. (ක්රි. ව. 2 වන සියවස )
අද අපි දකින චීන මහා ප්රකාරය ගොඩනගා තිබෙන්නේ මින් අධිරාජයාගේ පාලන සමයේදීය (ක්රි. ව. 5 වන සියවස )
චීන මහා ප්රකාරයේ පළමු ප්රාකාරය සෑදීම සඳහා දැව, ගල් යොදාගෙන තිබේ. මින් රාජ සමයේදී ගොඩ නගන ලද ප්රාකාරය ඉතාමත් ශක්තිමත් ප්රාකාරය වේ. ප්රාකාරයේ බොහෝ කොටස් පිගන් ගඩොල්, හුණුගල් සහ ගල් යොදා සකසා තිබේ.
ගඩොල් අතර කුහර පිරවීම සඳහා හුණුගල් සමඟ ඇලෙන සුළු සහල් යොදා සිමෙන්ති වැනි ද්රව්යක් සකසා ගත්හ. එයින් ප්රාකාරය බෙහෙවින් ශක්තිමත් වී තිබේ. චීන මහා ප්රාකාරය චීනයේ නැගෙනහිර ප්රදේශයේ සිට බටහිර ප්රදේශය දක්වා විහිද පැතිර තිබේ. මෙම මහා ප්රාකාරය ගොඩ නැගීම සඳහා ගම්බද ගොවියන් සහ සිරකරුවන් 300, 000 ක ශ්රම බලකායකගේ සහාය මින් අධිරාජයා ලබාගෙන තිබේ. ඔවුහු දිවා රෑ වෙහෙස වී මෙය ගොඩනැගූහ.
කඳු, තැනිතලා නිම්න හරහා මෙම ප්රාකාරය ඉදිවී තිබේ. චීන මහා ප්රාකාරයේ සෑම කොටසක්ම එක සමාන උසින් සහ පළලින් උක්ත නොවේ. තැනිතලා ප්රදේශවලදී උස සහ පළල වැඩි වන ලෙසත් කඳුකර ප්රදේශවලදී උස සහ පළල අඩු වන ලෙසත් ප්රාකාරය ගොඩනගා තිබේ.
No comments:
Post a Comment