මීට වසර දෙකකට
පමණ පෙර, ලොව
උඩුයටිකුරු කරමින් නැගී සිටිනා, දරුණු
අන්තවාදී කණ්ඩායමක් ලෙස, "ISIS" හඳුන්වා දිය හැකිය. විවිධ රටවල ආගමික හා සංස්කෘතික
උරුමයන් සියගණනක් ඔවුන්ගේ විනාශකාරී ප්රහාරයන්ට ලක්විය. මේ ලෙස දිනෙන් දින,
දරුණු වන "ISIS"
ක්‍රියාකාරකම් හමුවේ, අමිලවූ
පුරාකෘති ආරක්ෂා කිරීම සඳහා, "UNESCO" සංවිධානය හා ඉතාලිය එක්ව, නව සැලසුමක් ක්‍රියාත්මක
කිරීමේ අරමුණින්, ගිවිසුමකට
එළඹී ඇත.
ඉතාලියේ විදේශ
කටයුතු අමාත්‍යවරයා හා යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරිය විසින් මෙම
ගිවිසුමට අත්සන් තබන ලදි. මෙහි ප්‍රධානතම කරුණ ලෙස දක්වා ඇත්තේ, ඉතාලියේ ආධාරයෙන්,
ලොව පුරා පවතින
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්මාරක ඇතුළු අනෙකුත් සියළු දේ, ආරක්ෂා කිරීම සඳහා, " විශේෂ බලකායක්
" නිර්මාණය කිරීමයි. එමෙන්ම, ටියුරින් නගරය ආශ්‍රිතව, උරුමය ආරක්ෂාකිරීම පිළිබඳ විශේෂඥ දැනුම
ලබාදෙන මධ්‍යස්ථානයක් පිහිටුවීම ද මෙම ගිවිසුමේ අරමුණකි.
"ISIS" අන්තවාදී සටන්කාමීන්
විසින් තම සංස්කෘතියට පටහැනි දේ වනසන අතර, ප්‍රහාර එල්ල කළ ස්ථානයන්ගෙන් කොල්ලකෑ
පුරාවස්තු, තම මූල්‍යමය
වාසි සඳහා විකිණීම සිදුකර තිබේ.
කෙසේ හෝ, වටිනා උරුමයන්ට එරෙහිව, දිනෙන් දින උග්‍ර වන
ත්‍රස්තවාදී ක්‍රියා මඟින්, ඒවා රැක ගැනීම
සඳහා මෙලෙස ගිවිසුමකට එළැඹීම, ප්‍රශංසනීය
කරුණකි.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න:- http://www.theguardian.com/culture/2016/feb/16/unesco-italy-art-artefacts-islamic-state
No comments:
Post a Comment