Monday, February 29, 2016

අනුරාධපුර පෞරාණික නගරය

අනුරාධපුරය, යනු ශ්‍රි ලංකාවේ පෞරාණික අගනුවරකි. අනුරාධපුරය පදනම් වූ ශ්‍රි ලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලු මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකිය හැකිය.
නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අනුරාධපුරය, වත්මන් අගනුවර වන ‍කොළඹ නගරයේ සිට කාලෝ මීටර් 205ක් පමණ උතුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔය අසබඩ පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්‍ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම් සිංහලේ අගනුවර වශයෙන් පැවතුනි. එම කාලය තුල දකුණු ආසියාවේ ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක් හා ජනජීවිතයක් පැවතුනි. එමෙන්ම එය ඉතා පොහොසත්, අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණි. දැනට වර්ග කිලෝමීටර 40කින් පමණ සමන්විත, විහාරාරාම විශාල ප්‍රමාණයකින් වලින් වටවුනු අනුරාධපුර ‍පෞරාණික නගරය බෞද්ධ ලෝකය තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක් ගනී. ලෝකයේ ප්‍රධානතම පුරා විද්‍යා ස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක. මෙම නගරය හින්දූන්ටද වැදගත් වන අතර රාමායණයේ සඳහන් අසුර වංශික රාවණා රජුගේ රාජධානියේ අගනුවර ලෙසද සැලකේ.
ක්‍රි.පු 4 වැනි සියවසේ ආරම්භ වී 11 වැනි සියවස දක්වා අනුරාධපුර රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුරය පැවතුනේය. මෙම මුළු කාලය තුල දකුණු ආසියාවේ දේශපාලන බලය හා නාගරික ජීවිතය සම්බන්ධයෙන් ගත් කළ වඩාත් ස්ථාවරව හා කල්පැවතුනු මධ්‍යස්ථානය ලෙස සැලකින. හතරැස් සැතපුම් 16 ක් පුරා පැතිරුණු නගරයකි.

         

අනුරාධපුරය නගරය

   

ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගය

ඓතිහාසික මූලාශ්‍රයන්හි සහන් වන පරිදි අනුරාධපුර නගරය අාරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂ්‍ය ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු ඇත්තේ මද වශෙයනි.
අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී ෙමම පුරවරෙය් පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අශ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලෙය්දී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් ඒ වටකොට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.
             

නටබුන්

අනුරාධපුරයේ නටබුන් ප්‍රධාන ලෙස වර්ග තුනකට බෙදේ, එනම්, දාගැබ්, විහාර මන්දිර සහ පොකුණු ලෙසය. දාගැබ් අඩි කිහිපයක සිට අඩි 1100 (340m) පමණ වට ප්‍රමාණය දක්වා විහිදෙන ආකාරයෙන් විවිධ ප්‍රමාණයෙන් දක්නට ලැබේ. සමහර දාගැබ් වැසියන් විසිපන්දහකට පමණ විසිය හැකි නගරයක් ඉදිකිරීමට යෙදවිය හැකි පෙදරේරු වැඩ වලින් යුක්ත වෙයි. ඔසවන ලද ශෛලමය වේදිකා මත හා ගල් කණු මත කෙර වූ විහාර මන්දිර සෑම දෙසකම දක්නට ලැබේ. මේ අතරින් ක්‍රි.පූ. 164 දී දුටු ගැමුණු මහරජතුමා විසින් කරන ලද ලෝවාමහාපාය මහත් පරසිඳුය. සෑම තැනකම පාහේ විසිර ඇති පොකුණු නෑමට සහ බීමට ජලය සැපයීමට ඉදි කොට තිබේ. ක්‍රි. පූ. 245 වසර තෙක් දිව යන ලොව දීර්ඝතම ලිඛිත අතීතයක් ඇති ජය ශ්‍රී මහා බෝධිය ද නගරයෙහි පිහිටා තිබේ.
   

අනුරාධපුරයේ නටඹුන්

පරිවාර බෝධීන් වහන්සේලාගේ ආරක්ෂාව මැද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
අභයගිරි දාගැබ.
කුට්ටම් පොකුණ.

අටමස්ථානය


No comments:

Post a Comment