වර්තමානයේ ලොව සියළු ක්ෂේත්රයන් හට විශාල බලපෑමක් එල්ල කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස "ISIS" සටන්කාමීන් හඳුන්වාදිය හැකි අතර, ඔවුන් විසින් ඉස්ලාමයට අයත් නොවන සංස්කෘතික උරුමයන් රැසක්, විනාශ කර ඇත. ඒවා අතර, ඉතා ශෝචනීය ලෙස බිඳවැටීමට ලක්වූ, ආගමික සිද්ධස්ථානයක් පිළිබඳ තතු මෙසේ ඉදිරිපත් කරමු.
ඉරාකයේ මෝසුල් නගරයේ පිහිටා තිබූ, "සෙන්ට් එලයිජා" ක්‍රිස්තියානි පූජකාරාමය, පසුගිය වසර අවසානයේ සිට, ත්‍රස්ත ප්‍රහාර වලට ලක්විය. මෙය ඉරාකයේ පැරණිතම ක්‍රිස්තියානි පූජකාරාමය වන අතර, වසර 1,400ක පමණ කාලයක් මෙහි වන්දනාමාන කටයුතු සිදුකර ඇත. විනාශ වීමට පෙර, මෙය වර්ග අඩි 27,000 ක් පමණවූ ගොඩනැගිල්ලක් වූ අතර, වෙන්කළ කුටි 26කින් සමන්විත වූ බලකොටුවක ආකාරයෙන් නිර්මාණය කොට තිබුණි. ඉරාකය තුළ සිටින ක්‍රිස්තු භක්තිකයන් හට කරන ලද අනතුරු ඇඟවීමක් ලෙස මෙම සිද්ධස්ථානය විනාශකල බව, බොහෝ දෙනාගේ මතයයි. ඉරාක ජාතික ක්‍රිස්තියානි පූජකවරයෙක් පවසන්නේ, "ISIS" සංවිධානය විසින් ඉරාකයේ ක්‍රිස්තියානි ඉතිහාසය ඉතා මිලේඡ්ච අයුරින් වනසා දැමූ බවයි.
කෙසේ හෝ පසුගිය දෙවසර තුළ, ඉරාකය හා සිරියාවේ විශාල වශයෙන් ව්‍යාප්තව පවතින මෙම ත්‍රස්තවාදී කණ්ඩායම විසින්, මිනිසුන් දහස් ගණනක් මරණයට පත්කළ අතර, ඉස්ලාමයේ අර්ථ දැක්වීමට පටහැනි සියළු දේ විනාශකරනු ලැබීය. ඒ අතර, විවිධ ආගම් හා ජාතීන් වලට අයත් ආගමික හා සංස්කෘතික ස්ථාන සියගණනක්වේ. නිනවේ, පැල්මයරා, හට්රා ප්‍රදේශ වලට අයත් වූ ස්ථානද ඒ අතර විය.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න:- http://www.theguardian.com/world/2016/jan/20/isis-has-destroyed-iraqs-oldest-christian-monastery-satellite-images-confirm
No comments:
Post a Comment