Saturday, February 27, 2016
තව දුරටත් එය "ලෝක උරුමයක්" නොවේ...
යම් රටක පවතින, ස්වාභාවික වටිනාකමකින් හෝ සංස්කෘතික වැදගත්කමකින් යුතු ස්ථානයක්, යුනෙස්කෝ සංවිධානයේ මඟින් "ලෝක උරුමයක්" ලෙස නම් කිරීම මඟින්, එම ස්ථානයට පමණක් නොව, අදාළ රටට ද විශාල කීර්තියක් හිමිවේ. එමඟින් ලොව සියළු දෙනාගේ අවධානය එම ස්ථානයට යොමු වන අතර, සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රටේ ආර්ථිකයට ද විශාල බලපෑමක් ඇතිවේ.
එහෙත් යම්හෙයකින් අදාළ ලෝක උරුම ස්ථානයේ වටිනාකමට හානියක් සිදුවේ නම්, එය යුනෙස්කෝව මඟින් "අවධානම් කළාපයේ ඇති ලෝක උරුම" ලැයිස්තුවට ඇතුළත් කරන අතර, ඉන් පසුවද ස්ථානයේ ආරක්ෂාව සඳහා අදාළ රජය ක්‍රියා නොකරන්නේනම්, එම ස්ථානයට "ලෝක උරුම" නාමය අහිමිවේ.
එලෙස ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කළ ස්ථාන ද්විත්වයකි.
අරාබි ඔරික්ස් සත්ව අභයභූමිය.- ඕමානය
මෙය ඕමානයේ පිහිටි, ඔරික්ස් නම් සත්ව විශේෂය සිටින අභයභූමියක් වන අතර, වර්ග කි.මී.27,500 ක ව්‍යාප්තව පවතියි. යුනෙස්කෝ සංවිධානය මඟින්, 1994 දී, ස්වාභාවික උරුම නිර්ණායක අංක (10) යටතේ මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. නීති විරෝධී ලෙස සතුන් දඩයම් කිරීම හේතුවෙන්, මෙහි සිටින ඔරික්ස් නම් මුව විශේෂය විනාශ වීමේ තර්ජනයට ලක්වූ අතර, මෙහි සංරක්ෂණ කටයුතු සඳහා රජයේ අනුග්‍රහය නොලැබීම හේතුවෙන්, මෙම අභයභූමිය අවධානම් කළාපයේ ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.
කෙසේ හෝ, මෙම භූමිය තුළ ඛණිජ තෙල් ඇති බව සොයාගත් පසු, රජයේ අවධානය යොමු වූයේ අභයභූමි සංරක්ෂණය සඳහා නොව ඛණිජ තෙල් ව්‍යාපෘතිය සඳහා වේ. මේ හේතුවෙන් ඔරික්ස් අභයභූමියේ වටිනාකම පිරිහීගිය බැවින් , 2007 වසරේදී යුනෙස්කෝව මඟින් මෙය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබීය.
ඩ්රිස්ඩන්හි එල්බ් නිම්නය. - ජර්මනිය.
යුරෝපය මධ්‍යයේ එල්බ් ගඟ ආශ්‍රිතව, කි.මී.20ක් පමණ ප්‍රදේශයක මෙය පැතිරී ඇත. එක් පසෙකින්වූ, ස්වාභාවික සුන්දරත්වයෙන් හෙබි ගං ඉවුරු පෙදෙසත්, තවත් පසෙකින්වූ, නාගරික පෙදෙසත්, ඉතාමත් ආකර්ෂණීය ලෙස එකට මුහුවීම තුළ, විචිත්‍ර වූ පරිසරයක් ගොඩනැගී තිබීම මෙහි සුවිශේෂීත්වය වේ.
2004 දී යුනෙස්කෝව මඟින්, සංස්කෘතික උරුම නිර්ණායක අංක (2,3,4,5) යටතේ මෙය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය. පසුකාලීනව, අදාළ රජය මඟින් නිම්නය දෙකඩ කරමින් පාළමක් ඉදිකිරීමේ ව්‍යපෘතියක් ආරම්භ කිරීම හේතුවෙන්, ඩ්රිස්ඩන්හි එල්බ් නිම්නයට, 2009 වසරේදී ලෝක උරුම නාමය අහිමිවිය.
මේ ලෙස දැනට ලෝක උරුම නාමය අහිමිවූ ස්ථාන හඳුන්වාදියහැකි අතර, ශ්‍රී ලංකාවේ පවතින ලෝක උරුම සඳහා මෙවන් වූ ශෝචනීය ඉරණමක් අත්වීමට ඉඩ නොදෙමින් ඒවා රැක ගැනීම, ලාංකිකයන්වන අපගේ වගකීමකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment