Monday, February 29, 2016
යුරෝපයෙන් හමුවූ අසාමාන්‍ය අභිචාර ක්‍රමයක්
උතුරු ජර්මනියේ බර්ලින් නගරයට සැතපුම් 50ක් දුරින් පිහිටි, රොකී කඳු වැටිය ආශ්‍රිතව ඇති, ග්‍රාමීය ප්‍රදේශයකින් වසර 7000ක් පමණ පැරණි, අසාමාන්‍ය ලෙස, සිරස්ව භූමදානය කර ඇති මළ සිරුරක අවශේෂ, සොයාගෙන ඇත. මෙය, වසර 8,500ක් තරම් පැරණිවූ, මෙසෝලිතික යුගයට අයත්, දැනට යුරෝපයේ පැරණිතම යැයි සැලකෙන සුසානභූමියක් ආශ්‍රිතව කළ පුරාවිද්‍යාත්මක කැණීමක් මඟින් අනාවරණය කරගනු ලැබීය.
සිරුරේ දණහිස පෙදෙස දක්වා, වැලි පිරවීමෙන් පොළව මතුපිට සිටගෙන සිටින ආකාරයෙන් මෙම භූමදානය සිදුකර ඇති අතර, උඩුකය ක්ෂය වීම සඳහා ඉතිරි කර ඇතිබවක් පෙනේ. පසුකාලීනව, සිරුර ක්ෂය වීමෙන් අනතුරුව, එය මැදිකර සොහොන් කොතක් තනා, මුද්‍රාතබා ඇත. පර්යේෂණ මගින් මෙය තරුණ මිනිසෙකුගේ අස්ථි අවශේෂ බව හඳුනාගෙන තිබේ.
මෙම භූමිය ආශ්‍රිතව, තවත් අස්ථි පද්ධති 9ක් සොයාගෙන ඇති අතර, වයස අවු.6 ට නොවැඩි කුඩා දරුවන් 5 දෙනෙකුගේ ද අවශේෂ ඒ අතර වේ. මෙහි එක් සිරුරක්, පපුව හරහා කතිර ආකාරයෙන් දෑත් තබාගත් ඉරියව්වකින් හඳුනා ගත හැක.
මෙම කැණීම , තෝමස් ටර්බජර් විසින් අධීක්ෂණය කර ඇති අතර, ඔහු පවසන්නේ, පැහැදිළිවම මෙය එකල තිබූ දඬුවම් ක්‍රමයක් නොවන බවයි. මෙය එකල මධ්‍යම යුරෝපයේ විසූ, දඩයම් ජීවිතයක් ගතකළ ස්වදේශිකයන්ට අයත්වූ අභිචාර ක්‍රමයක් විය හැකිබව ඔහු පවසයි. එහෙත් ඔහුට නිශ්චිත නිගමනයකට එළැඹිය නොහැකි වන්නේ, මෙවන් වූ අසාමාන්‍ය සොහොන් ගැබක් මීට පෙර මුළු යුරෝපයෙන්ම හමුවී නොමැති බැවිනි.
කෙසේ හෝ, ක්‍රි.පූ. 6400 සිට ක්‍රි.පූ. 500 දක්වා භාවිත කර ඇති සොහොන් බිමෙන් හමුවූ, මෙම පුරාවිද්‍යාත්මක අවශේෂ මඟින්, එකල මෙහි සිටි, ස්වදේශික යුරෝපීය ජනගහනය පිළිබඳ, වැඩිදුර අධ්‍යන කටයුතු සිදුවේ.
වැඩි විස්තර සඳහා:- http://news.discovery.com/history/archaeology/remains-found-of-7000-year-old-man-buried-upright-160216.htm
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment