Thursday, February 25, 2016
දියෙන් මතුවී දියෙහි කිමිදෙන ශ්රී ප්රිය බිම්බාරාම විහාරය
. ශ්රී ලංකාවේ හදවත බදු මද්ය්ම කදුකරයේ පාරිසරික මෙන්ම එතිහාසික වශයෙන් වැදගත් ප්රදේශයකි.එම ප්රදේශයේ කොත්මලය නැමති ස්ථානය බෙහෙවින් ප්රසිද්ධියට පත්ව ඇති අතර දුටුගැමුනු රජු පිළිබදව ගෙතී ඇති ජනප්රවාද මෙන්ම දළදා වහන්සේ පිළිබද ව තොරතුරු විමසා බැලීමේදී ද කතා බහට ලක් වේ.කොත්මලේ ජලාශය විවිද අංග ගිලගෙන තිබුනත් මෙහි ජලය අඩුවන කාලයේ අලංකාර විහාරස්ඨානයක් දැකගත හැකිය. එය ශ්රී ප්රිය බිම්බාරාම විහාරය ලෙස හැදින්වේ.මෙම විහාරයේ අද දැකගත හැකි වන්නේ බුදුගෙය පමණි.අනෙක් කොටස් ජලයට විනාශ වී නශ්ටාවශේශ ව තැන තැන විසිරී තිබෙනු දක්නටලැබේ.බුදුගෙය තුල ඉතා අලංකාර බුද්ධ රූපයක් හා ඒ වටා රැස් වළල්ලක් ද,දේව
විමානයක් ද පසුබිමේ නිර්මාණය කර තිබෙනු දැකගත හැක.ඉතිහාසය හැදැරීමේදී මෙම
ප්රදේශය වැදගත් වනවාසේ ම ස්වභාවිකපිහිටීම නිසා ද වැදගත් වේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment