සේද මාවත ආශ්‍රිතව, පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුකරමින් සිටි, බ්‍රිතාන්‍ය හා චීන ගවේෂකයන් පිරිසක් විසින්, වසර 2,100 ට පෙර චීනය පාලනය කල, "හන්" රාජවන්ශයේ , සිව්වන අධිරාජ්‍යයා වන "ලියු ක්වි" (ක්‍රි.පූ. 188-141) ගේ සොහොන් ගැබෙන් මෙම තේ අවශේෂ සොයාගන්නා ලදි.
"තේ" සම්බ්න්ධව ඇති, පැරණිතම ලිඛිත මූලාශ්‍රය අයත් වන්නේ, ක්‍රි.පු.59 ට වේ. මීට පෙර හමුවූ, පැරණිතම යැයි සැලකූ අවශේෂ, ක්‍රි.ව. 960-1,127 කාලයට අයත් වේ.
මෙම සාධක, පෙර අවස්තාවකදී "ටිබෙට් දේශයෙන් " හමුවූ, පුරාවිද්‍යාත්මක අවශේෂ සමග සමාන බවක් පෙන්වූ අතර, ටිබෙට් සානුව ආශ්‍රිතව තේ ශාකය වගා කළ නොහැකි බැවින්, සේද මාවතේ එක් ශාඛාවක් ටිබෙටය හරහා වැටී තිබුනු බවත්, චීනයේ සිට ටිබෙටය හරහා මධ්‍යම ආසියාවට සේද මාවත ඔස්සේ, රෙදිපිළි පමණක් නොව, "තේ" ද ප්‍රවාහනය කර ඇති බවත්, ගවේෂකයන්ගේ මූලිකම නිගමනය විය.
මෙම සුවිශේෂී වූ පුරාවිද්‍යාත්මක සොයාගැනීම, ලෝක ඉතිහාසයේ සමාජීය, ආර්ථික, හා දේශපාලනික පැතිකඩයන් කෙරෙහි විශාල බලපෑමක් එල්ල කර ඇත.
වැඩි විස්තර සදහා පිවිසෙන්න- http://news.discovery.com/history/archaeology/worlds-oldest-tea-found-in-chinese-emperors-tomb-160129.htm
No comments:
Post a Comment