රෝමියෝ ජුලියට්, වැනීසියේ වෙළෙන්ඳා, ජුලියස් සීසර්, හැම්ලට් ආදී, විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ රැසක් ලොවට දායාද කළ, විලියම් ශේක්ස්පියර් නම්, මහා කලාකරුවාණන්ගේ 400 වැනි ගුණ සැමරුම හේතුවෙන්, ලන්ඩනයේ "කින්ග්ස්" පාසැල විසින් සංවිධානය කරනු ලබු, ප්‍රදර්ශනයකදී, විලියම් ශේක්ස්පියර්ගේ අවසන් කැමති පත්‍රයේ ඇති අත්සන ඇතුළුව, දැනට ඉතිරිව ඇති ඔහුගේම අත්සන් 6ක් ලොවට නිරාවරණය කෙරිණි.
අවසන් කැමති පත්‍රයේ ඇති අත්සන, ඔහුගේ මරණයට සති කිහිපයකට පෙර , එනම් , 1616 අප්‍රියෙල් මසට අයත් වන අතර, පිටු තුනකින් යුත් අවසන් කැමති පත්‍රය අවසානයේ, "By me william shakespeare" යනුවෙන් සඳහන් ව තිබේ. මෙම ලියවිල්ල උපත්, විවාහ හා මරණ ලියකියවිලි හා සහතික තැන්පත් කර තිබූ "Somerset House" හි මීට පෙර තැන්පත් කර තිබූ අතර වර්තමානයේ එය "කිවු හි ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර ඇත.
මෙහි සඳහන් කරුණු අනුව, ශේක්ස්පියර් විසින් තම එකම පුත්‍රයා වූ "හැම්නට්" ගේ වියෝවෙන් පසු, ජුඩිත් හා සුසන්නා යන තම දියණියන් ගැන නොසලකා, තම උරුමය මුණුපුරන් තිදෙනාට දායාද කොට ඇත. තම පරපුර මුණුපුරන් විසින් ඉදිරියට ගෙනියතැයි ශේක්ස්පියර් සිතුවත්, ඔහුගේ මරණයෙන් පසු, එක් මුණුපුරෙක්, කුඩා කලදීම මියගිය අතර අනෙක් දෙදෙනාම දරුවන් නොමැතිව දිවි ගෙවීය.
කෙසේ හෝ, අතීතයේ සිටි ලෝකප්‍රකට කලාකාමී මිනිසෙකු හා සම්බන්ධ වූ, වර්තමාන සංස්කෘතික උරුමයක් ලෙස හඳින්විය හැකි, මෙම "අත්සන" සහිත ලියවිල්ල, වසර 400කට පසු වුවද, ලෝක සාහිත්‍යය තුළ "විලියම් ශේක්ස්පියර්" නාමය සදා අමරණීය බව අපට පසක් කර දෙයි.
වැඩි විස්තර සඳහා:-http://www.theguardian.com/culture/2016/feb/02/william-shakespeares-will-featuring-his-last-signatures-goes-on-show
No comments:
Post a Comment