Wednesday, February 24, 2016

ප්‍රාග් ඓතිහාසික මානවයා විසූ කුරුවිට බටදොඹලෙන

                       ප්‍රාග් ඓතිහාසික මානවයා විසූ කුරුවිට බටදොඹලෙන


          සබරගමුව පළාතේ මධ්‍ය කදුකරයෙන් බටහිර හා නිරිත දිගට දිශානුගතව ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වළදුර ග්‍රාමයට අයත්ව පිහිටා ඇති කුරුවිට බටදොඹලෙන රත්නපුර බේසම නමින් භූ විද්‍යාත්මකව හදුන්වන සානුවට මුහුණලා ඇති උස් කදු පන්තියක දකුණු දිශාවට බරව පිහිටා ඇත. විශාල ගල් කුලක ස්වභාවිකව සැකසුන මේ ලෙන් පියස්ස එකල විසූ ප්‍රාග් ඓතිහාසික මානවයාට අයත්ව තිබූ බවට පිළිගැනේ. 

                  වත්මන් සොයාගැනීම් අනුව මීට වසර මිලියන ගණනකට පෙරාතුව මේ පෘථිවි තලය තුළ සුවිශේෂ වෙනස්කමක් සිදු වූ බව පැවසේ. ඒ මිහිමත සිටි සත්ත්ව විශේෂයන් අතරින් එක් වානර විශේෂයක් මානව සංස්කෘතියට මූල බීජය සැකසීමය. එලෙස සුවිශේෂ හැකියාවන් ඉස්මතු කරමින්, වසර ගණනාවක් පුරා පරිණාමය වෙමින් පැවති ලාංකීය නවීන මානවයාගේ අවශේෂ රැදි නිවහනක් ලෙස පුරාවිද්‍යාඥයන් විසින් කුරුවිට බටදොඹලෙන හදුනාගෙන ඇත. ඒ පිළිබදව අනාවරණය කරගැනීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් ප්‍රාග් ඓතිහාසික අධ්‍යනයන් වැඩි ප්‍රමාණයක් කර ඇත්තේ ආචාර්ය ශිරාන් දැරණියගල මහතා හා ආචාර්ය නිමල් පෙරේරා යන පුද්ගලයන්ය. ඒ අනුව මේ ආශ්‍රිතව විවිධ පර්යේෂණ කටයුතු සිදුකොට ඇති අතර පුරාවිද්‍යාත්මක ලෝකයේ දැනට භාවිත කරන අති නවීන පර්යේෂණයන් සියල්ලකටම පාහේ කුරුවිට බටදොඹලෙනෙහි පස් තැන්පතු භාජනය වී ඇත. බොහෝ කාලාන්තරයක් පුරා තැන්පත් වූ මේ පස් ස්තරයන් සියුම් ලෙස කැණීම් කර අධ්‍යනයට ලක්කර එකල විසූවන්ගේ අතීතය පිළිබදව විමසීමේ ප්‍රතිඵලයක් ලෙස අදින් වසර 38000-9500 අතර දින වකවානු රැසක් සොයාගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත. 

                   ඒ අනුව මේ පිළිබදව මෙතෙක් සිදුකර ඇති එම පර්යේෂණ කැණීම් මඟින් විශාල පුරාවිද්‍යාත්මක සාධක ප්‍රමාණයක් හදුනාගැනීමට හැකි වී තිබේ. ඒ් අතරින් බටදොඹලෙනින් හමුවන මානව කොටස් දැනට ව්‍යවහාරයේ පවතින "බලංගොඩ මානවයා" නමින් හදුන්වන "Homo Sapian Sapian Balangodieses" මානව යුගයට අයත් බව හෙළිකරගෙන අැත. මෙම මානවයාගේ පවුල් ඒ්කක න්‍යෂ්ටික පවුල්, නැතහොත් ඒ්කල පවුල් රටාවක් පිළිබිඹු කර අැති බවක් පෙන්වා දී තිබේ. ඒමෙන්ම කලින් කලට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණික ලක්ෂණ ද දඩයම් කිරීම, ද්‍රව්‍ය රැස් කිරීම අරමුණු කරගෙන ජීවනෝපාය ද හැඩගස්වාගෙන අැත. සමස්තයක් ලෙස ගත්කල මෙම මානවයන් "ඔිස්ට්‍රලොයිඩ් වැදි" ලක්ෂණයන්ට සමාන බව ප්‍රාග් විශේෂඥයන්ගේ මතයයි. 

                    
                බටදොඹලෙන සකස් වී අැති ගල් පියස්ස අභ්‍යන්තරය වර්ග මීටර් 200කට අාසන්න විශාල වපසරියක් තිබීමෙන් නියත වශයෙන්ම න්‍යෂ්ටික පවුල් දෙකක්වත් රැදෙන්නට අැතැයි විශ්වාස කෙරේ. ඔිනෑම මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයන් ලෙසින් හදුනාගන්නා අාහාර, ජලය, වාසස්ථාන යන කරුණු මෙම ප්‍රදේශය අාශ්‍රිතව රිසිසේ තිබීම ප්‍රාග් ඒෙතිහාසික මානවයාගේ ජනාවාසකරණයට අඩිතාලම වන්නට අැතැයි සලකයි. 



                     බටදොඹලෙන කැණීමෙන් අදින් වසර 38000කට ඒපිට සිට අද දක්වාම අධ්‍යනය කරන ලද පස් ස්තර සියල්ලෙහිම ඔවුන් විසින් අාහාරයට ගන්නට අැතැයි සැලකෙන "අකාවුස් පීනිස් හා අකාවුස් පොස්පරස්" නම් ගස් ගොලුබෙලි විශේෂයන් හමුව අැත. ඒ් අනුව ඒම ගොලුබෙලි වර්ග දෙකම අද ද ඒම ප්‍රදේශවල ජීවත් වේ. ඒමෙන්ම කැකුණ, අැටිකෙහෙල්, බැදිදෙල් නොහොත් වල්දෙල් අාදිය ද ඒම ප්‍රදේශ තුළ දැකගත හැකිය. ලංකාවේ තෙත් කලාපයේ හා මධ්‍යම කදුකරයේ හමුවන හබන් කුකුලාගේ පාෂාණිභූත අස්ථි කැබලි මගින් ද තහවුරු වී අැත්තේ ඒම පරිසර කලාපයන්ගේ දැඩි වෙනසක් මේ දක්වා සිදු නොවු බවකි. මේ සියලු තොරතුරු මගින් පැහැදිලි වන්නේ පහතරට තෙත් කලාපයේ අදින් වසර 35000 වැනි පරාසයක සිට තිබූ දේශගුණ හා පරිසර තත්ත්වයන් අද තත්ත්වයට බොහෝ සමීපතාවක් දක්වන බවය. 

                      මෙහි ජීවත් වූ මානවයන්ගේ ප්‍රධාන අාහාර රටාව තුළ ශාක හා මාංශමය යන කොටස් දෙකෙහි සම්මිශ්‍රණයක් පැවති බවට ශේෂව අැති සාධක මගින් සාක්ෂි සපයනු ලැබේ. ඒලෙස සපයාගත් ශාකමය අාහාර අතරට බැදිදෙල්, අැටිකෙහෙල්, කටුඅල, වැල්අල අාදී අල වර්ග හා කිතුල්, දෝතළු හා වෙනත් අල වර්ග ද වීර, පලු, මාදං, දොඹ, මොර වැනි පළතුරු ද ඒක්කරගෙන අැත. මාංශමය අාහාර අතර විවිධ උරග සතුන්, මීයන්, කුඩා බෙල්ලන්, අලි පැටව්, කුළු මී හරකා, මුගටියා, වදුරා අාදිය අාහාරයට ගෙන අැති බවක් මතුකරගත් ශේෂයන්ගේ විශ්ලේෂණවලින් පැහැදිලි වේ. 

                        මොවුන් විවිධ අවධීන්හි අාහාර පුළුස්සාගෙන කෑමට හා වෙනත් අවශ්‍යතා සදහා ගින්දර භාවිත කළ බවට සාධක, අඟුරු ස්තර හමුවීමෙන් පැහැදිලි වී අැත. කලපු බෙල්ලන් යම් යම් පස් ස්තරවලින් හමුවීම ඒකල කදුකර ප්‍රදේශ හරහා මුහුදුබඩ දක්වා සංචරණයේ යෙදුන බවට සාධකයකි. මුහුදුකරයෙන් ලබාගත හැකි මාළු, සිප්පි කටු, බෙල්ලන් අාදිය ද රැගෙන අා බවට සාධක කැණීම් මගින් තහවුරු කරගෙන අැත. ඒ් අනුව භාණ්ඩ හුවමාරු ක්‍රමවේදයේ අාරම්භකයා ප්‍රාග් ඒෙතිහාසික මානවයා බවට හදුනාගෙන අැත. 

                 කැණීම් මගින් අනාවරණය කරගත් බටදොඹලෙනෙහි බලංගොඩ මානවයාගේ අස්ථි විශ්ලේෂණයට ප්‍රමාණවත් නොවන අයුරින් කැබලි වී තිබී අැත. කාබන් 14 කාල නිර්ණයානුකූලව අදින් වසර 16000කට දින වකවානු ලැබී තිබේ. ප්‍රාග් ඒෙතිහාසික මානවයා විසින් තම වාසස්ථානය තුළම මළවුන් තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන ගිය බවට මෙතෙක් සිදුකර අැති පර්යේෂණයන්ගෙන් හෙලිදරව් වේ. මේ අනුව වැළලීම් කරන්නට අැත්තේ ලෙන් අභ්‍යන්තර බිම යාන්තම් ගැඹුරට පාදා නොගැඹුරු වලක බවට උපකල්පනය කරයි. අැටසැකිල්ල හෝ ඒහි අස්ථි කොටස් ඒහි හකුළුවා දමා සුන්බුන්වලින් වැසීමෙන් මෙම අභිචාරයන් පවත්වා අැත. මොවුන් මළවුන් වැළලූ ක්‍රම දෙකකි. ඒක් අවස්ථාවක් වන්නේ මියගිය ස්ථානයේම වළලා දැමීමය. අනෙක් අවස්ථාව නම් යමෙකු මියගිය පසු ලෙනට අාසන්න දුරක ඒළිමහන් භූමියේ මස් දියවනතුරු තබා පසුව ගෙනවිත් වළ දැමීමය. ඔවුන්ගේ අාහාර සදහා යොදාගත් ද්‍රව්‍යයන්ගේ ඉතිරි වූ කැබලි, අළු, අඟුරු, සත්ත්ව අැටකටු, ගල් කැබලි හා වෙනත් කසල සමඟ මිශ්‍ර්‍රිතව මෙම අැට කැබලි බොහෝමයක් හමුව අැත. 



                           ඒ් අනුව ප්‍රාග් ඒෙතිහාසික යුගය හා ප්‍රාග් ඒෙතිහාසික මානවයා පිළිබදව තොරතුරු ගණනාවක් හෙලිදරව් කරන කුරුවිට බටදොඹලෙන ජාතික උරුම බිම්කඩක් ලෙස සුරැකිය යුතු වටිනා ස්ථානයක් ලෙස සැලකිය හැකිය.

                        

No comments:

Post a Comment