Thursday, February 25, 2016

කටාරංගල පුදබිමෙහි ඓතිහාසික පසුබිම


                 අනුරාධපුර යුගයට අයත් ඓතිහාසික පුදබිමක් ඇති මේ විහාරස්ථානය කෑගල්ල දිස්ත්‍රීක්කයේ ඇති විශාලතම මෙන්ම එකම කටාරමක් සහිත පුදබිමයි. උස් බිමක පිහිටා තිබෙන කටාරංගල රජමහ විහාරය යුගයන් දෙකකට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයකි. බුලත් කොහුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙය පාෂාණ උද්ගත මගින් නිර්මාණය වූවකි. කෑගල්ල දිස්ත්‍රීක්කයේ පිහිටි එකම විශාලම කටාරමක් සහිත පුදබිම මෙය වන අතර කටාරංවලට අමතරව ආරක්ෂාවට යොදාගත් ගල් උගුලක්ද, විනාශ වී ඇති ශිලා ලේඛනද, අදටත් දක්නට ලැබේ. මෙය අනුරාධපුර යුගයේ විසූ රජ කෙනෙකුගේ වාසස්ථානය මෙන්ම ආරක්ෂිත බලකොටුවක්ද වෙයි. මේ අනුව මෙම ස්ථානය අනුරාධපුර යුගයට අයත් වූ බලවත් රජකු වශයෙන් සලකන වලගම්බා රජුගේ වාසස්ථානය වූ බවට සාධක පවතින අතර වලගම්බා රජතුමා ඔහු වෙත පැමිණි ආක්‍රමණවලදී මෙහි සැගව සිට ඇත. එම රජු තම ආරක්ෂාව සදහා මේ ස්ථානයේ ගල් උගුලක් නිර්මාණය කර ඇති අතර හදිසි ආක්‍රමණවලදී පැනයාමට ඉදිකල රහස් මාර්ගයක් ද දක්නට ලැබේ. එමෙන්ම මෙම ස්ථානය මීට වසර 23000ට ඒහාදී ආදිවාසීන් වාසය කළ තැනකි. ඔවුන් භාවිතය සදහා යොදාගත් ගල් මෙවලම් හමුවීම තුළින් ඒ බව පසක් කරයි. වලගම්බා රජතුමා මෙම ස්ථානයේ වාසය කරන සමයෙහි මෙම ස්ථානය තුළ විශාල ගලෙහි සැතපෙන  බුදු පිලිමයක් නෙලීම ආරම්භ කර ඇතත් වලගම්භා රජ මුහුණ පෑ යුධ ගැටුම් හමුවේ එය අතරමග නතර කිරීමට සිදුව ඇත. 

                      1815 දී බ්‍රිතාන්‍ය ජාතීන්ගේ ග්‍රහණයට හසුවුනු මෙම ප්‍රදේශය බොහෝ සේ විනාශ වී ගොස් අැත. මේ කාල සීමාවේ දී සුදු ජාතිකයන් විසින් වලගම්බා රජු  මෙහි විශාල වශයෙන් තැන්පත් කර තිබු නිදන් වස්තු කොල්ල කා අැත. 

               වර්තමානයේ අක්කර ඒක හමාරක පමණ වපසරියක් තුළ පිහිටි මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් බවට ප්‍රකාශයට පත් කර අැත. මෙම විහාරස්ථානය පිළිබද ලියැවුණු පැරණි ග්‍රන්ථ අාදිය අැති මුත් ඒ්වා මෙහි විසූ භික්ෂූන් අතින් ගිලිහි ගොස් අැත. පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්ව තිබෙන මෙම විහාරස්ථානයේ නව ඉදිකිරීම් සියල්ල වර්තමානය වන විට අත්හිටුවා අැත. කෙසේ වුවත් මෙය ඒෙතිහාසික වශයෙන් වැදගත් වන රජ මහ විහාරයකි.





No comments:

Post a Comment