නිර්මාණාත්මක බව කිසිසේත්ම කුඩා කොට සැලකිය නොහැක. අමිබලම ඉදිකොට ඇත්තේ රමණීය තැනකය.තෙවන විජයබාහු රජතුමාගේ කාලයේදී දඹදෙණිය යාපහුව හරහා අනුරාධපුරයෙන් පොළොකුරුණෑගල මීගමුව පාරේ මැටිගනේ පාසල් හංදියෙන් දකුණට හැරි කි:මි 1ක් පමණ දුර ගමන් කල විට පනාවිටිය අබලම හමු වෙි. දුර බැහැර යන්නන් සදහා තාවකාලික නවාතැනක් වූ පනාවිටිය අමිබලම ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු සංදිස්ථානයකි. මෙම ගොඩනැගිල්ල කුඩා ඉදිකිරිමකි. නමුත් කැටයමිවල ර්මාණාත්මක බව කිසිසේත්ම කුඩා කොට සැලකිය නොහැක. අමිබලම ඉදිකොට ඇත්තේ රමණීය තැනකය.
තෙවන විජයබාහු රජතුමාගේ කාලයේදී දඹදෙණිය යාපහුව හරහා අනුරාධපුරයෙන් පොළොන්නරුවට ලගා වීමට එවකට තිබු පාරේ ගවිවෙන් ගවිවට අමිබලමි තිබු බව කියවෙි. පනාවිටිය අමිබලමද එවැන්නකි. මෙතැනට ගිය විට අවට පරිසරය සිත් ගනි. ඉදිරිපසින් රමණීය කුඹුරු යායකි. පිටුපසින් පොල්රුප්පාවක් සහ තුරු වදුලකි. අමිබලම ඉදි කොට ඇත්තේ ටැමිපිට විහාරවල මෙන් කලුගලින් නෙළා බිම සිටුවන ලද කුලුනු මත හේත්තු වද්දන ලද දැවයෙන් සැකසු දැවැන්ත හතරැස් බාල්ක වලිනි. දිග් අතට හා හරස් අතට එම දැව කදන් හේත්තු වද්දා සවිකොට ඇත. මෙිවා මත මගීන්ට සුව පහසුවෙන් වාඩිවීමට හා නිදා ගැනිමට පුලුවන. ගල්කණු යොදා ඒ මත දැව බාල්ක යොදා ඇත්තේ දැව කණු වෙියන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විය හැකිය. පේළියකට කුලුණු 6 බැගින් දෙපැත්තේ කුලුණු පේළි 2කි දොරටුව ඉදිරියේ ඇති කුලුණු දෙක අනුව යමින් ඇතුළතින් ද කුලුණු පේළි දෙකක් ඇත. මෙම සෑම කුලුණකම පහත සිට ඉහළට එළියට පනින හා ඇතුළට නැමුණු බොර දමි වැනි හැඩයක් කපා ඇත. මෙිවා ඇමිබැක්ක දේවාලයේ කැටයමිවලට සමාන බවක් පෙන්වයි. බෝහෝ විට ඇමිබැක්ක දේවාලයේ කැටයමි ශිල්පියාම හෝ ඔහුගේ පරපුරේ ශිල්පියකු මෙිවා කරන්නට ඇතැයි සිතිය හැකිය.
කැටයමි අතර නළගන රූප, කරනමි කාරයින්, සිංහයා, හංස පුටිටු, සරපෙන්දියා වැනි රූප වෙි. කැටයමි යේදු සෑම සැරසිල්ලක් සහිත පනේල වටාම අරිමිබුව, ගල් බිංදුව වැනි සැරසිල්ලක් යොදා ඇත. කුලුණුවල එල්ලෙන නෙලුමි මල් හතරක් කුලුණු හිස්වල සතර පැත්තට යොදා ඇත.මහනුවර මගුල් මඩුව හා ඇමිබැක්ක දේවාලයේ කැටයමි කුලුණු සිහි ගන්වයි. පනාවිටිය අමිබලමෙි කැටයමි ශිල්පියා නිවැරදිව කිව නොහැකි වන නමුත් මෙම කැටයමි දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ කරන්නට ඇතැයි සැලකේ.
No comments:
Post a Comment