පොළොන්නරුව පෞරාණික නගරයේ දැකගත හැකි තිවංක පිළිම ගෙය මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවූ ජේතවනාරාමයට අයත් විහාර මන්දියක් බව ප්‍රකාශ වේ.විහාර මන්දිරය තුල දැකගත හැකි දැවැන්ත බුද්ධ ප්‍රථිමාව තුන් තැනකින් වක්‍රවූ ආකාරයට නිමවා ඇති බැවින් මෙයට තිවංක යන නාමය ලැබුණු බව පැහැදිලි වේ.
ඇතුලත වූ දොළොස්වන සියවසට අයත් වටිනා බිතුසිතුවම් නිසාවෙන් මෙම ප්‍රථිමා මන්දිරය වඩාත් ජනප්‍රියත්වයට පත්වී තිබේ. ජාතක කතා හා බුද්ධ චරිතයේ ඇතැම් සිදුවීම් අළලා මෙම බිතු සිතුවම් නිර්මාණය වී ඇත. තිවංක පිළිමගෙය, ලංකාතිලක සහ ථූපාරාමය මෙන්ම ගෙඩිගේ ඉදිකිරීම් සම්ප්‍රදායට අයත් පිළිමගෙයක් සේ සැළකේ. එහි ගඩොල් පියස්සේ කොටසක්, ගොඩනැගිල්ලට දකුණු පෙදෙසේ ශේෂව පවතී.

ගොඩනැගිල්ලෙහි පිටත බිත්තිහී දැකගත හැකි දේව රූප සහිත විමාන හා විවිධ ඉරියව්වලින් යුතු වාමන රූප උසස් කලා කෘති සේ සැළකේ.
ගොඩනැගිල්ලෙහි පිටත බිත්තිහී දැකගත හැකි දේව රූප සහිත විමාන හා විවිධ ඉරියව්වලින් යුතු වාමන රූප උසස් කලා කෘති සේ සැළකේ.
No comments:
Post a Comment