දැනට වසර 7500කට පමණ පෙර රාවණ යුගයේ
ලොව ඉතාම උසස් ශිෂ්ටාචාරයක් ගොඩනැගූ ශ්‍රී ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන් ලොව පුරා විවිධ
රටවල සංචාරය කරමින්, ඔවුන්ගේ විද්‍යාව
හා තාක්ෂණය බෙදා දෙමින්, රටවල් සොයා
ගනිමින් ලොවට විශාල සේවයක් කර ඇති බව, පුරාණ ග්රන්ථයන්ගෙන් හා පර්යේෂණ වලින් සනාථ වී ඇත. මින්
හෙළිවන කරුණු අනුව, ලෝකයේ මුලින්ම
රටවල් සොයාගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ බටහිර ජාතීන්ට නොව ලාංකීය සිංහල ජනතාවටයි.
එවැනි විදෙස් නිමැවුම් අතර සිංගප්පූරුවේ කර්මාන්ත සඳහා උපදෙස් සහ සහය ලබාගැනීමට,
ලාංකීය ඉංජිනේරුවන්
පස්දෙනෙකු ඉල්ලා ඇති බව එරට ඉතිහාසයේ පවා සඳහන් වී ඇත. රාවණ රජුගේ ඥාතී වන දනුබ්
කුමරු රමණිය ( රොමානියා ) රට ජනාවාස කර එරට දනුබ් (ඩැනියුබ්) ගඟ හරහා අමුණක් බැඳ
ඇති බව ස්කන්ධ පුරාණයේ සඳහන් වේ.
එමෙන්ම හෙන්රි පාකර් මහතා පවසන පරිදි, ඉන්දියාවේ කාශ්මීරයේ
රජු, ක්‍රි.ව. 8වැනි සියවසයේදී ලංකාවේ
වාරි ඉංජිනේරුවන්ගේ සහය ලත් බවත්, අපේ ශිල්පීන් එහිගිය බවත් සඳහන් කර ඇත. බැබිලෝනියානු
ශිෂ්ටාචාරය ගොඩනැගීමට උපදෙස් දී ඇත්තේ ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බව
කියවෙන මැටිපුවරු 1996 දී සොයාගෙන
ඇත. මේ අනුව, ලොව පළමු
ගුවන් යානයක් නිපදවීමේ හා ගුවනින් යාමේ ගෞරවය හිමිවිය යුත්තේ ලාංකීකයන්ටය.
කුවේර
ඇතුළු හෙළයන් ඇමරිකාවේ ඉන්කා ශිෂ්ටාචාරය ගොඩනගා ඇතිබව ග්‍රීක ඉතිහාස ග්රන්ථ වල
සඳහන් වන අතර එම රටේ ඇති බහිරව රූප වලින් හා ලාහුගලින් හමවූ ගල් අමුණට සමාන අමුණක්
මේ ශිෂ්ටාචාරෙන් හමුවීමෙන්, මේ බව සනාථවේ.
මේ අනුව එදා ශ්‍රී ලංකාවේ විසූ සමෘදිමත් හෙළයන් සමස්ථ ලෝකයේ ශිෂ්ටාචාරයන්
ඇතිකිරීමට කටයුතු කර ඇති බව පැහදිලි වේ.
රාවණ රජතුමාට රටවල් 10ක් අයත්ව තිබී ඇති අතර
, මේ හේතුවෙන්
"දස ශීර්ෂ " යන විරුද නාමය ඔහුට ලැබුනු බව, සමහරෙකුගේ මතයයි. ඉන්දියාවේ දණ්ඩකාරාන්ය ද
එතුමාට අයත්ව තිබුන හෙයින් ද එය 2002 දී මුහුදු පතුලේ තිබී සොයාගැනීමෙන්ද රාවණ රජුගේ කාලය
වසර 10,000 ක් තරම්
පැරණි බව සනථ වේ.
රාවණ රජතුමාගේ කාලයත්, බලංගොඩ මානවයාගේ හා එම මානවයා සොයාගත්
කළාපයෙන් මතුවූ, ඓතිහාසික
සාක්ෂි වල කාල නීර්ණයන් ගත්විට ලොව ප්‍රථම ආර්ය පවුල ජනිත වූයේ ශ්‍රී ලංකාවෙන් බව
සිතිය හැකිය.
ඉහත සඳහන්
කරුණු අනුව, දැනට පවත්නා
ඉතිහාසගත තොරතුරු වල ආරම්භය වන විජයාවතරණයට පෙර, ලෝ පුරා තම අණසක පතුරාගෙන සිටි, දියුණු ශිෂ්ටාචාරයක්
ලක්දිව තුළ පැවති බව සනාථවේ.
No comments:
Post a Comment