ශ්‍රි ලංකාවේ මෙතෙක් හමු වි අැති ලෝකඩින් නිම වු හිටි බුද් ප්‍රතිමා අතුරෙන් විශිෂ්ටතම නිර්මාණයක් ලෙස වෙහෙරගල පළාතේ සිරිසගබෝ පුරාණ විහාරස්ථානයේ කළ කැණිමකින් මේ පිළිම වහන්සේ හමු වී අැත. එහි උස සෙ.මී 66කි. ක්‍රි.ව 9 වෙනි සියවසට අයත් බුද්ධ ප්‍රතිමාවක් ලෙස දැනට හදුනාගෙන අැත. ගල් වලින් නිර්මාණය කළ තරමට බුදුන් වහන්සේගෙ ආධ්‍යාත්මික ගුණාංග ලෝහ මුර්ති මගින් ද එළි දැක්වීය. ප්‍රතිමාව නිර්මාණය කිරිමෙන් පසුව ඒ මත රන් අාලේප කර තිබේ.මෙහි ඉතාමත් වැදගත් ලක්ෂණය වන්නේ ප්‍රතිමාවේ දෙ අැස් වලට පලිගු ඔබ්බවා තිබිමයි. දකුණතින් අභය මුද්‍රාව දරන අතර වම් අතින් සිවුරු කොන දරා සිටිනු පෙනේ. වම් උරහිස විවෘතව පවතින අතර දකුනු උරහිස මුලුමනින්ම අාවරනය වි පවති.ඉතා මටසිලුටු ලෙස නිම වු සිවුරේ රැලි සමාන්තර ස්වරුපයක් ගන්නා අතර ගෙල රැලි තුනක් දිස් වේ. සමස්ත ලෝකය දෙස කරුණා ඇසින් බලා වදාරන බුදුන් වහන්සේගෙ ශාන්ත ගුණය මැනවින් පිළිඹිමු වන ලෙස මේ පිළිමය නිමවා තිබේ. මේ ප්‍රතිමාවේ තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ සමබරතාවයි.බුදුන් වහන්සේගේ මෙත් කරුණා පිරි දෙ අැස් එයට සරිලන නාසය , අක්බඹරු හිසකෙස් යනාදි මේ සියලුම අංග එකිනෙකට සමබරය.
No comments:
Post a Comment