1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් විය. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකිර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගනණකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් විය. ටජ්මහල ඉදිකිරීමේදි අධිරජ්‍යාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ඒ අතරින් "අබ්-උල්-කරීම්", "මාමුර්-ඛාන්", "මක්‍රමත්-ඛාන්" හා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී "උස්ටාඩ්-අහමඩ්-ලහාවුරි" විශේෂ වේ.
ඉතිහාසය
ටජ්මහල සාදා නිමවනවාත් සමඟම "ෂා-ජෙහාන්' රජුගේ පුතෙකු වන "අවුරන්ග්සෙබ්" විසින් රජුව රජකමින් පහ කොට අග්‍රා කොටුව අසල බිම් ගෙයක සිරකොට තබා ඇත. රජුගේ මරණින් පසුව පුතා විසින් රජුගේ දේහය දේවියගේ සොහොන් ගැබට පසෙකින් තැන්පත් කරවීය.
19 සියවසෙහි අග භාගය වනවිට ගොඩනැඟිලි සංකීර්ණය ජරාවාස විය. 1857 ඉන්දියානු කැරැල්ලේදී මෙම මන්දිරයට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් හා රජයේ නිලධාරින් විසින් හානි සිදුකරන ලදී. ඔබ්බවා තිබු වටිනා මැණික් වර්ග බිත්ති වලට හානි කර ගලවා ගන්නා ලදී. 19 වන සියවසේ අග භාගයේදි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර "සර් කර්සන්" විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. 1908 දී ප්‍රතිසංස්කරණ කටයුතු නිමාවිය. ඔහුගේ නියමයන්ට අනුව කයිරෝහි ඉස්ලාම් දේවස්ථානයේ ඇති විශාල ලාම්පුවෙහි ආකාරයට ඇතුලත කුටීරයෙහි ලාම්පුවක් ඉදිකර ඇති අතර උද්‍යානය බ්‍රිතාන්‍ය උද්‍යාන අලංකරණ ශෛලයට අනුව ප්‍රතිසංස්කරණය සිදුවිය.
ඇතුලත අලංකරණය
ටජ්මහලේ ඇතුලත අලංකරණය සාම්ප්‍රධායික නිර්මාණ වලින් ඔබ්බට ගොස් ඇත. මෙහි ඔබ්බවන ලද ගල් කැටයම් "පෙයිට්‍රා ඩුරා" ආකාර නොගනී. ඇතුලත කුටීරය සෑම පැත්තකින්ම ඇතුලුවිය හැකි අෂ්ටාස්‍ර හැඩ ගනී. නමුත් දකුණු දිශාවේ දොර පමණක් භාවිතා වේ. ඇතුලත බිත්ති මිටර් 25(අඩි 82) පමණ උස වන අතර ඒවා ව්‍යාජ බුබ්බුලාකාරයකින් අවසන් කර ඇත. ආරුක්කු 8 කින් පහත මාලය සමන්විත වන අතර මේවා පිටත සමඟ සම්බන්ධ වී වැඩි ඉඩකඩක් ලබා දී ඇත. සෑම පහත ඇති ආරුක්කු හැඩති විවරයක්ම බිත්තියේ මධ්‍යයේ දී තවත් එවැනිම ආරුක්කු හැඩති විවරයක් හා සම්බන්ධ වේ. ඉහල මධ්‍යයේ ඇති ආරුක්කු විවරයන්ගේ සඳළුතල මතින් වටපිටාව මැනවින් දිස් වන අතර එහි පිටත ඇති ජනේල විවරය සංකීර්ණ කැටයම් මෝස්තර සහිත "ජාලි" වලින් නිර්මිතය. බොහෝ විට මෙය ආලෝකය ලබාගැනීම සඳහාද භාවිතා වේ. සෑම කුටීර බිත්තියක්ම ඉතා විචිත්‍ර හා සියුම් පේකඩ, මැණික් නිර්මාණයන් ගෙන්ද කාව්‍යලේඛන නිර්මාණයන් ගෙන්ද සමන්විතය.
ස්මාරකය වටා අෂ්ඨාස්‍ර හැඩැති කිරිගරුඬ පුවරුව "ජාලි" විචිත්‍ර කැටයමෙන් යුතු අතර ගරුඬ පාෂාණ පුවරු අටකින් සමන්විතය. එහි කැටයම් කර ඉතිරිවී ඇති කොටස් විවිද පාෂාණ ඔබ්බවා විචිත්‍ර කර ඇත.
ඉස්ලාම් සම්ප්‍රදයට අනුව සොහොන් විචිත්‍ර චිත්‍ර හා කැටයමින් අලංකාර කිරීම සිදු නොකල යුත්තකි. එහෙයින් "මුම්ටාස්" දේවියගේ හා "ෂා-ජෙහාන්" රජුගෙ සිරුරු තැන්පත් කර ඇත්තෙ ඔවුන්ගේ මුහුණු "මක්කම" දිශාවට හරවා චාම් ලෙස නිර්මාණය කර ඇති ඇතුලත කුටිරයකය. "මුම්ටාස්" දේවියගේ ස්මාරකය ඇතුල් කුටීරයේ මධ්‍යයේ මීටර් 1.5(අඩි 4 අඟල් 11) දිග හා මීටර් 2,5(අඩි 8 අඟල් 2) කින් පළල වේදිකාවක් මත පිහිටයි.
වේදිකාව හා ස්මාරකය ඉතා වටිනා මැණික් ඔබ්බවා නිමකර ඇත. ස්මාරකය මත ඇති ශිලා ලේඛන දේවියගේ ගුණ වර්ණ්නා කර ඇත. ස්මාරකයේ මතුපිට ශිලා ලේඛන පුවරුවක් ලෙස භාවිතා කර ඇත. "ෂා-ජෙහාන්" රජුගේ ස්මාරකය "මුම්ටාස්" දේවියගේ ස්මාරකයට බටහිර දිශාවට වන්නට පිහිටයි. එය මුලු ටජ්මහල් මන්දිරයේම ඇති එකම අසමමිතික අංගය වේ. රජුගේ ස්මාරකය දේවියගේ ස්මාරකයට වඩා විශාල වන නමුත් එක සමාන කැටයම් නිර්මාණ වලින් යුක්තය. විශාල ස්මාරකයේ පාදම අනෙකට වඩා විශාල වේ.
සොහොන් කොත මත විවිධ ශිලා ලේඛන/කාව්‍යලේඛන නිර්මාණය කිරිම මෝගල් අවමඟුල් සම්ප්‍රදාය වේ. "මුම්ටාස්" දේවියගෙ සත්‍ය සොහොන් කොතෙහි පැති වල දෙවියන් අනූ නව දෙනෙකුගෙ නම් සහිත ශිලා ලේඛන විය. "ෂා-ජෙහාන්" රජුගේ සොහොන් කොතේ මෙලෙස සඳහන්ව ඇත. "ඔහු "හිජ්රි" දින දර්ශනයට අනුව වසර 1076 "රජාබ්" මස 26 වන දින රාත්‍රියේ මෙලොව හැරදමා සදාකාලිත්වයේ මන්දිරය වෙත පියමැන්නේය".

ටජ්මහල් ඉස්ලාම් දේවස්ථානය
No comments:
Post a Comment