Monday, February 8, 2016
පීසාහි ඇලවෙන කුලුන......
ඉතාලියේ පීසා නගරයේ පිහිටි ඈලවෙන කුලුන ගොඩනගන ලද්දේ වර්ෂ 1173 දී ය.ඇල වු අකාරයේ පිහිටීම නිසා මෙය ලොව ප්‍රකට වී තිබේ.මෙය පීසාහී දේවස්ථානයේ සීනු කුලුනක් ලෙස භාවිතා වේ.මෙය දෙවන ලෝක යුද සමයේ දී ජර්මානු හමුදා විසින් සතුරන් පිළිබද ඔත්තු බැලීම සදහා භාවිතා කරන ලදි.
1990 වසරේ දී මෙහි පිහිටි සීනු නාද වීම නැවැත්වුයේ මෙම කුලුන තවදුරටත් ඇලවීම වැළැක්වීම සදහාය.මෙම කුලුන සකසා තිබෙන්නේ මාර්බල් ,හුනුගල් සහ ගල් භාවිතා කිරීමෙනි.මෙහි උස මීටර් 55 ක් වන අතර තට්ටු 8 කින් යුක්තය.
කුලුන ඇතුළතට නැගීම සදහා ඒ තුළ සර්පිලකාර සෝපාන 294 ක් සකසා තිබේ.
ඈලවෙන කුලුනෙහි ,විවිධ ප්‍රමාණයේ සහ විවිධ බර වලින් යුක්ත සීනු 4ක් සවිකර තිබේ.විවිධාකාරයේ සංගීත නාද ඒ වයින් නිපද වේ.දේවස්ථානයේ යාඥා කටයුතු පැවැත්වෙන වේලාවන් දන්වමින් මෙම සීනු හඬවන ලදි.
මෙය අනවශ්‍ය තරමට ඇලවෙන්නට පටන්ගත් නිසා එය වළක්වමින් 1993 දී මෙහි උතුරු ප්‍රදේශයට ටොන් 650ක් බරති ඊයම් සවිකරන ලදි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment