ගඩලාදෙනිය රජමහා විහාරය
සිංහල යනු අඛණ්ඩ දීර්ඝ ඉතිහාසයක් සහිත ජාතියක් ලෙසට අවිවාදයෙන් පැවසිය හැකිය. අතීතයෙ අපෙ මුතුන්මිත්තන්ගෙ නිර්මාණ පරිශීලනය කිරීෙම්දී මෙ බව මනාවට පැහැදිලි වෙ. මෙ නිසාවෙන් වර්තමානය ද ඒම නිර්මාණ සදහා ඉහළ වටිනාකමක් ලැබී අැත. මෙ නිසා ඒම නිර්මාණ අනාගත පරපුර සදහා සුරක්ෂිත කිරීම උදෙසා මිනිසා පෙළබී අැත.
අතීතයෙ බිහිවූ විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස ගඩලාදෙනිය රජමහ විහාරය හදුනාගත හැකිය. මහනුවර දිස්තික්කෙය් යටි නුවර පිළිමතලාවට අාසන්නව පිහිටා අැති ගඩලාදෙණිය ගම්පල රාජධානි සමෙය් නිර්මාණය වූ ඉහළ වාස්තු විද්‍යාත්මක වටිනාකමක් සහිත ශීලාමය ගොඩනැගිල්ලකි. හතරවන බුවෙනකබාහු රාජසමයට අයත් මෙම විහාරය ශීලවංශ හිමියන්ගෙ ප්‍රධානත්වයෙන් නිර්මාණය වී තිබෙ. විහාරය නිර්මාණය කිරීම උදෙසා දකුණු ඉන්දීය සම්භව්‍ය ලබාෙගන අැති අතර සම්පූර්ණ විහාරය කලු ගලින් නිර්මාණය කර තිබෙ. ඒම නිසා මෙය ශිලාමය පිළිමගෙයක් ලෙස හදුන්වා අැත.
විහාරය නිර්මාණෙය් දී අක්‍රමවත්ව පිහිටි තලාව කළුගල් අතුරා සමතැන් කර අඩිහතරහමාරක් උස විශාල හතරැස් කළුගල් ඒකින් ඒක අසුරා බිත්ති සකසා තිබෙ. චතුරස්රාකාර බිත්ති කෙළවර ෙකානින් ෙකානට හරස් අතට හතරැස්ව සැකසූ විශාල ගල් කුට්ටි කෙටස් ද ඒකින්නෙක තබා ක්ර මිකව කුඩාකරමින් වහලය නිර්මාණය කර තිබෙ. මෙම ක්‍රමය පහන් කූඩු වහල නම් විශෙශිත ක්‍රමය වෙ. ගඩලාදෙණියට උතුරැ දෙසින් මණ්ඩපය පිහිටා අැති අතර ඒයට පිවිසීම සදහා පඩිපෙළක් නිර්මාණය කර අැත. පඩිපෙල් පාමුල සදකඩ පහනක්ද ගජසිංහ රැපද කොරවක් ගල් යුගලයක් ද නිර්මාණය කර තිබෙ. මෙය ගම්පල යුගයෙ විශෙෂ ගෘහ නිර්මාණ ලක්ෂණයකි. මෙහි අැති පඩිපෙළෙහි කැටයම් නිර්මාණය කර අැත. ඉදිරි මණ්ඩපයෙ බොර දම් හා ලීස්තර කොටස් දැකගත හැක. බොර දම් කැටයම්වල නළගනන් නැට්ටුවන් බෙරනරැවන් නැට්ටුවන් නෙළුමුමල් වාමන රෑප කැටයම් කර අැත.
උඩරයට ක්‍රමයට හින්දු අාභෂය සහිතව ගල්කනු සකසා අැත. පහළම කොටස හතරැස්වන අතර සිංහයෙක් මත සිටින සෙ අටපට්ටම් හැඩය නිරෑපණය කරමින් ගල් කණු නිර්මාණය කර අැත. කණුව මුදුනෙ විකසිත නෙළුම්මලක් දැකගත හැකිය.
මෙහි තවත් වැදගත් අංගයක් ලෙස ප්රතාමා ගෘහය හදුන්වාදිය හැකිය. ධාන්‍ය මුදාවෙන් සිටින බුදු පිළිමයක් දැකගත හැකිය. හුණුවැලි බදාමෙන් සකසා අැති බුදුපිළිම සායම් අාලෙප කර අැත. දකුණු ඉන්දීය අාභාෂෙයන් නිර්මාණය කර තිබෙන බුදුපිළිම ඉතාකිට්ටුෙවන් පිහිටි සංකීරණ රැළි සහිතව නිර්මානය කර තිබෙ. මෙහි තිබෙන ලොකඩ ප්රතාමාව අතිශයින් වැදගත් විරල ප්‍රතිමාවක් වන අතර සම්පූරණ උස අඩි 2 යි අගල් 6කි. නෙළුම්මල් සහිත පද්මාසනයක් මත පිහිටා තිබෙ. දිගු කන් කැරලි කෙස් වෘත්තාකාර මුහුණ පුළුල් තොල් සහිතව නිර්මාණය කර තිබෙ.
මෙම විහාරය ලංකාව තුළ පිහිටා තිබෙන ශිලාමය විහාරස්තාන අතරින් ප්‍රධාන තැනක් හිමිකරගන්නා අතර අනාගත පරපුර උදෙසා මෙම විහාරය අරක්ෂාකර ගැනීම පරම යුතුකමකි.

No comments:
Post a Comment