ඉතිහාසය[සංස්කරණය කරන්න]
මෙම ස්ථානයෙහි මුල් ඉතිහාසය නිශ්චිත නොවූවත්, ක්‍රි.පූ. 1 වන සියවසට අයත් ශිලා ලිපි හමුවීම නිසා එම සමයේ පමණ සිට මෙහි භික්ෂූන් වහන්සේලා වැඩවසන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුදු, මෙහි ඉතිහාසය මෙරට බුදුධහමේ පූර්ව අවධියට විහිදෙන බැව් ශිලා ලිපියකින් ප්‍රකාශ වේ. එයට අනූව ලංකාද්වීපයට බුදු ධහම රැගෙන පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ රජගලතැන්න විහාරයට වැඩි බව සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ සඳහන් ශිලා ලිපි ද්විත්වයක් මෙරට සොයාගෙන තිබෙන අතර ඉන් එකක් රජගල පුරාවිද්‍යා භූමියෙන්ද; අනෙක මිහින්තලයපුදබිමෙන්ද සොයා ගෙන තිබේ. පැරණි සාධක අනූව මිහිඳු මහරහතන් වහන්සේගේ සහ උන්වහන්සේ සමග පැමිණි ඉට්‌ටිය තෙරුන්ගේ භෂ්මාවශේෂ මෙහි වූ සෑයක තැන්පත් කර ඇති බැව් පැවසෙයි.
"රාස්සගල" නාමය[සංස්කරණය කරන්න]
පුරාවිද්‍යාඥයින් පවසන පරිදි, රාක්ෂයන්ට වැදුම් පිදුම් කල රාක්ෂ ගෝත්‍රිකයින් මේ ප්‍රදේශයේ ජීවත්ව සිටි නිසා මෙම කන්දට රාස්සගල යන නාමය යෙදෙන්නට ඇතැයි පැවසේ.
රජගල විහාරය[සංස්කරණය කරන්න]
දුටුගැමුණු රජතුමාගේ සහෝදර සද්ධාතිස්ස රජගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි. පූ. 119-109) විසින් මෙම විහාරය ආරම්භ කල බව මහාවංශය සාක්ෂි දරයි. ලජ්ජ්තිස්ස රජු විසින් කරවූ ශිලා ලිපි කිහිපයක් රජගලින් හමුවී ඇත. මීට අමතරව අනුරාධපුර යුගයේ සිටි කුටකණ්ණ තිස්ස රජු, භාතික තිස්ස රජු, මහසෙන් රජ,බුද්ධදාස රජ සහ දප්පුල රජ වැනි රජවරුන්ගේ සමයන්හී මෙම ස්ථානය වැඩිදියුණු කරවා තිබේ.
පැරණි නම්[සංස්කරණය කරන්න]
අනුරාධපුර යුගයේදී මෙම ස්ථානය ගිරිකුම්බිල විහාරය, අරියාකර විහාරය, අරිත්තරා වෙහෙර වැනි නම් වලින් හඳුන්වා ඇත. දීපවංශය, මහාවංශය,සහස්සවත්තුප්කරණය, අට්ඨකථා, රසවාහිනිය, සද්ධර්මලංකාරය වැනි ග්‍රන්ථ වල මෙම ස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වේ.
නටඹුන්[සංස්කරණය කරන්න]
රජගල පුරාවිද්‍යා භූමියෙහි කාල වකවානු ගණනාවකට අයිති ශිලා ලිපි සමූහයක් දැකගත හැකිවේ. ඒ අතර කටාරම් ලිපි හා ගිරි ලිපි වේ. ඉන් වඩාත්ම අවධානයට ලක්වන පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳරජගල පිහිටි අනෙකුත් නටබුන් අතර අඩක් වැඩ නිමකළ හිටි බුද්ධ ප්‍රථිමාව, දිය පිහිල්ල හා ඊට සම්බන්ධ සුවිසල් ශිලාමය පාත්‍රා, පුන්කලස දෝතින් රැගෙන සිටින ආකාරය දැක්වෙන මුරගල හා නාග රාජු හා රාජිනිය දැක්වෙන මුරගල ආදිය දැකගත හැකි වේ.
මීට අමතරව ශිලාමය පාත්‍රා සහිත ස්ථානයට ඉහලින් ගල් පුවරු යොදා ඉදි කළ පැරණි උළුවස්ස සහිත ගල් ලෙන ඉදිකොට තිබේ. එසේම කාලය අනිෂ්චිත ප්‍රාථමික ගුහා සිතුවම් සමූහයක් සහ අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන බිතු සිතුවම් කොටස් කිහිපයක් සහිත චිත්‍ර ලෙනක්ද මේ පුදබිමේ දැකගත හැකිවේ.
රජගල ලෙන් ලිපිය[සංස්කරණය කරන්න]
ක්‍රි. පූ. 2-1 සියවසට අයත් මෙම ලෙන් ලිපිය පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් යුක්ත වේ. මෙහි අන්තර්ගතයෙහි, දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී තිස්ස මහ රජුගේ පුත් තිස්ස කුමාරයාගේ භාර්යාව වූ උපාසිකා ශාමිකාගේ ලෙන, ලෙස දක්වා ඇත.ව සඳහන් වන ශිලා ලේඛනය වේ. එමගින් මහින්දාගමනය සම්බන්ධ වංශකථාව තවදුරටත් සනාථ කරනු ලබයි.
No comments:
Post a Comment