ලංකාවේ නැගෙනෙහිර පළාතේ අම්පාරේ පොතුවිල් හි පිහිටා ඇත. විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලකි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ඇත. විහාරමහා දේවිය ගොඩ බට ස්ථානය මෙය බවටද විශ්වාසයක් ඇත. මෙය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පිලිගැනේ. වර්තමානයේද මෙම ස්ථානයේ විහාරයක් ඇත.
No comments:
Post a Comment