නගරය පිහිටා ඇත්තේ බටහිර ඊශ්‍රායලයේ මධ්‍යදරණී වෙරළ සීමාවෙහි වන අතර රොන් හුල්ඩායිගේ ප්‍රධානිත්වයෙන් යුතු ටෙල් අවිව්-යාෆො නගර සභාව මගින් පාලනය කරනු ලබයි. බොහෝ විදේශ තානාපති කාර්යයාල ටෙල් අවිව් නගරයෙහි පිහිටා ඇත. ටෙල් අවිව් නගර වැසියන්ව හීබෲ භාෂාවෙන් පොදුවේ ටෙල් අවිවිම් ලෙස හඳුන්වනු ලබන අතර පිරිමියෙකු සඳහා ටෙල් අවිවි යනුවෙන් සහ ගැහැණියක සඳහා ටෙල් අවිවිට් යනුවෙන්ද ඒක වචන පද භාවිත වෙයි.
යුදෙව් ප්‍රජාවන් විසින් ක්‍රි.ව. 1909 දී ජෆ්ෆා (හීබෲ: יָפוֹ Yafo) පුරාණ තොටුපළ නගරයට යාබදව ටෙල් අවිව් නගරය පිහිටුවන ලදී. යුදෙව් සරණාගතයින්ගේ සංක්‍රමණයවීම් නිසා ටෙල් අවිව් නගරය ඉක්මනින්ම, එකළ වැඩිවශයෙන් අරාබි ජනයා සිටි ජෆ්ෆා නගරය ඉක්මවා වර්ධනය විය. 1950 දී, එනම් ඊශ්‍රායල් ජනරජය පිහිටුවීමෙන් වසර දෙකකට පසුව ටෙල් අවිව් සහ ජෆ්ෆා තනි නගරසභාවක් යටතට ගෙන යන ලදී. ටෙල් අවිව්හි ධවල නගරය, 2003 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
ටෙල් අවිව් විශ්ව පුරවරයක් වන අතර ලොව 25 වන වඩාත් වැදගත් මූල්‍ය කේන්ද්‍රස්ථානය ද වෙයි. අබු ඩාබි වලට පසු මැදපෙරදිග නගර අතුරින් දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේද ටෙල් අවිව් නගරය යි. අන්තර්ජාතික සංචාරකයන් මිලියනයකට අධික ප්‍රමාණයක් වාර්ෂිකව මෙහි පැමිණෙයි. සජීවී නිශා දිවි පැවැත්මක්, උද්යෝගිමත් වාතාවරණයක් සහ 24-පැය සංස්කෘතියක් පවතින බැවින් ටෙල් අවිව් නගරය "කිසිදා නොනිදන නගරය" සහ "සාද අගනුවර" යන අන්වර්ථ නාමවලින් ද හඳුන්වනු ලබයි.
නිරුක්තිය
ටෙල් අවිව් යනු, නහුම් සුකොලොම් විසින් ජර්මන් බසින් හීබෲ භාෂාවට පරිවර්තනය කරන ලද Altneuland (පැරණි නව භූමිය) නමැති කෘතියෙහි හීබෲ නාමය යි. සොකොලොව් එම නම නිර්මාණයේ දී ඊස්කීල් හී එන බැබිලෝනියාවට ආසන්න මෙසපොටේමියානු ප්‍රදේශයක් වන ටෙල් අබිබ් හි නම උපයෝගී කරගෙන තිබිණි. 1910 දී නාම යෝජනා කිහිපයක් අතුරින් ටෙල් අවිව් නාමය තෝරා ගන්නා ලදී. පුරාණ යුදෙව් ජන්මභූමියෙහි පුනර්ජිවයක් යන අදහස කැටි කරගත් බැවින් එම නාමය වඩාත් පිළිගැනීමට ලක්විය. හීබෲ භාෂාවෙන් අවිව් යනු "වසන්තය" යි. එය නව ජීවය සංකේතවත් කරයි. එමෙන්ම ටෙල් යනු එකක් මතින් එකක් ගොඩනැගුණු ශිෂ්ටාචාරවල ස්ථර ඒකරාශී වීමෙන් සෑදුණු, මිනිසා විසින් සාදන ලද ගොඩැල්ල යන්නයි. එමගින් පුරාණ බව සංකේතවත් කරයි.හීබෲ බසින් යාෆො හෙවත්, ජෆ්ෆා යන නාමයෙහි නිරුක්තිය පිළිබඳව විවිධ මත පවතී. ඇතැමුන් විශ්වාස කරන්නේ "ලස්සන" හෝ "සුන්දර" යන අරුත් ඇති හීබෲ වචන වන යාෆා හෝ යෝෆි මගින් එය ව්‍යුත්පන්න වූ බවයි. තවත් විශ්වාසයක් වන්නේ නෝවාගේ පුත්‍රයා වන ජාෆෙත් විසින් නගරය පිහිටුවණු ලැබූ බව සහ ඒ නිසාවෙන් ඔහුගේ නම අනුව යමින් නගරයට නම ලැබුණු බවයි.
No comments:
Post a Comment