අනුරාධපුර පැරණි නගරයේ මධ්‍යගත පිහිටුමක් දක්වමින් පිහිටා ඇති ඇතුළු නගරය හෙක්ටයාර 100ක පමණ භූමියක ව්‍යාප්තව ඇත. අනුරාධපුර ඇතුළු නගරයේ උතුරු සීමාව අභයගිරි විහාර සංකීර්ණයෙන් ද දකුණු සීමාව මහා විහාර සංකීර්ණයෙන් ද සීමා වී ඇත. ලංකාවේ පවතින පුරාවිද්‍යා භූමි අතරින් ප්‍රාග් ඓතිහාසික, ප්‍රෝටො ඒෙතිහාසික හා ඒෙතිහාසික යන සෑම අවධියක්ම නිරූපණය කරන සංස්කෘතික පාංශු ස්තරණයක් අනුරාධපුර අැතුළු නගරයේ හදුනාගත හැකිවේ. ඒමෙන්ම මෙම ස්තරය තුළ සෑම කාලයක් හරහාම ලංකාවේ මිනිසා සංස්කෘතික වශයෙන් අත්කරගත් විකාශය මෙන්ම සංක්‍රාන්තිය සටහන් වී තිබීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් වශයෙන් මෙහි අැති වැදගත්කම තීව්‍ර කරයි.
1960 දශකයේ පමණ සිට අැතුළු නගරය ඉලක්ක කරගනිමින් පුරාවිද්‍යා අධ්‍යයන දියත් වී අැති නමුත් වඩාත් විධිමත් අන්දමින් මෙහි අධ්‍යයන සිදුකිරීම 1969 වර්ෂයේ දී අාචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතාගේ ප්‍රමුඛත්වයෙන් අාරම්භ විය. මෙහි සිදුකළ කැණීම් මඟින් ලංකා ඉතිහාසයේ බෙහෙවින් වැදගත් අනාවරණය කිරීම් කිහිපයක්ම සිදුකිරීමට සමත්ව අැත. ක්‍රි:පූ: 6-7 සියවස්වලදී ලංකාවට සිදු වූ අාර්යය සංස්කෘතියේ අාගමනය, මූල ඒෙතිහාසික යුගයේ වර්ධනීයම නාගරික ලක්ෂණ අනුරාධපුරයේ ක්‍රියාත්මක වූ බව, බ්‍රාහ්මී අක්ෂර භාවිතය පිළිබද මුළු මහත් ආසියාවනේම ලැබෙන පැරණිම සාධක හමුවීම වැනි ඒවා ඒ අතුරින් වඩා වැදගත් වේ.
මෙලෙස පුරාවිද්‍යාත්මක සාධක බොහෝ ගණනක් මතුකරගැනීම උදෙසා දියත් කෙරුණු අනුරාධපුර ඇතුළු නුවර කැණීම් වල මෑතක දී වර්ෂාව සමඟ කැණීම් වලෙහි ජලය පිරීම හා ඒමඟින් පැති බැමි කෙරෙහි ඒල්ල වී අැති තර්ජන හේතුකොටගෙන වසා දැමීමට තීරණය කොට අැත. පුරාවිද්‍යාත්මක අගයයන් බොහෝමයක් අැති ක්ෂේත්‍රයක් ඒලෙස හානිකර තත්ත්වයක තිබීමත් විවිධ හේතුන් මත කැණීම් නවතාලීමට සිදුවීමත් කණගාටුවට කරුණක් බව පැහැදිලිය.
No comments:
Post a Comment