Friday, February 12, 2016


රන්මසු උයන (හෝ මගුල් උයන) ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාරයට ආසන්නව ඇති පෞරාණික ජල උයනකි. අක්කර 40 ක පමණ භූමි භාගයක පැතිරී ඇති මෙම උද්‍යානය, ලක්දිව අතීත උද්‍යාන කලාව සහ සියුම් ජල කළමණාකරණ තාක්ෂණය විදහා දක්වන අද්විතීය නිර්මාණයක් ලෙස සැළකේ.
පිහිටි ගල් පර්වත හා ගල් පුවරු යොදාගනිමින් ඉදිකිරීම් සිදු කොට ඇති මෙහි අලංකාර පොකුණු, ස්නානාගාර යනාදී උද්‍යානයක දැකගත හැකි සියළුම අංගෝපාංගයන් දැකගත හැකි වේ.



  මහමෙවුනා උයන සාංඝික කල පසු වෙනත් රාජකීය උයනක අනිවාර්ය වුවමනාව පැන නැගුණු බැවින් මහා විහාර භූමියට දකුණු දෙසින් රන්මසු උයන ඉදිකල බව බැවසෙයි. ක්‍රිස්තු වර්ෂ 3වන සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසන් මෙම උද්‍යානය ඉදිකරන ලදී. ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් සිව්වන මිහිදු රජුගේ වෙස්සගිරි සෙල්ලිපියේ රන්මසු උයන් ලෙස මෙම උද්‍යානය විස්තර කොට තිබේ.
වෙස්සගිරි සෙල්ලිපියෙහි විස්තර වන අන්දමට තිසා වැවේ ජලය ප්‍රධාන සොරොව්ව හරහා පළමුව රන්මසු උයන වෙත ගෙන එන අතර, එතැන සිට කෙළ ගෙයට (කදලී ගෘහ) උද්‍යානයේ පොකුණට (උයන් ගෙය) සහ මහනෙල් පොකුණට (මහනෙල් ගෙය) ටද ගෙනගොස් අවසානයේ ඉසුරුමුණි විහාරය අවට ඇති කුඹුරු වලට ගලා බසින බැව් කියවේ.[1][2]
දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු හට අශෝකමාලා හමුවූ ස්ථානය ලෙසද රන්මසු උයන සැළකේ.

No comments:

Post a Comment