කදුරුගොඩ විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්‌වාම දිව යන බැව් විශ්වාස කෙරේ. මහාවංශයට අනූව දේවානම්පියතිස්‌ස රජු (ක්‍රි.පූ. 250 - 210) විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා තැනින් තැන ගල්කණු සිටුවූ බවත් ඉන් එක් ස්ථානයක් මෙම කදුරුගොඩ විහාරය බවත් සඳහන් වෙයි.අනුරාධපුර යුගයේ හතරවැනි කාශ්‍යප (ක්‍රි.ව. 898 - 914) රජු විසින් කරවන ලද අත්තානි කණු ලිපියකද මෙම විහාරස්‌ථානය පිළිබඳ තොරතුරු දක්‌වා තිබේ. රජු විසින් කදුරුගොඩ විහාරයට දෙන ලද පූජාවක් (ප්‍රදානයක්) පිළිබඳව විස්තර එහි සඳහන් කොට අැත. මෙම ශිලාලේඛන සාක්ෂිය අනූව කදුරුගොඩ විහාරය, එකල හතරවැනි කාශ්‍යප රජුගේ පාලනයේ පැවති ප්‍රදේශයට අයත් (යාපනය දිස්ත්‍රික්කය තුල) ස්ථානයක් බවට පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.
මීටඅමතරව පළමුවන පරාක්‍රමබාහු , නිශ්ශංකමල්ල, ලීලාවතී, බුවනෙකබාහු ආදී රජවරුද මෙම විහාරයට අනුග්‍රහය දක්වා අැති බැව් පැවසේ. මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ.
No comments:
Post a Comment