ලෙනගල ලෙන් විහාරය සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රීකකයේ වරකා පොලින් කරවනැල්ල මාර්ගයේ පැමිණ අනතුරුව ගලපිට මඩින් කොටියා කුඹුර මාර්ගයෙන් මෙම විහාරස්ථානය වෙත පැමිණිය හැකිය. ඊට අමතරව නෙලුම් දෙණිය මංසංධියෙන් ගලපිටමඩ මාර්ගයෙන් ගමන් කිරීමේදී කිවුල් දෙණිය හංදියෙන් හැරී මෙම විහාරස්ථානයට ගමන් කළ හැක.
ප්‍රදේශයේ ඇති විශාලතම ලෙන් විහාරය වන ලෙන ගල විහාරයට ඉහළින් ඇති පර්වතයේ කටාරමට පහළින් බ්‍රහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපියක් දැකිය හැකිය.ලිපියෙහි අකුරු 47ක් තනි පේළියට ඇති අතර ඉතිරි අක්ෂර අඩි කිහිපයක් දුරින් දකුණට බරව කෙටි පේළි දෙකකින් යුතුව කොටා ඇත.මෙහි අකුරක් උසින් අගල් 7ක් පමණද ගැඹුරින් අගලක් පමණද වේ.
ලෙනගල මහා විහාරය සත් සති විහාරය හා චෙෙත්‍ය විහාරය යනුවෙන් විහාර තුනකට වෙන් කර අැත. සමස්තයක් ලෙස ගත් කළ විහාරය ඉදිරිපස සම්පූර්ණ දිග අඩියක් පමණ වේ. ඒක පේළියට අැති විහාර තුනේ ඉදිරිපස ඝණ බිත්තිය ගල් හා මැටි භාවිතයන් ගොඩනගා අැති අතර ඒය අඩි 27ක් උසක දී බෑවුම් සහිත පර්වතයක් හා සම්බන්ධ වෙයි. විහාර තුෙනහිම අැති බුද්ධ ප්‍රතිමා සියල්ල මහනුවර යුගයේ කලා ලක්ෂණවලින් යුක්තය.
ජනප්‍රවාදයට අනුව වළගම්භා රජු දමිළයන්ගෙන් පැරද පැරද පලා ගොස් ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීමට සේනා සංවිධානය කළේ ලෙනගල අාශ්‍රිත සල්ගල වන උද්‍යානයේ බව ප්‍රදේශ වාසීන්ගේ පිළිගැනිමයි. ඒබැවින් මෙම විහාරස්ථානයද වළගම්භා රජු විසින් අාරම්භ කරන ලදකැයි කියවේ. මෙහි පිලිම ඉදිකර අැත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් බව කියවේ.
සත්සති විහාරය දිගින් අඩි 25ක් පමණ වන අතර පළලින් අඩි 12ක් පමණ වේ. මෙම විහාරය තුළ දැකිය හැකි පිලිම ධාන්‍ය මුද්‍රාවෙන් හා වීරාසන ක්‍රමයෙන්ද හිටි පිලිම අභය මුද්‍රාවෙන් ද යුක්ත වේ. ඒමෙන්ම මහනුවර යුගයේ කලා ලක්ෂණයක් වූ විවෘත දෙනෙත් තරංගාකාර චීවර රැලිවලින් හා රතු කහ වර්ණයෙන්ද ඒය සමන්විතය. මෙහි ඒක් බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ගලින් නිමවූ උලුවස්සක් සහිත කදකි. මෙය බුදුරුව වෙනුවෙන් සදා තිබූ රුවන් මාලිගයේ කොටසක් ලෙස සැලකේ. බුද්ධ ප්‍රතිමාවට පසුපසින් නිර්මාණ කර අැති සවනක් රැස් මාලාව හා පිලිමය ප්‍රතිසස්ංකරණය නොකොට මුල් තත්වයෙන් පවතින නිසා මහනුවර යුගයේ වූ වර්ණ හා රේඛා මැනවින් නිරූපනය වේ. බුදු පිලිම වලට අමතරව දේව රූප හා රහතන් වහන්සේලාගේ රූපද චෙෙත්‍ය රූපද බිත්තිවල සිතුවම් කර අැති අතර සිවිලිමෙහි නෙලුම් මල් සිතුවම් කර අැත.
මෙම විහාරයට අැතුලුවීමට ගල් උලුවස්සක් තිබේ. ඒය අඩි 7ක් පමණ උස් වන අතර පළල අඩි 5කි. ඒය විවිධ ලියවැල් මෝස්තරවලින් සමන්විත වන අතර උඩලිපත මධ්‍යයේ දෙවිවරු දෙදෙනෙකි. දෙපස කනුවල සිංහ රූප පිහිටා තිබේ.
මෙම විහාරයට අැතුල්වන දොරටුව ඉහළින් අැති මකර තොරනද මහනුවර යුගයේ කලා ලක්ෂණ අනුව නිමවූවකි. ගල් උලුවස්සට උඩින් මකර තොරණ යට වැඩ හිදින නාථ දේව රූපය නුවර යුගයේ කලා සම්ප්‍රදායික ලක්ෂණ මැනවින් නිරූපණය වන චිත්‍රයක් දක්නට ලැබේ.
මෙහි මැද ලෙන, මහා විහාරය වන අතර ඒය අඩි 30ක පමණද උස්වන අතර අඩි 5ක් පමණ වේ. මේ තුළ සැතපෙන බුදු පිලිමයට පිටුපසින් දේවාරාධනය දැක්වෙන සිතුවමකි. මෙයින් මහනුවර යුගයේ චිත්‍ර කලා සම්ප්‍රදාය මැනවින් පැහැදිලි වේ. මෙම විහාරය තුළ විෂ්ණු හා සමන් දේව ප්‍රතිමා දැකිය හැකිය. සිවිලිමේ සුවිස් විවරණ හා නෙලුම් මල් මෝස්තරද චෙෙත්‍ය රූපද දැකිය හැකිය. මෙම විහාරයට අැතුල් වීමටද ගල් උලුවස්සක් අැත. මෙහි උස අඩි 11 පමණ වන අතර පළල අඩි 6කි. මෙම ගල් උලුවස්ස මල්ලියකමින් කැටයම් කෝටා අැත. උලුවහු කණුවේ පාදමේ හතෙරන් තුනක් පමණ මූණතේ ජනේල තුළ මුව විදහා ගත් සිංහයෝය. උඩලිපත මධ්‍යයේ මෙත් බෝසත් රුව මෙන් විෂ්ණු සමන් දේවතා බණ්ඩාර යන දෙවිවරුන්ගේ රුවද වෙති.
මහා විහාරයට දකුණු පසින් අැති ලෙන චෙෙත්‍ය විහාරය යනුවෙන් හදුන්වා අැති අතර ඒය දිගින් අඩි 45ක් පමණ වන අතර පළල අඩි 21කි. මෙම විහාරය තුළ අඩි 10ක් පමණ උස් වන චෙෙතයක් දක්නට ලැබේ. අැතුළත සමාධි පිලිමයක් දක්නට ලැබේ. මෙම විහාරයේ සිතුවම් අලුත් බව පෙනේ. මෙම විහාරයට අැතුලුවීමට ද ගල් උලුවස්සක් තිබේ. මෙම උලුවස්සේ ලියවැල් කැටයම් වෙනස් වේ.
ජන ප්‍රවාදයට අනුව වලගම්භා රජු දමිළයන්ගෙන් පැරද පලා ගොස් ඔවුන්ට විරුද්ධව යුද්ධ කිරීමට සේනා සංවිධානය කළේ ලෙනගල අාශ්‍රිත සල්ගල වන උද්‍යානයේ බව ප්‍රදේශවාසීන්ගේ පිළිගැනීමයි. ඒවැනි මෙම විහාරස්ථානය වලගම්භා රජු විසින් අාරම්භ කරන ලද්දකැයි කියවේ. මෙහි පිලිම ඉදිකරවා අැත්තේ කීර්ති ශ්‍රී රාජ සිංහ විසින් බව කියවේ.
බෙල් මහතාගේ වාර්තාවලට අනුව විහාර තුනේ සැරසිලි බොහෝ වූ බවත් කි:ව 1879 - 1880 අවුරුදුවලදී සියලුම විහාරවල සිතුවම් නැවත අැද අැති බවත් සදහන් වේ. ඒමෙන්ම කීර්ති ශ්‍රි රාජ සිංහ රජුගේ නියමයක් පිට ලෙව්කේ දිසාවේ විසින් බු:ව 2297 දී මෙම විහාරයට ප්‍රතිසංස්කරණය කරවූ බවත් සන්නසකින් ඉඩම් විශාල ප්‍රමාණයක් විහාරයට ලබාදුන් බවත් කියවේ. මෙම විහාරස්ථානය දිස්ත්‍රීකය තුළ පිහිටි ඉතා විශාල හා දාර්ශනික වශයෙන් යුත් ඒකක් බව කිව හැකිය. මේ නිසා මෙම ස්ථානය ජාතික උරුමයක් ලෙස සලකා සුරැකීම අප සතු යුතුකමකි.
No comments:
Post a Comment