Thursday, February 18, 2016

දූවිල්ලෙන් සැගවුනු, දියුණු අතීතයක මහිමය කියාපාන, නිවසක්....


දූවිල්ලෙන් සැගවුනු, දියුණු අතීතයක මහිමය කියාපාන, නිවසක්....

 
ඊශ්‍රායෙල් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ, රොනිට් ලූපෝ විසින් කල කැණීමක් මගින්, ජෙරුසලමේ වසර 7000ක් පමණ පැරණි, නිවාස ද්විත්වයක අවශේෂ සොයාගෙන ඇත. මෙය හමුවී ඇත්තේ, උතුරු ජෙරුසලමේ නව මාර්ගයක ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුරය.
 මෙම ක්ෂේත්‍රය තුළ කැණීම් මගින් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පුරාවස්තු විශාල ප්‍රමණයක් හමුවී තිබේ. ඒවා අතර, මැටි බදුන්, ගිනිගල් ආම්පන්න ,දෑකැති, පොරෝ, නියන්, ඇඹරුම් ගල් වැනි උපකරණ පමණක් නොව,  ආභරණ සෑදීමට යොදාගනු ලැබුවේයැයි සිතිය හැකි කානීලියන් පාෂාණ කොටස් ද දක්නට ලැබේ. එපමණක් ද නොව,  එළු බැටළු සත්ව අවශේෂ ද හමුවී ඇත.
මීට පෙර ජෙරුසලම තුළ කළ , පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් අනාවරණය වූ පැරණිතම ජනාවාස අවශේෂ, වසර 5000ක අතීතයට දිවයයි. නමුත්, මෙම කණීමත් සමග, එය වසර 7000ක් තරම් පැරණි අතීතයකට උරුමකම් කියයි.
රොනිට් ලූපෝ පවසන පරිදි, ජෙරුසලමේ ගෘහ නිර්මාණ ශිල්පය හා අතීත තාක්ෂණය පිළිබදව  මෙම ගවේෂණය මගින් මනාව තේරුම් ගත හැකිවේ. එමෙන්ම, ඔහු හමුවූ පුරාවිද්‍යාත්මක අවශේෂ යොදා ගනිමින් , එම භූමිය ආශ්‍රිතව, ප්‍රාග් ඓතිහාසික සමයේ ජීවත් වූ මානව ජනගහනය පිළිබද පර්යේෂණ සිදුකරමින් සිටියි. එමෙන්ම මෙහි තිබෙන කානීලියන් පාෂාණ කොටස් මගින්, මෙකල මානවයා ආභරණ නිර්මාණය කොට හෝ වෙනත් ප්‍රදේශයකින් ගෙන්වා ඇති බව ඔවුන් සදහන් කරයි.
ජෙරුසලමේ මෙම කැණීම මගින් හෙලිවන්නේ, ප්‍රාග් ඓතිහාසික සමයේදී දියුණු ජනාවාස සන්ස්කෘතියකට උරුමකම් කියන බවයි.

වැඩි විස්තර සදහා:- http://news.discovery.com/history/archaeology/jerusalems-first-homes-unearthed-160218.htm

No comments:

Post a Comment