Tuesday, February 9, 2016

නිල්ලග්ගම බෞද්ධ ස්මාරක

   
 Image result for nillakkagama


 නිල්ලග්ගම බෝධිඝරය (නිල්ලක්ගම බෝධිඝරය) ලක්දිව බෝධිඝර අතුරින් වඩාත්ම කලාත්මක නිර්මාණයක් ලෙස සැළකේ. කළු ගලින් නිර්මාණය කොට ඇති බෝධිඝරය හා එහි ප්‍රාකාරය නිල්ලග්ගම වෑ කන්දපාමුල පිහිටා ඇත. වර්ෂ 1895දී මෙම බෝධිඝරයෙහි නටඹුන් එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගන්නා ලදී. එහි තහවුරු කිරීමේ කටයුතු 1954 වර්ෂයේදී සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ විය.
නිල්ලග්ගම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වන පරිදි නිමවා ඇත. සමස්ථ බිත්තිය ගල් පුවරු භාවිතයෙන් සම්පූර්ණ කොට තිබේ. ඇතුළුවීම සඳහා නැ‍ගෙනහිර හා බටහිර යන දිශා ඔස්සේ දොරටු නිර්මාණය කොට ඇත. ඇතුළත වූ මළුව සමචතුරශ්‍රාකාර ස්වරූපයක් ගනියි. මීට අමතරව ගල් කණු කීපයක නටබුන් මෙම භූමියේ දැකගත හැකිවන අතර, වහලයක් රැඳවීම සඳහා ඒවා භාවිත කරන්නට ඇතැයි ව්ශ්වාස කෙරේ.
 Image result for nillakkagama
                                                                                                 Image result for nillakkagama



 නිල්ලග්ගම බෝධිඝරයෙහි නෙලා ඇති ගල් කැටයම්, කලාත්මකභාවය අතින් බොහෝ සුවිශේෂි වන බව සැළකේ. එම කැටයම් අතර ඇත්, හංස, අශ්ව සහ සිංහ රූප, ගිනිසිළු රටා, ලියවැල්, පියුම් හා කලස් ආදිය දැකගත හැකි වේ.

 Image result for nillakkagama







No comments:

Post a Comment