ලොව බිහිවූ සුවිශාලතම පිරමීඩ ලෙස සැලකෙන්නේ ගීසාහි පිරමීඩය. ක්රි. පූ. 2600 සහ ක්රි. පූ. 2500 අතර කාලයේදී ඊජිප්තුවේ පිරමීඩ ගොඩනගන ලදී. මෙහි ඇති විශාලතම පිරමීඩය, ඉපැරණි ඊජිප්තු රජ කෙනෙකු වූ Khufu රජුගේ සොහොන් ගැබ ලෙස පිළිගැනේ. එම නිසා එම පිරමීඩය කුෆු පිරමීඩය ලෙස හදුන්වයි.
මෙම මහා පිරමීඩ ගොඩ නැගීම සඳහා වසර 20 කට ආසන්න කාලයක් ගතවී තිබේ. මෙම පිරමීඩ ගොඩනැගීම සඳහා ගල් කුට්ටි මිලියන 2 ක් යොදාගෙන තිබේ. මෙම සෑම ගල් කුට්ටියක්ම ටොන් 2 කට වඩා බරින් යුක්ත විය. මෙම මහා පිරමීඩයේ සම්පූර්ණ බර මිලියන 6 කට ආසන්නය.
මහා පිරමීඩය කුටි තුනකට බෙදී තිබේ. පළමු කුටිය රජුගේ කුටිය ලෙස හැඳින්වේ. ඒ කුෆූ රජුගේ සොහොන් ගැබයි. දෙවැනි කුටිය රැජිණගේ කුටිය ලෙස හැදින්වේ. එතුළ රැජිණගේ ආභරණ ආදිය තිබේ. තෙවැනි කුටිය රහස් කුටිය ලෙස හැඳින්වේ.
මෙම පිරමීඩවල උස ආරම්භයේදී මීටර් 147 ක් වූ අතර දැන් එහි උස මීටර් 138 කි.
No comments:
Post a Comment