ආළාහන පිරිවෙන් භුමියේ ඇති ලංකාතිලක පිළිමගෙය ආසන්නයේ ඇති විශාලතම දාගැබ වනුයේ කිරිවෙහෙර දාගැබය.අනුරාධපුරයේ පැවති ස්තූප සැලැස්ම පාදක කරගෙන මෙම අවදියේ වාස්තු විද‍්‍යාඥයා ක්‍රියා කළ බවට කදිම උදාහරණයකි.මේ අරාම භුමියේ ගොඩනැගිලි වලින් වෙසෙසින් සදහන් කල යුතු වැදගත් ඒවා හැටියට චුලවංශ කතුවරය විසින් සලකනු ලැබූ ස්තුප 2 කින් එකක් එනම් සුභද්‍ර චේතිය හෝ රූපවතී චේතිය යැය හදුනගන ඇත.එය පරාක්‍රමබාහු රජු විසින් සුභද්‍ර බිසව සිහිවීම පිණිස සාදවා ඇති බවට මතයක්ද පවතී.
අනෙක කිරි වෙහෙරය.කිරිවෙහෙරේ පාදයේ විශ්කම්භය අඩි 70 කි.බිම සිට කොත් කැරැල්ල දක්වා උස අඩි 80 කි.මෙහි හැඩය බුබ්බුළාකාරය.ගර්භය උඩ සතරැස් කොටුවකි.එය ගරාදි වැටේ රටා යොදා අලංන්කාර කර තිබිෙ.දිසා සතරට ගඩොලින් නිමකල ලද වාහල්කඩ 4 කි.මේ ආකාරයෙන් බලන කල කිරි වෙහෙර අගනා නිර්මාණයකි.
No comments:
Post a Comment