Wednesday, February 24, 2016

නිල්ගිරි ජෛවගෝල රක්ෂිතය

නිල්ගිරි ජෛවගෝල රක්ෂිතය යනු දකුණු ඉන්දියාවේ බටහිර ඝාට්ස් හී නිල්ගිරි කඳු පන්තිය ආශ්‍රිතව පිහිටි අන්තර්ජාතික ජෙෙවගෝල රක්ෂිතයක් වේ. මෙම රක්ෂිතය 2012 වර්ෂයේදී යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. මදුමලෙයි, මුකුර්ති, වයනාද් සහ බන්ඩිපුර් යන ජාතික උද්‍යානද මෙම රක්ෂිතයට ඇතුලත්ය.
මිනිසා සහ ජෙෙවගෝල වැඩසටහන යටතේ යුනෙස්කෝව විසින් වර්ග කිලෝමීටර 5000ක් පමණ වූ නිල්ගිරි කඳු පන්තියට අයත් මනස්කාන්ත පරිසර පද්ධතිය හා එහි අවට පරිසරය, 1986 වර්ෂයේ සැප්තැම්බරයේදී, ජෙෙවගෝල රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. නිල්ගිරි ජෙෙවගෝල රක්ෂිතය ඉන්දියාවේ ප්‍රථම ජෙෙවගෝල රක්ෂිතය හා ශාක සහ සත්ව සංහතිය අතින් පොහොසත් ප්‍රමුඛතම පාරිසරික උරුමයක් ලෙස සැළකේ.

පිහිටීම

මෙම රක්ෂිතය වර්ග කිලෝමීටර 5,520ක පමණ භූමි වපසරියකින් සමන්විත වන අතර, රක්ෂිතයේ පැතිරීම තමිල් නාඩුව (2537.6 km²), කර්ණාටක (1527.4 km²) හා කේරල (1455.4 km²) යන ප්‍රාන්ත දක්වාද විහිදී පවතී. නිල්ගිරි සානුව සම්පූර්ණ වශයෙන් ආවරණය කරන රක්ෂිතය උතුරු අක්ෂාංශ 10°50′ - 12°16′ අතර හා නැගෙනහිර දේෂාංශ 76°00′ - 77°15′ අතර පිහිටා තිබේ.
රක්ෂිතය ඝාට්ස් බටහිර බෑවුම්හී නිවර්තන හා උපනිවර්තන තෙත් වනාන්තර වල සිට නැගෙනහිර බෑවුම්හී නිවර්තන හා උපනිවර්තන වියලි වනාන්තර තෙක් පැතිර පවතී. වාර්ෂික වර්ෂාපතනය මිමි 500 ත් 7000 අතර විචලනය වේ. නිරිතදිග ඝාට්ස් තෙත් පතනශිලී වනාන්තරය, නිරිතදිග ඝාට්ස් කඳුකර වැසි වනාන්තරය හා දකුණු ඩෙකෑන්සානු වියළි පතනශීළි වනාන්තරය යන ප්‍රධාන පරිසර කලාප තුනකින් මෙම රක්ෂිතය සමන්විත වේ.

සත්ව හා ශාක සංහතිය


ක්ෂීරපායී විශේෂ 100 කට වැඩි ප්‍රමාණයක්, පක්ෂි විශේෂ 350 ක්, උරග විශේෂ 80 ක්, මතස්‍ය විශේෂ 39 ක්, උභය ජීවී විශේෂ 31 හා සමනල විශේෂ 316 ක් පමණ මෙහි සත්ව සංහතියට අයක් වේ.
ශාක විවිධත්වය අතින් නිල්ගිරි රක්ෂිතය ඉතා ඉහල මට්ටමක පවතී. විශේෂ 3,300 ක පමණ සපුෂ්ප ශාක ප්‍රමාණයක් මෙහි දැකගත හැකිවන අතර ඉන් විශේෂ 132ක් මෙම රක්ෂිතයට පමණක් ආවේණික වේ. 80% ක පමණ සපුෂ්ප ශාක ප්‍රමාණයක් බටහිර ඝාට්ස් ප්‍රදේශයෙන් වාර්ථා වේ.

උද්‍යාන

නිල්ගිරි රක්ෂිතයට අයත් උද්‍යාන කිහිපයකි.
  https://upload.wikimedia.org/wikipedia/commons/e/e1/Doddabetta_view.jpg







No comments:

Post a Comment