Monday, February 15, 2016

ජලයේ ගිලී පවතින කුඩ පොම්පේ නගරය

 සයුරු පතුලේ සැගව පවතින කුඩා පොම්පේ නගරය.

ඩෙලෝස් දුපත ආශ්‍රිතව, ඊජියන් මුහුදු පතුලේ, සැගවී ඇති පැරණි ජනාවාසයක කොටස් මගින් එහි මැටි කර්මාන්තය තිබුණා යැයි සිතිය හැකි පුරවිද්‍යාත්මක සාධක ගණනාවක් එම ස්ථානයෙන් හමුවී තිබෙන බව ග්‍රීසියේ සන්ස්කෘතික අමාත්‍යන්ශය මගින් වාර්තා කර ඇත. මෙය ජනමාධ්‍ය විසින් හදුන්වනු ලබන්නේ, "ජලයේ ගිලී පවතින කුඩා පොම්පේ නගරය" ලෙසයි.
පෙර සිදුකල පර්යේෂණ මගින්, සොයා ගත් අවශේෂ වලට අනුව  නිගමනය වූයේ, මෙය පුරාණ නැව් තටාකයක් බවයි. එහෙත්, මෑතකදී ග්‍රීසියේ ජාතික හෙලනික පර්යේෂණ පදනම හා සාගර පුරාවිද්‍යා අන්ශය මගින්  කරනු ලැබූ පර්යේෂණයන් මගින්  ගම්‍ය වූයේ වෙනස්ම වූ මතයකි. නැව් තොටකට වඩා එය මැටි කර්මාන්තය දියුණු වූ පැරණි ජනාවාසයකට සමාන බව මෙහිදී හමුවූ පුරාවිද්‍යාත්මක සාධක මත මොවුන් මත පළ කර ඇත.
මෙහිදී පුරාවිද්වතුන් විසින් ටෙරාකොටා මැටි බදුන් 16ක් ඊජියන් මුහුදු පතුලෙන් සොයාගෙන ඇත. සාගර පත්ලේ සැගවී තිබෙන මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය, බොහෝ දුරට හර්ක්‍යුලේනියම් හා පොම්පේ යන පුරාවිද්‍යාත්මක නගර වලට සමාන බවක් දක්වයි. ඩෙලෝස් වෙරළ තීරයට සමාන්තරව , සාගර පුරාවිද්වතුන් විසින් බිදුණු කුළුණු හා බිත්ති අවශේෂ සොයාගෙන තිබේ.
ඩෙලෝස් දූපත යනු, පුරාතන ග්‍රීක ඉතිහාසයේ පූජනීය වශයෙන් සැලකූ භූමයක් වන අතරම , මිනිස් වාසය සදහා තහනම් වූ ප්‍රදේශයක් විය. මේ හේතුවෙන් මෙහි ඇති මැටි වැඩ බිමේ ලක්ෂණ විමසුමට ලක්වේ.
ග්‍රීක ශිෂ්ටාචාරය බිද වැටීමත් සමග, මෙම දූපත කෙරෙහි වූ අවධානය කෙමෙන් අඩුවූ අතර, ක්‍රි.ව. 5 සියවසෙන් පසු ලෝක අවධානයෙන් සදහටම සැගවී පැවතුණි.
ඩෙලෝස් දූපත ආශ්‍රිතව, මුහුදු පතුලේ ඇති මෙම විශ්මයජනක ස්ථානය පිළිබදව, ග්‍රීක පුරාවිද්‍යා අන්ශය, තවදුරටත් පර්යේෂණ සිදු කරන අතර, මෙහි ඇති නැව් තොටේ අවශේෂ හා මැටි වැඩ බිමේ අවශේෂ සම්බන්ධ කරමින් ,රෝම යුගයේ මෙහි පැවති අතීත වෙළදාම පිළිබද සොයා ගනීම ඔවුන්ගේ අරමුණයි.


 වැඩි විස්තර සදහා පිවිසෙන්න.-  http://news.discovery.com/history/archaeology/small-underwater-pompeii-found-off-greek-island-141120.htm




No comments:

Post a Comment