ටජ් මහල යනු ඉන්දියාවේ විසු පස්වෙනි මෝගල් අධිරාජයා වූ ශා ජහාන් රජු විසින් ඔහුගේ ආදරණීය බිසව අර්ජුමාන්ද් බානු බෙගම් දේවිය හෙවත් මුම්ටාස් දේවිය සිහිවීම පිණිස ඉදි කරන ලද සුවිශාල ස්මාරකයකි.මෙය ඉන්දියාවේ අග්‍රා නුවර පිහිටා තිබේ.
ටජ් මහල සෑදීම 1632 දී ආරම්භ වූ අතර 1653 දී එය සාදා නිම කරන ලදි.
ඉස්ලාම් ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී වු ස්මාරකයකි මෙය. කම්කරුවන් 20,000ක් සහ කලා ශිල්පීන් රැසක් එක් වී වසර 22 ක් පුරා මෙය ඉදි කිරීමේ කටයුතු සිදු කලහ.
මේ තුල මුම්ටාස් දේවියගේ සොහොන් ගැබ ද ඉදි කර තිබේ.සමචතුරස්‍රාකාර වේදිකාවක් මත මේ සොහොන් ගැබ සකසා තිබේ.එහි සෑම කොනකම කොත බැගින් නිර්මාණය කර තිබේ.මෙම සෑම කොතක්ම මීටර් 50ක් උසය.සුවිශාල සිරස් ගෝලයක් සොහොන් ගැබ මධ්‍යයෙන් ඉහලට නිර්මාණය කර තිබේ.ඒ වටා කුඩා ගෝල 4ක් ද ගොඩනගා තිබේ.
ටජ් මහල් යන්නෙහි තේරුම 'ඔටුනු මාලිගය' යන්නයි.ශුද්ධ කුරාණයේ පාඨ මෙම සොහොන් ගැබෙහි පිටත කැටයම් කර තිබේ. ටජ් මහල සැකසීම සදහා ඉන්දියාව ,ඉරානය,තුර්කිය සහ යුරෝපයේ කම්කරුවන් සහ කලා ශිල්පීන් දායක වී තිබේ.
මෙය ලොව ඉදිකල මිල අධිකම සොහොන් ගැබ ලෙස සෙලකේ.මෙය සම්පූර්ණයෙන්ම සාදා ඈත්තේ කිරිගරුඬ භාවිතයෙනි. ඉතා වටිනා සහ දුර්ලභ පාෂාන වර්ග රැසක් සොහොන් ගැබ අලංකාර කිරීම සදහා භාවිතා කර තිබේ.ඒ චිනය,තිබ්බතය,ශ්‍රි ලංකාව සහ අරාබිය යන රටවලින් ගෙන්වන ලද පාෂාන වර්ගයකි.
No comments:
Post a Comment