Wednesday, February 24, 2016

ඓතිහාසික නාලන්දා ගෙඩිගේ

 
කදුරටේ උතුරු ප්‍රදේශයෙන් වියළි  කලාපයට මුහුනළා ඈති මතලේ දිස්ත්‍රික්කයේ නලන්දා ගෙඩිගේ වෙල්යායක් අතර හතරෑස් මලුවක පිහිටි ඉතිහාසගත ව්හාර මලුවකි.ථෙරවාදි හා මහායාන ඈදහිලි,බෞද්ධ හා හින්දු ඈදහිලි නිරුපිත අලන්කාර ගල් හා දුර්ලබ කෑටයමින් මෙය සමන්විතය.
ගෙඩියක් ලෙස හෑදින්වෙන නාලන්දා ප්‍රතිමා මන්දිරය අටවෙනි සියවසටත් දහවෙනි සියවසටත් අයත්වන බව පුරා විද්‍යාච්යන්ගෙ මතය වි ඈත.හත්වෙනි සියවසට අයත් මහාබලිපුරම්හි පල්ලව ගෘහ නිර්මන සම්ප්‍රදායට අයත් ලක්ශණ වලින් යුක්ත ලක්දිව ඉතිරිව තිබෙන එකම බුද්ධ ප්‍රතිමා මන්දිරයද මෙය වේ.නලන්දා ගෙඩිගේ අනුරාධපුර,පොලොන්නරුව හා මහනුවර දිස්තික්ක තුන තුල පිහිටා තිබේ.නලන්දා ගෙඩිගේ කවරකු අතින් නිර්මනය කරන්නට ඈතිද යන්න නිශ්චිත තොරතුරු නෑතත් දකුණු ඉන්දියවෙ පල්ලව අභාසය වස්තු විද්‍යාත්මක ලක්ශණ ද ටෑම් ලිපියක්ද සොයගෙන ඈත.අනුරාධපුර යුගයේ අවසාන කාලයෙදි මෙය ආගමික වශයෙන් වෑදගත් ස්ථානයක්ව පෑවති බවට මෙම ටෑම් ලිපියෙන් සනාථ වේ.නලන්දා ගෙඩිගේ පිලිබද මුලින්ම අවධානය යොමු වී ඈත්තේ කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතාගෙය.පසුව 1893 දී නලන්දා ගෙඩිගෙය තහවුරු කළ අතර 1911 දී පසින් යට වී තිබුණ මන්දිරය මතුකරගන්නා ලදි.ඉන් පසුව මහාචාර්ය සෙනරත් පරණවිතන මහතාගේ අවදානය යොමු වී පර්යේශණ කටයුතු අරම්බ කලේය.1970 වසරේ මහවෙලි සන්වර්ධනට යටවීමට ගිය මෙය තිබු ස්ථානයෙන් ගලවා නෑවත එම ස්ථානයේම උස් හතරෑස් බිමක් සකස් කර අලුත් පාදමක් ස්ථාපනය කරන ලදී.









No comments:

Post a Comment