ශ්‍රී
ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ කැනීම(RUSL Ex 01 2013)
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යයන අංශය ම`ගින් ඍඹීඛ 2013 යන ක්ෂේත්‍ර නාමය යටතේ පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල භූමියේ ආරම්භ කරන ලදි. ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය පරිදි ආරම්භ කරන ලද මෙම කැනිම මගින් අරමුණූ කිහිපයක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.- සිසුන් වෙත ප්‍රායෝගික පුරාවිද්‍යා කැනම් පුහුණුව ලබා දීම
- ස්ථරණය අධ්‍යයනය තුළින් ක්ෂේත්‍ර සකස් වීමේ ක්‍රියාවලිය ඳුනා ගැනීම.
- පැරණි ජනාවාස රටාව අධ්‍යයනය කිරීම සඳහා භෞතික සංස්කෘතික තොරතුරු භාවිතාව පිළිබඳ සිසුන්ට න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම.
ඉහත අරමුණු ඉටුකරගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල භූමිය තුළ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය සකස් කරන ලද කොටු දැල් සැලැස්ම තුළ N1 E3 ග්රිඞ් අංකය තු< මීටර් 3X3 කැනීම් පරිශ්‍රය පිහිටා තිබේ. ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කරන ලද ප්‍රථම පුරාවිද්‍යා කැනිම වන මෙම කැනීම සංසිද්ධිගත අංක යෙදිමේ ක්‍රමය (Context Method) අනුව පස් ඉවත් කරමින් සිරිස් කැkSමක් ලෙස සිදු කරනු ලැබේ.
මේ වන විට සෙ. මී. 20 ප්‍රමාණයට පස් ඉවත් කර ඇති අතර සංසිද්ධි 3ක් හදුනා ගෙන ඇත. අත්හරින ලද වැව් බැම්මක් මත ආරම්භ කරන ලද මෙම කැනීමට අදාල නවතම තොරතුරු ඉදිරි කාලයේදී යාවත් කාලීන කිරිමට පුරාවිද්‍යා අධ්‍යයනාංශය බලාපොරොත්තු වේ.
No comments:
Post a Comment