Tuesday, March 1, 2016

මුද්දරයට ගිය අපේ අතීත උරුමය


මුද්දරයට ගිය අපේ අතීත උරුමය
හැදින්වීම
ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් විදහා දැක්වීමේ අරමුණින් මුද්දර කාර්යාංශය විසින්  “අතීත උරුමය” නමින් මුද්දර පෙළක් නිකුත් කිරීමට කටයුතු කෙරිණි. මේ වනවිට එම මුද්දර පෙළෙන් මුද්දර කාණ්ඩ හතරක් නිකුත් කර තිබේ. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය, පුර්ව ඓතිහාසික යුගය හා මුල් අනුරාධපුර යුගය, පසු අනුරාධපුර යුගය , පොළොන්නරු යුගය වශයෙනි. එහි පළමු මුද්දර කාණ්ඩය වූ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය නමැති මුද්දර පෙළ නිකුත් කෙරුණේ 2005 වසරේ දෙසැම්බර් 21 වැනිදාය.

   1. මුල්ම මානව සාධක












රුපියල් 3ක වටිනාකමින් යුක්ත මෙම මුද්දර තුළින් පුරා ශිලා යුගයට අයත් මානව සාධක හමුවූ “මිනිහා ගල් කන්ද” ප්‍රදේශයේ සිතුවමක් හා එම යුගයට අයත් ශිලා මෙවලම්ය. පුරා ශිලා යුගයට අයත් සාධක මුලින්ම හදුනා ගැනුණේ ඉරණමඩු ප්‍රදේශයෙනි. මෙම ගල් ආයුධ ඉතා සරලය. කහඳ සහ තිරුවානා යන පාෂාණ වර්ග දෙකෙන් නිර්මාණය කර තිබේ

2.   ශ්‍රී ලංකාවේ වද වී ගිය සතුන්

 


ප්ලයෝස්ටසීන යුගයේදී මෙරට විසු අද වන විට වඳ වී ගොස් ඇති සතුන්ගේ පොසිල රත්නපුර මැණික් පතල් ආශ්‍රයෙන් හමුවේ. එම සාධක තුලින් එකල පාරිසරික පසුබිම හඳුනා ගත හැකිය. ඒ අනුව සිතුවමට නැගු එකල වගුරු බිමක දර්ශනයක් සහ රයිනෝසිරස් පොසිලයක් මෙම මුද්දරයෙන් දැක්වේ. මෙහි වටිනාකම රුපියල් 20කි.

3.   නව ශිලා යුගයේ වගා

 


නව ශිලා යුගයේ විසූ ආදී මානවයා වගා කටයුතු කළ බවට හෝර්ටන්තැන්න ප්‍රදේශයේ පරාග විශ්ලේෂණයකින් තහවුරු වේ. ඒ අනුව බාර්ලි,ඕට්ස් ආදී ධාන්‍ය වර්ග එකල නව ශිලා යුගයේ වගා කළ බව  පෙනේ. මෙම මුද්දරයෙන් දැක්වෙන්නේ  හෝර්ටන්තැන්නේ එකල පැවතී වගාබිමක නිරුපණයක් විශාල කර දැක්වූ බාර්ලි පරාගයකි. මෙම මුද්දරයේ වටිනාකම රුපියල් 30කි.
                                                                       එම්.එච්.එම්.ඒ.ඒ. මල්විල                                                                                     SH/3742


No comments:

Post a Comment