
බ්‍රිතාන්‍යයේ විල්ට්ෂියර්හි පිහිටා ඇති "ස්ටොන්ජ්හෙන්ජ්" ගල් කණු මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණය වූවක් බව පුරාවිද්‍යා සාක්ෂිවලින් හෙළිවේ. මෙම නිර්මාණය වර්තමානය වන විට නටඹුන්ව පැවතිය ද මෙහි මුල් නිර්මාණය කවාකාර ශෛලමය වේදිකාවක් වන්නට ඇති බව විද්‍යාඥයින්ගේ උපකල්පනයයි.
මෙහි අැති නොවිසදුණු අබිරහස වන්නේ මෙම ස්ටොන්හෙන්ජ් ගල් කුළුණු කුමන අරමුණක් සඳහා කවුරුන් විසින් නිර්මාණය කළේ ද යන්නය. මේ වන විට මේ අවටින් සොයාගෙන අැති තොරතුරුවලට අනුව බොහෝ මතය වන්නේ මෙය කාල මැනීමේ ඉපැරණි ක්‍රමයක් බවය. සූර්යයාගේ අාලෝකයට අනුව මැවෙන සෙවණැලි රටා අාශ්‍රයෙන් කාලය මැන ගැනීමට මෙය පැරැන්නන් භාවිතා කරන්නට අැතැයි විද්‍යාඥයින් අනුමාන කරන අතර එයට සාක්ෂීන් ලෙස දැනට ද දවසේ විවිධ වේලාවන්හි මැවෙන අපූරු සෙවණැලි රටා හා ඒවායේ දිග ප්‍රමාණයන් විද්‍යාඥයින් ඉස්මතු කර දක්වයි.

මේ වටා ගෙතුණු තවත් අපූරු කතාවක් වන්නේ මෙය අතීතයේ පිටසක්වලයන් සමඟ පෘථිවිවාසීන් සබඳතා පැවැත්වූ ස්ථානයක් බවය. ඊට සාක්ෂි වශයෙන් මේ පිළිබඳව පර්යේෂණ කරන්නා වූ පිරිස් ඉදිරිපත් කරන ප්‍රධාන මතය වන්නේ නොදියුණු ගෝත්‍රික මිනිසුන්ට කාලය මැනීම හෝ සෘතු විපර්යාසයන් පිළිබඳව දැනුවත් වීමට හෝ මෙවැනි සංකීර්ණ ජ්‍යාමිතික නිර්මාණයන් සිදුකිරීමට හෝ අවබෝධයක් නොතිබීමය.
විද්‍යාඥයින් ඉදිරිපත් කරන තවත් මතයක් වන්නේ මෙය අතීත පිටසක්වල යානා ගොඩබැස්සවීමට සකස් කළ වේදිකාවක් විය හැකි බවයි. මෙයට නිදසුන් ලෙස ඔවුන් පවසන්නේ මෙය ගල් කණුවලින් මතුව අැති මිනිස් මුහුණකට අසමාන ජීවි රූපයන් පෙන්නුම් කරන බවය.

කෙසේ නමුත් මෙය ද පෘථිවිය මත අැති අදටත් නොවිසදුණු අබිරහස් ස්ථානයක් වන අතර අනාගතයේ යම් දිනක මෙහි සැබෑ යථාර්ථය විද්‍යමාන විය හැකිය.
No comments:
Post a Comment