ලෝකයේ සෙසු රටවල් සමග සසදන කල ලංකාව පාග් ඓතිහාසික සාධක සහිත ඉතිහාසයක් මෙන්ම සුවිශේෂි වූ ලිඛිත ඉතිහාසයක් උරුම කොට ඇති රටකි. විශෙෂයෙන්ම එහිදි ඓතිහාසික යුගය පොෂණය කිරීම සදහා සාහිතය මුලාශවලින් හා සෙල්ලිපිවලින් ලැබි ඇති පිටුවහල අතිමහත්ය දිවයිනේ නන් දෙසින් සොයාගෙන ඇති මෙබදු වු දහස් ගණනක් වූ සෙල්ලිපි අතරින් ලංකාවෙි පැරණි බැංකු ගැන කියවෙන තෝනිගල සෙල්ලිපියට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.වවිනියාවෙි මාර්ගයේ සිට හොරොවිපොතානට ගමන් කිරීමට පිවිසෙන මාර්ගයේ 6වන සැතපුමි කණුවට මදක් දුරින් උතුරු දිසාවට වන්නට උතුරු මැද පළාත වෙන් කරන සීමාවෙහි තිලක්කුලම නමි පෙදෙසේ පිහිටි ගල් තාලාවක් මත තෝනිගල සෙල් ලිපිය සටහන්ව ඇත. එසේම නාගරගල යන නමින්ද මෙම ස්ථානය ගමි වැසියෝ හදුන්වනු ලබති. සෙල්ලිපිය පිහිටි පර්වතය හාත්පස බෙහෙවින් විනාශයට පත්ව ඇති විවිධ ආරාමික වස්තු විද්‍යාත්මක අවශේෂයන් බොහෝමයක් දැක ගත හැකිය. මෙම නටඹුන්වලට ආසන්නව ගල්තලාවෙි වෙන් වෙන්ව සටහන් කළ සෙල්ලිපි 3ක් දැකගත හැකිය. සෙල්ලිපිය කෙටීමෙිදී සිදු වූ කිසියමි දෝෂයක් නිසාවෙන් ලිපිය බාගෙට කොටා නවතා දමා නව ලිපිය සමිපූර්ණ වශයෙන් සටහන් කලා වීමට පුලුවන. අනෙක් තුන්වන ලිපිය තෝනිගල ලිපියට සියවස් කිහිපයකට පෙර ලියන ලද තනි අක්ෂර පෙළකින්යුතු ලිපියකි.
මෙම ලිපියේ ඇතුළත්ව ඇති ආගමික තොරතුරු අතර තත් කාලීන සමාජයේ ආගමික විවරණයක් ඉදිරිපත් කිරීමක් ගැනද කියවෙි. තවද තත්කාලීන සමාජ ජිවිතය හා සමිබන්ධ තොරතුරු බොහෝමයක්ද අනාවරණය වෙි. විශෙෂයෙන් පැරණි සමාජයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා පරිභෝජනය කළ ආහාරපාන වර්ග පිළිබද තතු මෙම ලිපිය සතුව පවති. ඒසේම කෘෂිකර්මාන්තය මත පදනමි වූ තියුණු සමාජ තත්වයක් මෙන්ම පුද්ගළ ජන ජිවිතයක් නිර්මාණය වී තිබු බවද ලිපියේ සදහන් සාධක අනුසාරයෙන් නිගමනය කළ හැකිය. මෙම ලිපිය පිළිබදව පූර්ණ අධයනයක් පළමු වතාවට සිදුකොට ඇත්තේ සෙනෙරත් පරණවිතාන මහතා විසිනි. මෙි අකාරයට ලංකාවෙි පැරණි බැංකුගැන කියවෙන තෝනිගල සෙල්ලිපියට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.
No comments:
Post a Comment