චිත්‍රපට නැරඹීම මාගේ ප්‍රියතම විනෝදාංශයකි.
විවිධ වර්ගයේ චිත්‍රපට අතර,
ඓතිහාසික කතා
තේමාවන් රැගත් චිත්‍රපට සඳහා මාගේ අවධානය යොමුවන්නේ, මා සැබවින්ම
ඉතිහාසය විෂයට ප්‍රියකරන බැවිනි. ඉතිහාසය, සිනමාකරණය යනු, වර්තමාන සමාජයේ බෙහෙවින් අවධානයට ලක්වූ
කරුණකි. අතීත සංසිද්ධීන් පිළිබඳ මූලාශ්‍ර ගත තොරතුරු අනුව, එම සංසිද්ධීන් ඒ ආකාරයෙන්ම හෝ, ඊට වෙනස්මවූ අයුරින් ප්‍රතිනිර්මාණය කරමින්, රසිකයාට නවමු අත්දැකීමක් ලබාදීමට, ඓතිහාසික චිත්‍රපට උත්සහ දරයි. කෙසේ වුවත්, සමහර චිත්‍රපට, ඓතිහාසික කතා පුවතට සාධාරණයක් ඉටුකළ නමුදු, සමහර චිත්‍රපට එසේ නොවේ. මා නැරඹූ චිත්‍රපට
අතර, මාගේ සිත්ගත් ඓතිහාසික
චිත්‍රපට ත්‍රිත්වයක් පිළිබඳ මෙසේ කරනු දක්වමි.
විජය කුවේණි සිංහල චිත්‍රපටය.
ලිඛිත
ඉතිහාසයට අනුව, ලක්දිව
රාජවංශයේ ආරම්භකයා වන විජය රජුගේ හා හෙළ යක් පරපුරේ කුවේණියගෙ සාම්ප්‍රදායික
කතාපුවත, මෙම චිත්‍රපටයට
පසුබිම් වී ඇත. 2012 වසරේ තිරගත
වූ මෙම චිත්‍රපටය, සුගත් සමරකෝන්
විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර රොජර් සෙනෙවිරත්න, විජය ලෙසත්, දුලානි අනුරාධා , කුවේණි ලෙසත්, රංගනයෙන් දායකවේ.
කුඩා කල සිටම අසා තිබූ,
විජය රජුගේ හා
කුවේණියගේ කතා පුවත තුළ, කුවේණියට බොරු
චෝදනා කරමින්, ඇයව නෙරපා දමන
විජය කෙරෙහි පිළිකුළක් ඇතිකරමින්, ඔහුව කළු චරිතයක් කර තිබුණි. එහෙත්, මෙම චිත්‍රපටය මඟින්,
එය වෙනස් කර , විජය, ඔහුගේ අමාත්‍යවරුන්ගේ
උපායන්ට නතුවී, කුවේණිය
නෙරපාදැමූ බවත්, පසුව ඒ පිළිබඳ
කම්පාවෙමින් හිඳ, ඒ ශෝකයෙන්ම
මියගිය බවත්, ඔහු සත්‍ය
වශයෙන්ම කුවේණියට බොහෝ ප්‍රේම කළ බවත්
පෙන්වාදෙයි. මේ මඟින් විජයගේ චරිතය
සාධාරණීකරණය කිරීමට, නිර්මාණකරුවා
උත්සහ කර ඇත.
කෙසේ හෝ, මෙවන් වූ
ඓතිහාසික චිත්‍රපටයක් නිර්මාණය කිරීම මඟින්, රසික හදවත් පිනවීම පමණක් නොව, හෙළ ඉතිහාසය අනාගත
පරපුර තුළ මෙන්ම, මුළු ලොව පුරා
පතළ කිරීමට හැකියාවක් ලැබීම සැළකිය යුතු කරුණකි.
The legend of Bhagat Singh හින්දි චිත්‍රපටය

මෙම චිත්‍රපටය නැරඹීම මඟින්,
භාරතීය නිදහස්
සටනේ වීර චරිතයක් පිළිබඳ පමණක් නොව,
එකල භාරතයේ
සමාජ හා සංස්කෘතික තත්වය පිළිබඳවත්,
තමන්ව යටත්
කරගෙන සිටිනා සුදු ජාතිකයන් සම්බන්ධව ඉන්දියානුවන් දැරූ ආකල්ප පිළිබඳවත්, බ්‍රිතාන්‍යයන් විසින් තමන්ට විරුද්ධවූ, සතුරන් හා කැරලිකරුවන් සඳහා අනුගමනය කළ ක්‍රියාපටිපාටිය
පිළිබඳවත් ඇතුළුව කරුණු රැසක් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවේ. මෙහි ප්‍රධාන චරිතයට
සුප්‍රකට නළු අජේ දේව්ගන් විසින් පනපොවන අතර, මෙය
රාජ්කුමාර් සන්තෝශිගේ අධ්‍යක්ෂණයකි.
Empire ඉංග්‍රීසි
කතාමාලාව.



මෙහි
ඔක්ටේවියස් ලෙස, සැන්තියාගෝ කැබ්‍රේරා
රංගනයෙන් දායක වන අතර, ජෝන් ග්‍රේ හා කිම්
මැනර්ස් විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබේ.
No comments:
Post a Comment