බෞද්ධ ගෘහ නිර්මාණ
ආගමික කටයුතු කෙරෙන ප්‍රධාන ගොඩනැගිලි පහකින් යුත් පංචාවාස ආරාම නිම කිරීමට 25 කට අධික ශෛලීන් භාවිතා කර ඇත. මෙම සංවිධානය සංඝසභාව, පිළිම ගෙය, බෝධිඝරය, චෛත්‍ය සහ සංඝාරාමය නැතහොත් සභාව වැනි ගොඩනැගිලි ඇතුලත් විය. වටදාගෙය සහ බෝධිඝරය සදහා ආකෘතින් කිහිපයක් විය. මෙම පුරාණ ගොඩනැගිලි තැනීමේදී කලම්ප වද්දා යකඩ ඇණ භාවිතා කර විශාල දැව කොටස් එකට සම්බන්ධ කර සෑදු දැව රාමු යොදා ඇති බවද බිත්ති කපරාරු කර වහල උළු සෙවිලි කරීමෙන් නිම කර ඇති බවද පුරා විද්‍යාඥ හා ගෘහ නිර්මාණ ශිල්පීන් අනාවරණය කර ඇත. විවිධාකාර හැඩතල වලින් යුත් වහලද නොයෙකුත් හැඩයේ උලුවහුද ඒවායේ තිබිණ.
ලෙන් විහාර
වාසය කිරීම සදහා අවම මට්ටමේ පහසුකම් පමණක් ඇති ලෙන් විහාර මුලු දිවයින පුරාම තිබේ. මෙම ගල් ලෙන් වලට ඉහළින් කටාරම් කොටා ඇත්තේ වැසි ජලය ලෙන තුලට ගලා ඒම වැළකෙනු පිණිසයි. මෙම කටාරම් කෙටීමේ කලාව ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂීයි. මෙම ගල් ලෙන් වලට ලෙනෙහි බිත්ති සහ වහල සුදෙන් කපරාරු කර බිතු සිතුවම් වලින් අලංකාර කෙරුණි. පර්වතයේ ගල් පතුරු මැටි පොළව යටින් අතුරා ඇත.

පධානඝරය
අනුරාධපුරය බටහිරාරාමය පධානඝර නටඹුන්
ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය මෙම භාවනා කුටි වලින් දිස්වේ. ඒවායේ සමචතුරශ්‍රාකාර හා සෘජු කෝණාකාර හැඩයන් ඒවා නිර්මාණය කල ශිල්පීන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රකට කරමින් එකට කදිමට ගලපා තිබේ. ගලින් කළ නිමැවුම් ඉතා උසස් තත්වයෙන් තිබේ. විවිධ හැඩයන්ට කපා එකට පරුද්දා විශාල ගල් කුට්ටි යොදා ගොඩනැගිල්ලේ බිම සකස් කර ඇත. වේදිකා දෙක එකට යා කරන පාලම තනා ඇත්තේ විශාල තනි කලු ගල් පුවරුවකිනි. එවැනි එක ගල් පුවරුව ක් දිගින් අඩි 15ක්ද පළලින් 13ක් පමණද වේ. මෙම ගල් පුවරු කෙතරම් සුක්ෂ්ම අන්දමින් එකිනෙකට සම්බන්ධ කර ඇද්ද කියතොත් ගල් පුවරු වේදිකාවට සම්බන්ධ කර ඇති ස්ථාන සොයා ගැනීම පවා ඇති දුෂ්කරය.
.
කවාකාර වහල සහිත පුදබිම්
කවාකර හැඩයෙන් යුත් පියස්ස හොඳින්ම ආරක්ෂා වී ඇති ගොඩනැගිල්ල ලෙස ථූපාරාම පිළිම ගෙය සැළකේ
සැලසුම හා ගොඩනැගීම
ගොඩනැගිලි ද්‍රව්‍ය
ගොඩනැගිලි ඉදිකරන්නෝ ගල්, ගඩොල් දැව ආදි විවිධාකාර දෑ උපයෝගී කර ගත්හ. ඉදිරියට නෙරා ඇති කවාකාර ගඩොල් ආරුක්කු, කවාකාර පියැසි, සහ ගෝලාකාර ශිඛර යනාදිය ද ගොඩනංවන ලදි. ගොඩනැගිලිවල ආධාරක බිත්ති වශයෙන් පර්වතවල මුහුණත යොදාගන්නා ලදී. සීගිරියේ කැටපත් පවුර දරා සිටින වේදිකාව ද ගඩොලින් කරන ලද පියගැට පෙල ද පිහිටා තිබෙන්නේ ප්‍රපාතාකාර ගල් පර්වතයෙහිය. 6 වැනි ශත වර්ෂයේදී පමණ ගොඩනැගිලි නිර්මාණකරුවෝ හුණුගල්වලින් නයිස් නම් කලු ගල් වර්ගය වෙත මාරු වූහ. පොළොන්නරුවේ වටදාගෙයිහි බිත්ති ගල්වලින් නිර්මාණය කරන ලදී. ඒවා ඉහල මහළ දක්වා උස් විය. ඉහල මාලය කරා යොමු වුණු ගල් පඩි පේලියක පහලම පඩිය පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජ මාළිගයේ ඇති නටබුන්වල අදත් දැකිය හැක. පස් වෙනි ශත වර්ෂයේ ආරණ්‍යවල විසූ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කළ අතු සෙවිලි කල මඩුව ද ඉතා නිවැරදිව සැලසුම් කරන ලද ඒවා විය.දැව
පරාක්‍රමබාහු මාළිගයේ ගඩොල් බිත්තිවල සිරස් විවරයන් තුල වහලේ බර දරා සිටීමට දැව කණු යොදා තිබූ බව සැළකේ
බර දරා සිටීම සඳහා දැව යොදා ගෙන තිබුණි. සැකිළි සඳහා ගසක කඳ සම්පූර්ණයෙන්ම යොදා ගෙන ඇත. ක්‍රි.පු 4 වැනි සියවසේදි ඉදිකරන ලද අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ නිර්මාණය කිරීමට යොදා ගෙන තිබුණේ සම්පූර්ණ දැව කඳන්ය. පොළොන්නරුවේ සහ පඬුවස්නුවර මාළිගාවල තිබෙන ගඩොල් බිත්තිවල සිරස් විවරයන් තුල, ඉහල මාලයේ සහ වහලේ බර දරා සිටීමට යොදාගෙන තිබෙන දැව කණු තනි ගසකින් නිර්මාණය කර ගත් දැව කණු වෙයි.
මංජු ශ්‍රි ශිල්පය නැමති ග්‍රන්ථයේ දැව කැපීම සහ පදම් කිරීම පිළිබඳව තොරතුරු ඇතුලත් වේ. හොඳින් වැඩුනු ගස් තෝරා ගෙන නව සඳ කාලයේදි ඒවා කපනු ලබයි. එසේ කරන්නේ ඒ කාලයේදි ගසෙහි කඳේ සීනි ප්‍රමාණය අඩු බැවිනි. එසේ වූ විට ගසේ කඳට හානි කරන කෘමින් ඒම වැළකේ.
ශෛලමය නටබුන්වල ඉතිරි වී තිබෙන සළකුණුවලින් පෙනෙන්නේ ඉතා විශිෂ්ඨ වඩු තාක්ෂණයක් යොදාගෙන තිබුණු බවයි. වඩු වැඩ සඳහා යොදාගෙන තිබුණේ පොරව, වෑය, සහ නියන වැනි සාමාන්‍ය ආයුධයි. වඩු කර්මාන්තයේදී භාවිතයට ගන්නා ශිල්පීය ක්‍රම දෙකක් සද්ධර්මරත්නාවලියේ විස්තරවේ. දැව නරක් නොවීම සඳහා තෙල් ගැල්වූ අතර ඇද ඇරීම සඳහා රත් කර ඇත.
No comments:
Post a Comment