පොලොන්නරු යුගයේ සිතුවමි කලාව පිළිබද විශිෂ්ටතම නිදර්ශන අපට හමුවන්නේ තිවංක පිළිම ගෙයිනි. ගඩොලින් හා හුණු බදාමෙන් නිමවා ඇති මෙම පිලිම ගෙය මහා පැරකුමි රජු විසින් කරවන ලද්දකි. දන හිස ඉගටිය හා උරහිස යන ශරිරයේ තුන් තැනකින් වක් වු පිළිමයක් මෙහි තනා තිබු හෙයින් මෙම නම ව්යහාරයට එන්නට ඇත. මෙය ථූපාරමය ලංකාරාමය මෙන්ම ගෙඩිගේ සමිපදායෙන් ඉදි කල ගොඩනැගිල්ලකි. මෙහි දිග අඩි 133කි පළල අඩි 67ක් පමණ වෙි. මෙහි බිත්ති ලංකාතිලකයේ බිත්තිවලට වඩා මිටි බව පෙනේ'. පල්ලව ශෛලිය මෙහි ඉදිකිරිමෙිදී බලපා ඇති බව විද්වතුන්ගේ මතයයි එච් සි පි බෙල් එස් එමි බරෝස් හා මහාචාර්ය සෙනෙරත් පරනවිතාන යන අය මෙහි සංරක්ෂණ කටයුතුවලට සුවිසල් දායකත්වයක් ලබා දුන්හ, පද්මාසන මත ගඩොලින් නිමවු පිළිමයේ හිස කොටස විනාශ වී ගොසිනි පිලිම ගෙයෙහි දිග අඩි 133ක් පමණ වන අතර පළල අඩි 67ක් පමණ වෙි. පිටත බිත්ති සත්ව මානව හා දේව රූපවලින්ද විමානවලින්ද අලංකාර කර ඇත.
මෙරට සිතුවමි කලාවෙි විශිෂ්ටතම නිදර්ශන අපට හමු වන්නේ තිවංක පිළිම ගේ ඇතුලු බිත්ති වලිනි. අසංක විදුර සස චුල්ල පදුම තේමීය යන ජාතක කතා මෙහි සිතුවමට නගා ඇත. මීට අමතරව මහා හයා දේවිය දුටු සිහිනය හා බුදුන් වහන්සේ දෙවිවරුන්ට ධර්මය දේශනා කිරීමෙන් පසු තවිතිසා දෙවිලොවින් බසින දර්ශනයද මෙහි සිතුවමි අතර හමුවෙි. රතු කහ කොළ වර්ණ යොදා ඇද ඇති මෙම සිතුවමි ඉතා ඉහළ අගයක් ගනි. ඉන්දීය අජන්තා සිතුවමි වලට නෑකමි කියන මෙම සිතුවමි කලාවෙි ස්වර්ණමය සිහිවටනයකි
No comments:
Post a Comment