ක්‍රි. පු 3100-1070 අතර කාල පරාසය තුළ පැවතුණු ශිෂ්ටාචාරය හදුන්වන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය යනුවෙනි.
මිසර ශිෂ්ටාචාරය යනු ඊට තවත් නමකි. මෙම ශිෂ්ටාචාරයෙහි රජවරුන් හැදිනුයේ ‘පාරාවෝ‘ යන නමිනි.මියගිය පසු ඔවුන්ගේ සිරුරු තැන්පත් කිරිම සදහා යොදගැනුණේ පිරමීඩ යැයි නම් කෙරුණු සොහොන් කොත්ය. එම සොහොන් කොත් වල තැන්පත් කෙරුණු මෘත දේහ තවමත් නොදිරා පවති.එසේ වී ඇත්තේ මළ සිරුරු නරක් නොවීමට ඔවුන් යොදා තිබුණු උසස් තාක්ෂණය නිසාය. පිරමීඩ ගොඩනැගීමේ තාක්ෂණය පුදුම සහගතය. මේ සදහා යොදා ගත් සමහර ගල් කුට්ටි ටොන් 2 පමණ බරය. මෙවැනි ගල් කුට්ටි මිලියන ගණනක් එක් පිරමීඩයකට යොදා ඇත. මේවා ඇත ප්‍රදේශ වල සිට නයිල් නදිය ඔස්සේ බෝට්ටු මගින් ගෙනැවිත් අැතැයි සැලකේ.
මෙකල ජනයා තිරිගු, බාර්ලි, රට ඉදි අාහාරයට ගත්හ. පාන් පිළිස්සීමට දැන සිටියහ. සී සාන පුද්ගලයෙකුගේ පිටු පසින් යමින් බීජ වපුරන ස්ත්‍රියක් නිරැපනය කෙරෙන චිත්‍රයක් නිසා එකල ජනයාගේ රැකි රක්ෂා හා අාහාර ගැනද තොරතුරු දැනගත හැකිය. මෙකල දේශීය වෙළදාමත් විදේශීය වෙළදාමත් ප්‍රචලිතව පැවතුණි.ධාන්‍ය, රෙදි, පැපිරස් පත්‍ර අාදිය අපනයන වෙළද භාණ්ඩ විය.
ලේඛන කලාව පිලිබදව ඊජිප්තුව විශේෂ තැනක් ගනී. මැටි පුවරු වල හා බිත්ති වල හා පැපිරස් පත්‍ර වල ලියු ලේඛන බොහෝය. කපරාරු කරන ලද බිත්ති වල නිරෑපිත මුර්ති සහ අදින ලද චිත්‍ර විශාල සංඛයාවකි. ඊජිප්තු කලා ශිල්ප ලොවට දායාද කෙරැණේ පිරමීඩ නිර්මාණය හරහාය.
No comments:
Post a Comment