Monday, February 29, 2016



RAWANA IS A GREAT KING OF SRILANKA..



Image result for rawana raju sinhala
RAWANA KING LIFE

Lankagamdoranews

රජගල පුරාවිද්‍යා භූමිය

රජගල, හෝ රජගලතැන්න/රාස්සගල යනු ඝන වනාන්තරයකින් වැසී ගිය මුහුදු මට්ටමේ සිට අඩි 1038 (316 මීටර) පමණ උස්වූ, ශ්‍රී ලංකාවේනැගෙනහිර පළාතේ පිහිටි එෙෙතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ පෞරාණික නටඹුන් සහිත කඳු වැටියක් වේ. පැරණි නටඹුන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අක්කර 1080ක් පමණ පුරා විහිදී ගිය මෙම පුරාවිද්‍යා භූමිය අනුරාධපුරය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවන වන බැව් පැවසේ.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

අරහත් මිහිඳු හිමි පිළිබඳ සඳහන් වන ශිලා ලිපිය[4]
Transcription:Ye ima dipa paṭamaya idiya agatana Iḍika-[tera-Ma] hida-teraha tube
අර්ථය:මෙම ස්ථූපය දිවයිනට වැඩි මිහිඳු මහරහතන් වහන්සේගේ සහ උන්වහන්සේ සමග පැමිණි ඉට්‌ටිය තෙරුන්ගේ භෂ්මාවශේෂ නිධන්කොට තැනූ ස්‌ථූපයයි.
අක්ෂර:බ්‍රාහ්මී/සිංහල
භාෂාව:පාකෘත
මෙම ස්ථානයෙහි මුල් ඉතිහාසය නිශ්චිත නොවූවත්, ක්‍රි.පූ. 1 වන සියවසට අයත් ශිලා ලිපි හමුවීම නිසා එම සමයේ පමණ සිට මෙහි භික්ෂූන් වහන්සේලා වැඩවසන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුදු, මෙහි ඉතිහාසය මෙරට බුදුධහමේ පූර්ව අවධියට විහිදෙන බැව් ශිලා ලිපියකින් ප්‍රකාශ වේ. එයට අනූව ලංකාද්වීපයට බුදු ධහම රැගෙන පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ රජගලතැන්න විහාරයට වැඩි බව සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ සඳහන් ශිලා ලිපි ද්විත්වයක් මෙරට සොයාගෙන තිබෙන අතර ඉන් එකක් රජගල පුරාවිද්‍යා භූමියෙන්ද; අනෙක මිහින්තලයපුදබිමෙන්ද සොයා ගෙන තිබේ. පැරණි සාධක අනූව මිහිඳු මහරහතන් වහන්සේගේ සහ උන්වහන්සේ සමග පැමිණි ඉට්‌ටිය තෙරුන්ගේ භෂ්මාවශේෂ මෙහි වූ සෑයක තැන්පත් කර ඇති බැව් පැවසෙයි.

"රාස්සගල" නාමය[සංස්කරණය කරන්න]

පුරාවිද්‍යාඥයින් පවසන පරිදි, රාක්ෂයන්ට වැදුම් පිදුම් කල රාක්ෂ ගෝත්‍රිකයින් මේ ප්‍රදේශයේ ජීවත්ව සිටි නිසා මෙම කන්දට රාස්සගල යන නාමය යෙදෙන්නට ඇතැයි පැවසේ.

රජගල විහාරය[සංස්කරණය කරන්න]

දුටුගැමුණු රජතුමාගේ සහෝදර සද්ධාතිස්ස රජගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි. පූ. 119-109) විසින් මෙම විහාරය ආරම්භ කල බව මහාවංශය සාක්ෂි දරයි. ලජ්ජ්තිස්ස රජු විසින් කරවූ ශිලා ලිපි කිහිපයක් රජගලින් හමුවී ඇත. මීට අමතරව අනුරාධපුර යුගයේ සිටි කුටකණ්ණ තිස්ස රජු, භාතික තිස්ස රජු, මහසෙන් රජ,බුද්ධදාස රජ සහ දප්පුල රජ වැනි රජවරුන්ගේ සමයන්හී මෙම ස්ථානය වැඩිදියුණු කරවා තිබේ.

පැරණි නම්[සංස්කරණය කරන්න]

අනුරාධපුර යුගයේදී මෙම ස්ථානය ගිරිකුම්බිල විහාරය, අරියාකර විහාරය, අරිත්තරා වෙහෙර වැනි නම් වලින් හඳුන්වා ඇත. දීපවංශය, මහාවංශය,සහස්සවත්තුප්කරණය, අට්ඨකථා, රසවාහිනිය, සද්ධර්මලංකාරය වැනි ග්‍රන්ථ වල මෙම ස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වේ.

නටඹුන්[සංස්කරණය කරන්න]

අඩක් වැඩ නිමකළ හිටි බුද්ධ ප්‍රථිමාව
රජගල පුරාවිද්‍යා භූමියෙහි කාල වකවානු ගණනාවකට අයිති ශිලා ලිපි සමූහයක් දැකගත හැකිවේ. ඒ අතර කටාරම් ලිපි හා ගිරි ලිපි වේ. ඉන් වඩාත්ම අවධානයට ලක්වන පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳරජගල පිහිටි අනෙකුත් නටබුන් අතර අඩක් වැඩ නිමකළ හිටි බුද්ධ ප්‍රථිමාව, දිය පිහිල්ල හා ඊට සම්බන්ධ සුවිසල් ශිලාමය පාත්‍රා, පුන්කලස දෝතින් රැගෙන සිටින ආකාරය දැක්වෙන මුරගල හා නාග රාජු හා රාජිනිය දැක්වෙන මුරගල ආදිය දැකගත හැකි වේ.
මීට අමතරව ශිලාමය පාත්‍රා සහිත ස්ථානයට ඉහලින් ගල් පුවරු යොදා ඉදි කළ පැරණි උළුවස්ස සහිත ගල් ලෙන ඉදිකොට තිබේ. එසේම කාලය අනිෂ්චිත ප්‍රාථමික ගුහා සිතුවම් සමූහයක් සහ අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන බිතු සිතුවම් කොටස් කිහිපයක් සහිත චිත්‍ර ලෙනක්ද මේ පුදබිමේ දැකගත හැකිවේ.

රජගල ලෙන් ලිපිය[සංස්කරණය කරන්න]

ක්‍රි. පූ. 2-1 සියවසට අයත් මෙම ලෙන් ලිපිය පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් යුක්ත වේ. මෙහි අන්තර්ගතයෙහි, දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී තිස්ස මහ රජුගේ පුත් තිස්ස කුමාරයාගේ භාර්යාව වූ උපාසිකා ශාමිකාගේ ලෙන, ලෙස දක්වා ඇත.ව සඳහන් වන ශිලා ලේඛනය වේ. එමගින් මහින්දාගමනය සම්බන්ධ වංශකථාව තවදුරටත් සනාථ කරනු ලබයි.



dabulla rajamaha viharaya


දබුල්ල රජමහා විහරය..
  1.                                                            මද්යම පලතේ මතලේ වගපනහපල්ලේසිය පත්තුවෙ පිහිටි පුරාවිද්දයාත්මක වටිනාකමකින් යුතු මෙම විහාරය ස්වබවික ප්‍රතිමාලය 5කි. එහි බුද්ද ප්‍රතිමා බෝසත් ප්‍රතිමා සහ රජ ප්‍රතිමා ඈතුලු ප්‍රතිමා 154කි.කලු ගල් ,ගඩොල්,ලී ද්‍රව්ය උපයොගී කොට ගෙන නිමව ඈත.ලෙන් සිවිලිම හා අවරන බිත්ති සම්පූර්නයෙන්ම සිතුවම් කොට තිබේ ..වර්ග අඩි 22,000ක් පමන ප්‍රමානයෙන් බිතුසිතුවම් පවතී.මේ සා විශල වු සිතුවම් ප්‍රමානයක් ශේශව ඈති ලොව එකම ලෙන් විහරය මෙය වේ..යුනෙස්කො අයතනය මගින් මෙය ජගත් උරුම බිම් කඩක් ලෙස නම් කොට තිබේ..

උරුමය රැක ගැනීමට ගිවිසුමක්!



        
                              මීට වසර දෙකකට පමණ පෙර, ලොව උඩුයටිකුරු කරමින් නැගී සිටිනා, දරුණු අන්තවාදී කණ්ඩායමක් ලෙස, "ISIS" හඳුන්වා දිය හැකිය. විවිධ රටවල ආගමික හා සංස්කෘතික උරුමයන් සියගණනක් ඔවුන්ගේ විනාශකාරී ප්‍රහාරයන්ට ලක්විය. මේ ලෙස දිනෙන් දින, දරුණු වන "ISIS" ක්‍රියාකාරකම් හමුවේ, අමිලවූ පුරාකෘති ආරක්ෂා කිරීම සඳහා, "UNESCO" සංවිධානය හා ඉතාලිය එක්ව, නව සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ගිවිසුමකට එළඹී ඇත.
                                        ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යවරයා හා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. මෙහි ප්‍රධානතම කරුණ ලෙස දක්වා ඇත්තේ, ඉතාලියේ ආධාරයෙන්, ලොව පුරා පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්මාරක ඇතුළු අනෙකුත් සියළු දේ, ආරක්ෂා කිරීම සඳහා,  " විශේෂ බලකායක් " නිර්මාණය කිරීමයි. එමෙන්ම, ටියුරින් නගරය ආශ්‍රිතව, උරුමය ආරක්ෂාකිරීම පිළිබඳ විශේෂඥ දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් පිහිටුවීම ද මෙම ගිවිසුමේ අරමුණකි.
                         "ISIS"  අන්තවාදී සටන්කාමීන් විසින් තම සංස්කෘතියට පටහැනි දේ වනසන අතර, ප්‍රහාර එල්ල කළ ස්ථානයන්ගෙන් කොල්ලකෑ පුරාවස්තු, තම මූල්‍යමය වාසි සඳහා විකිණීම සිදුකර තිබේ.

 කෙසේ හෝ, වටිනා උරුමයන්ට එරෙහිව, දිනෙන් දින උග්‍ර වන ත්‍රස්තවාදී ක්‍රියා මඟින්, ඒවා රැක ගැනීම සඳහා මෙලෙස ගිවිසුමකට එළැඹීම, ප්‍රශංසනීය කරුණකි. 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:- http://www.theguardian.com/culture/2016/feb/16/unesco-italy-art-artefacts-islamic-state     

අවුරුදු 5300ක් වයස "Otzi" හෙවත් හිම මිනිසා

           
        
          ඔට්සි  (Ötzi) යනු 1991 දී ඉතාලි-ඔස්ට්‍රියානු දේශසීමාව අසල Ötztal  ඇල්ප්ස් කඳු ආශ්‍රිතව සොයා ගන්නා ලද වසර 5,300ක් පැරණි ග්ලැසියර මමියකි.  මමිය යොදා ගෙන සිදු කල  පර්යේෂණ වලින් එහි වූ පච්ච 61ක් හඳුනා ගැනීමට පර්යේෂකයින් සමත්ව ඇත.

          මීට පෙර සිදු කල පර්යේෂණ වලින් පච්ච 50 කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමට සමත් වුවත් ශරීරයේ පවතින අඳුරු ස්වභාවය නිසා නිශ්චිත අවසන් නිගමනයකට ඒමට නොහැකි වී ඇත.නමුත් මේ වනවිට  රූප තාක්ෂණ ක්‍රමයක් යොදා ගනිමින් පර්යේෂණ සිදු කරයි. මෙම ක්‍රමයෙන් අධෝරක්ත කිරණේ සිට පාරජම්බුල කිරණ දක්වා වු කිරණවල වෙනස් වන තරංග ආයාමයන්හි ආලෝකය ඇද ගැනීමේ හැකියාව පවතී. එහෙයින් මෙම ක්‍රමය භාවිතා කිරීමෙන්, පෙර දැකීමට නොහැකි වු පච්ච රැසක් හඳුනා ගැනීමට හැකිවී ඇත. 45ස් වියැති මෙම ග්ලැසිර යුගයේ මිනිසාගෙන් හමු වු පච්ච අතර කතිර සලකුණු (එකතු කිරීමේ සලකුණ වැනි වු ) හා එකිනෙකට සමාන්තරව දිවෙන රේඛා සහිත සලකුණු දක්නට තිබේ. ඒවා සියල්ලක්ම කලු පැහැයෙන් යුතු වන අතර සමහර රේඛා සෙ.මි. 4කට වඩා දික් වු ඒවා වෙයි. නූතනයේ මෙන් නොව එවකට සිරුරේ සිදු කරන සියුම් කැපුම් මත අඟුරු ඇතිල්ලීමෙන් පච්ච කෙටුම් සිදු කර ඇති බවට සලකයි. මමියෙන් හමුවු පච්ච කාණ්ඩ 19 කට බෙදා වෙන් කර ඇත. ඊට වමේ සිට දකුණ දක්වා වු කණ්ඩකීය ස්ථම්භය,වම් කෙණ්ඩය,දකුණු උඩු පතුල, ඇතුළු සහ පිටත වළලු කර සන්ධිය, වම් මැණික් කටුව, දකුණු දණහිස පිටුපස,අකිලීස් කණ්ඩරාව සහ උසින් අඩුම ඉල ඇටයට ඉහළින් ඇති පපුව ප්‍රදේශය (මෙම ස්ථානය අලුතින්ම සොයා ගන්නා ලදී) ආදිය ඇතුලත් වේ. හඳුනාගත් බොහෝ පච්ච කෙටුම් සන්ධි හා පිටුපස පහළ ප්‍රදේශ ආශ්‍රිතව තිබීමෙන් අදහස් වන්නේ ඔහු කිසියම් ආකාරයක වේදනාවකින් පෙලීම නිසා පච්ච් කෙටීම් සිදු කර ඇති බවයි. එමඟින් අදහස් වන්නේ පච්ච කෙටීම් හුදෙක් සංකේතාත්මක බවකින් යුක්ත නොවන අතර චිකිත්සක ක්‍රමයක් ලෙසට භාවිතා කර ඇති බවයි. මේ අනුව බොහෝදෙනාගේ  අදහස වන්නේ මෙම පච්ච බොහොමයක් එම පුද්ගලයාට වේදනාවක් සහිත වු ශරීර කොටස් ආසන්නයේ පිහිටා ඇති බවත් ඔවුන් විසින් පච්ච යම්කිසි ප්‍රතිකර්මයක් ලෙස යොදාගෙන ඇති බවත්ය. එසේම මෙම රේඛා සලකුණු සහිත පච්ච, කටු චිකිත්සාවට අනුරූපී වන බවට මත පල කර ඇති අතර ඒ අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය ඔරිට්ස් යුගයෙන් වසර දහස් ගණනකට පසුව ආසියාවේදී ආරම්භ වු බවට විශ්වාස කෙරේ. මීට වසර කීපයකට පෙර පර්යේෂකයින් විසින් ඔහුගේ රුධිර වර්ගය "O"ලෙසට හඳුනා ගෙන තිබේ.

          පසුගිය ගිම්හානයේ දී දේහය පිළිබඳව මානව නොවන අනුක්‍රමික විශ්ලේෂණ කණ්ඩායමක් විසින් සිදු කල පර්යේෂණ වලින්   මුඛයේ විදුරු මස් ආශ්‍රිත රෝගකාරකයක් පිළිබඳව තොරතුරු සොයා ගන්නා ලදී. ඊට අමතරව ඔහුගේ ධමනි ඝන වීමත්,ඉල ඇට බිඳී සුවපත් වීම්, පා ඇඟිල්ලක විසර ගෙඩියක් වර්ධනය වෙමින් තිබුණු බවටත් ඔහුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දැඩි මානසික ආතතිය හේතුවෙන් නිතර නිතර දුර්වල වී පැවති බවටත් තොරතුරු සොයාගෙන තිබේ. 

          ඔහුගේ මරණය, වම් උරහිසට ඊතල ප්‍රහාරයකින් සිදු වු තුවාලයක් නිසා සිදු වී ඇති බවට විශ්වාස කරයි. ඔරිට්ස්ගේ සිරුර දැනට ඉතාලියේ  South Tyrol පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා ඇත.
 
 
 

Archaealogycal News

http://news.nationalgeographic.com/2016/02/160218-oldest-dress-egypt-tarkhan-archaeology/