Monday, February 8, 2016

ලෝක උරුමයක් වන චීන මහා ප්‍රාකාරය......

        

 මිනිසා විසින් ගොඩ නගන ලද ඉතා දිගුම නිර්මාණය චීන මහා ප්‍රාකාරයයි. එහි දිග කි. මී. 6,400 ක් පමණ වේ. දුරාතීතයේදී චීනය පාලනය කරන ලද විවිධ චීන පාලකයන් විසින් ගොඩ නගන ලද කුඩා ප්‍රකාර රැසක් එක්වී මෙම අති දැවැන්ත චීන මහා ප්‍රකාරය ගොඩ නැගී තිබේ.චීන මහා ප්‍රකාරයේ පළමු කොටස ගොඩනගා තිබෙන්නේ චීනයේ පළමු අධිරාජයා  වූ qin shi Hunangdi අධිරාජයාගේ පාලන සමයේදීය. (ක්‍රි. ව.  2 වන සියවස ) 

       

        අද අපි දකින චීන මහා ප්‍රකාරය ගොඩනගා තිබෙන්නේ මින් අධිරාජයාගේ පාලන සමයේදීය (ක්‍රි. ව.  5 වන සියවස )  

            චීන මහා ප්‍රකාරයේ පළමු ප්‍රාකාරය සෑදීම සඳහා දැව, ගල් යොදාගෙන තිබේ. මින් රාජ සමයේදී ගොඩ නගන ලද ප්‍රාකාරය ඉතාමත් ශක්තිමත් ප්‍රාකාරය වේ. ප්‍රාකාරයේ බොහෝ කොටස් පිගන් ගඩොල්, හුණුගල් සහ ගල් යොදා සකසා තිබේ.  

           ගඩොල් අතර කුහර පිරවීම සඳහා හුණුගල් සමඟ ඇලෙන සුළු සහල් යොදා සිමෙන්ති වැනි ද්‍රව්‍යක් සකසා ගත්හ. එයින් ප්‍රාකාරය බෙහෙවින් ශක්තිමත් වී තිබේ. චීන මහා ප්‍රාකාරය චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ සිට බටහිර ප්‍රදේශය දක්වා විහිද පැතිර තිබේ. මෙම මහා ප්‍රාකාරය ගොඩ නැගීම සඳහා ගම්බද ගොවියන් සහ සිරකරුවන් 300, 000 ක ශ්‍රම බලකායකගේ සහාය මින් අධිරාජයා ලබාගෙන තිබේ. ඔවුහු දිවා රෑ වෙහෙස වී මෙය ගොඩනැගූහ.

            කඳු, තැනිතලා නිම්න හරහා මෙම ප්‍රාකාරය ඉදිවී තිබේ. චීන මහා ප්‍රාකාරයේ සෑම කොටසක්ම එක සමාන උසින් සහ පළලින් උක්ත නොවේ. තැනිතලා ප්‍රදේශවලදී උස සහ පළල වැඩි වන ලෙසත් කඳුකර ප්‍රදේශවලදී උස සහ පළල අඩු වන ලෙසත් ප්‍රාකාරය ගොඩනගා තිබේ.   


                        
        

මෑතක් වනතුරු සැගවී තිබූ ජාත්‍යන්තර වරායක්...

මෑතක් වනතුරු සැගවී තිබූ ජාත්‍යන්තර වරායක්...

පසුගිය වසරේ (2014)  පුරවිද්‍යාත්මක සොයාගැනීම් අතර, මූලික වූ පුවතක් ලෙස "ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් ඉපැරණි ජාත්‍යන්තර වරායක සාධක හමුවීම" පෙන්වා දිය හැක.
 ත්‍රිකුණාමලයේ ඉලන්කතුරේ සිදුකළ කැණීමක් මගින් මෙය සොයාගත් අතර, මෙම වරාය අතීතයේ පෙර අපර දෙදිග, ලොව රටවල් ගණනාවක් සමග වෙළද සම්බන්ධතා පැවැත්වූ බවට සාධක හමුවී තිබේ. ඒ අතර, විදේශ භාණ්ඩ අවශේෂ හා පබළු වර්ග රාශියක් සොයාගැනීම මූලික වේ.
 කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අර්ජුන තන්තිලගේ මහතා විසින් මෙහෙයවූ මෙම පුරවිද්‍යාත්මක පර්යේෂණය, මෙරට ඉතිහාසයේ නව පිටුවක් පෙරළීම සදහා උත්සුක වී ඇත.

මේ පිළිබද වැඩි විස්තර සදහා පිවිසෙන්න.- http://newsfirst.lk/english/2014/02/ancient-harbor-discovered-trincomalee/21260 


                   










 

කුශ්ඨරාජගල ප්‍රතිමාව

Tour Sri lanka - Kushtarajagala Sri lanka

 කුෂ්ඨරාජගල සම්බන්ධව ජනප්‍රවාදයන්ද පවතී. ඉන් එකකට අනූව මෙම ප්‍රථිමාව, කුෂ්ඨ රෝගයක් වැළඳුණු හතරවැනි අග්බෝ රජු දේව ආශීර්වාදය ලබා ගැනීමේ අරමුණින් දෙවුන්දර පිහිටි දේවාලයට පැමිණි අවස්ථාවේ නාථ දෙවියන්ගේ රූපයක් ඉදිකිරීමට සිදුකල බාරවීමකට අනූව ඉදිකරන ලද්දක් වේ. කුෂ්ඨ රෝගයෙන් සුවවීමෙන් අනතුරුව රජු විසින් බාරය ඔප්පු කිරීමක් වශයෙන් වැලිගම අවලෝකිතේශ්වර නාථ රූපය කරවූවේ යැයි ජනවහරෙහි දැක්වේ

කුෂ්ඨරාජගල ප්‍රථිමාව මගින් මහායාන බුදුධහමට අයත් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නිරූපණය වන බැව් පිළිගැනීමට ලක්ව තිබේ. මහායාන බෝධිසත්ව ප්‍රථිමා හී ජටා මකුටයෙහි (ශීර්ෂාභරණයෙහි) සමාධි බුදු පිළිමයක් අන්තර්ගතවීමත්, මෙම ප්‍රථිමාවේ ජටා මකුටයෙහි සමාධි බුද්ධ ප්‍රතිමා සතරක්ම දැකගත හැකි වීමත් ඊට හේතුව වී තිබේ. මීට අමතරව මහායානිකයන් විසින් රෝග සමනය උදෙසා අවලෝකිතේශ්වර නාථ දෙවියන් පිදීම හා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් දක්වනු ලැබූ නේපාල ලිපියක, නාථ දෙවියන් ගේ එකසිය අටක් වූ අවතාර අතරේ සිංහනාද අවලෝකිතේශ්වර රෝග සමනය කරන්නෙකු බවත් එනිසාම සිංහල ද්වීපයෙහි ආරෝග්‍යශාලා ලෝක නාථ නාමය ව්‍යවහාර කරන බව, සඳහන් කිරීම නිසා මෙම මතය ඇති වී තිබේ.
උසින් අඩි අටක් පමණ වන, පිහිටි ගලට අනුබද්ධවන ලෙස නිර්මාණය කොට ඇති මෙම ප්‍රථිමාවේ යටිකය දෝතියකින් සරසා තිබේ. එම පිළිමයේ උඩුකයේ උදර බන්ධනයකින් දැකගත හැකිවන අතර ගෙලෙහි මාල හා දෑතෙහි වළලු පවතී. දෙකන් ලම්බකර්ණව දක්වා ඇති අතර ඒවා කුණ්ඩලාභරණවලින් අලංකෘතය. දෙඅත් මගින් මුද්‍රාවන් දක්වයි. ඉන් දකුණු හස්තයෙන් විතර්ක මුද්‍රාව හා වම් හස්තයෙන් ආහ්වාන මුද්‍රාව දක්වන බව උල්රිච් වොන් ශ්‍රොඩර් මහතාගේ, බුඩිස්ට් ස්කල්පචර් ඉන් ශ්‍රී ලංකා (Buddhist Sculptures in Sri Lanka) නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. එසේම ජටා මකුටයෙහි සමාධි බුදුපිළිම 4 ක්ම නෙළා ඇති මෙරට එකම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ලෙසද කුෂ්ඨරාජගල පිළිගැනේ.


බුදුරුවගල




 




බුදුරුවගල යනු ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පිහිටි එෙතිහාසික පුදබිමක් වේ.
ගල් පර්වතයෙන් මදක් ඉස්මතු වන සේ නෙලා තිබෙන මෙම මූර්ති ක්‍රි. ව. 7-9 ශතවර්ෂයන්ට අයත් මහායානික මූර්ති ලෙස පිළිගැනේ. මෙහි ප්‍රධාන බුදුරුව උසින් අඩි 51ක් පමණ වන අතර ඒ දෙපස ප්‍රථිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රථිමාවේ දකුණු පසින් අවලෝකිතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට ගෙන තාරා දේවියගේ සහ සුධන පෝසතුන්ගේ ප්‍රථිමා වේ. එසේම වම් පසින් මෙෙත්‍රී බෝසත් රුවක් සහ දෙපසින් වජ්‍රපාණී බෝසත් රුවක්ද, හදුනාගැනීමට අපහසු වෙනත් රුවක්ද වේ.

මීට අමතරව බුදුරුවගල සංඝාරාමයට අයත් ගොඩනැගිලි හා නටඹුන් රැසක් හාත්පස භූමියේ විසිර පවතියි.