Tuesday, March 1, 2016

සිංහරාජය පිළිබද තොරතුරු

මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි. ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.
ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි.
සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි.
වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී
දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි.
සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය. උඩු වියන් ස්ථරය ( බටු නා, වැලිපියන්න, කීන , තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක මෙයට අයත් වේ), උප වියන් ස්ථරය (හැඩවක, මලබොඩ, දිය නා, කටමොද වැනි ශාක වලින් සමන්විතය), යටි ස්ථරය (මඩොල්, අතුකැටිය වැනි ශාක මෙහි ඇත), පඳුරු ස්ථරය ( වල් බෝම්බු, පිනිබරු, පෙරතඹල වැනි ශාක විශේෂ වලින් මෙම ස්ථරය සෑදී තිබේ) හා ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක (වල් ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්ථරය වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. විශාල විවිධත්වයක් පෙන්වන ශාක අතර මුලාවැල්ල, හිනිපිටිගල හා මෝනිං සයිඞ් ප‍්‍රදේශයේ පිහිටි ශාක වල කඳුකර වනාන්තර වල ඇති ලක්ෂණයන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති.
ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි.
මෙම වනයේ සමස්ථ වෘක්ෂලතා සැළකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බව ගණන් බලා තිබේ. ඉන් සියයට 95 ක්ම බිම් ස්ථරයේ වෙයි.
අතීතයේ සිංහරාජ වනාන්තරයේ අලි බහුලව සිටි බව අවට ගම්වාසීහු පවසති. දැන් අලි ගහණය ඉතා අඩුවී ගොසිනි. රක්වාන ආසන්න වනාන්තර ප‍්‍රදේශයේ සැරි සරන අලි තිදෙනෙකු වරින් වර නිරීක්ෂණය කැර ඇත. දිවියා, ගෝනා,  ඕලූ මුවා, කොළ දිවියා ඇතුළු අතිවිශාල සත්ත්ව ප‍්‍රජාවකට වාස භූමි වී ඇති සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායී විශේෂ 12 න් 08 ක් වාර්තාවී ඇත. පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජ වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැක. කැහිබෙල්ලා, සුදු ශාරිකාවා, හිස අළු දෙමළිච්චා, බට ඇටිකුකුළා, සිතාසියා, පතිගෝමර තිරාසිකයා ඒ අතරින් විශේෂ කිහිපයකි.
විශේෂ වර්ග 45 කට අයත් උරගයෝ සිටති ඉන් විශේෂ 21 ක් ම ශී‍්‍ර ලංකාවට අවේණිකය. කටුසු වර්ග කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන්ද ඒ අතර වෙයි. අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙක ද සිංහරාජයේදී දැකිය හැකිය.. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි.
අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ.
ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරයේ පැවැත්ම කෙරෙහි අතිවිශාල දායකත්වයක් සපයන සිංහරාජ වනාන්තරය අවට ජීවත් වන ජනයාද මෙම වනාන්තරයෙන් ලබා ගන්නා කිතුල්, වේ වැල්, සාදික්කා, පළතුරු, ශාක තෙල් හා දුම්මල වැනි නිෂ්පාදනයන්ගෙන් තම ආර්ථිකය ගොඩනගා ගෙන ඇත..
කලක් රාජ්‍ය අනු‍ග්‍රහය ඇතිව හෙළි පෙහෙළි කැරුණු සිංහරාජ වනාන්තරය ඒ අවට පදිංචි කරුවන් විසින් ආක‍්‍රමණය කර වගා බිම් ඇති කිරීම හේතුවෙන් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් පර්යේෂකයන්ගේ තෝතැන්නක් වී තිබේ.
 

ශ්‍රී ලංකාවේ පැරණි කාසි පිළිබඳ තොරතුරු

අභිලේඛන විශාල ප්‍රමාණයක් සහ අතීතයේ දී සංසරණය වු විවිධ වර්ගයේ කාසි ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල විසිර පවතී. විවිධ ඓතිහාසික සන්සිද්ධි පිළිබඳව නිවැරදිව කියැවෙන මෙම ලේඛන හා කාසිවලින් ශ්‍රී ලාංකේය ඉතිහාසය ගොඩනැගීම සඳහා ලැබෙන පිටිවහල ප්‍රසංශනීයයි.
අතීත ජීව ගුණයෙන් පරිපූර්ණ වූ මෙම සාධක සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ නෛතික අයිතිය හිමිව ඇත්තේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයටයි. එම උරුමයන් තුළ සැඟව ඇති අතීතයේ සිදු වු යම් යම් සිදුවීම් හා ක්‍රියාකාරකම් මගින් වඩාත් තාර්කික වූත් ඉතිහාසයක් ගොඩනැගිය හැකි බව ජනතාව දැනුවත් කරමින් ඒවා ආරක්‍ෂා කර ඉදිරි පරපුරට උරුමකර දීමේ වගකීම අභිලේඛන හා නාණක විද්‍යා අංශය සතු වේ.
ශ්‍රි ලාංකීය අනාගත පරපුරට අභිලේඛන හා නාණකවිද්‍යාත්මක උරුමය දායාද කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන අංශයේ ඉදිරි දැක්ම, මෙහෙවර හා කාර්ය භාරය සකස් වී ඇත.

කාර්ය භාරය

  • සියලූ ම අභිලේඛන හා කාසි හඳුනා ගැනීම සහ ලේඛන ගත කිරීම.
  • අභිලේඛන ස්පර්ශ ලාංඡන ගැනීම.
  • රැස්කරන ලද ක්ෂේත්‍ර දත්ත සහ ස්පර්ශ ලාංඡන ආරක්‍ෂා කිරීම හා පවත්වාගෙන යාම.
  • අභිලේඛන කියවීම.
  • පර්යේෂණ කිරීම.
  • පර්යේෂණ ප්‍රථිඵල ප්‍රකාශයට අවශ්‍ය මූලික කටයුතු සකස් කිරීම.
  • අභිලේඛන ආරක්‍ෂා කිරීම සඳහා අදාළ අංශවලට නිර්දේශ ඉදිරිපත් කිරීම හා අවශ්‍යය දත්ත සැපයීම.

ව්‍යාපෘති

  • අභිලේඛන හා නාණකවිද්‍යා අංශය මගින් විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරයි
  • ශ්‍රී ලංකාවේ ශිලාලේඛන දිස්ත්‍රික්ක මට්ටමින් සුචි ගත කිරීමේ ව්‍යාපෘතිය
  • ඓතිහාසික අභිලේඛන වාර්තාගත කිරීමේ ව්‍යාපෘතිය
  • කාසි සුචි ගත කිරීමේ ව්‍යාපෘතිය
  • ශිලාලේඛන ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යාපෘතිය
  • ශිලාලේඛන පරිවර්තන නාම පුවරු සකස් කිරීමේ ව්‍යාපෘතිය
  • ශිලාලේඛන පිටපත් හා ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය







අභිලේඛන

ඕනෑ ම මතුපිටක් මත ලියන ලද පැරණි ලේඛන හෝ සංකේත අභිලේඛන නම් වේ. ලාංකිකයා බොහෝ විට අක්‍ෂර ලිවීම සඳහා යොදා ගත්තේ ගල්තලයයි. මීට අමතරව මැටි, කඩදාසි, ලී, සහ රන්, රිදී, තඹ ආදි ලෝහ වර්ග ද ලේඛන මාධ්‍ය වශයෙන් භාවිතයට ගෙන ඇත.
  1. පූර්ව බ්‍රාහ්මී
  2. අපර බ්‍රාහ්මී
  3. පරිවර්තිත බ්‍රාහ්මී
  4. මධ්‍යකාලීන සිංහල
  5. නූතන සිංහල
යන අක්‍ෂර විද්‍යාත්මක අවධිවලට මේ අභිලේඛන අයත් වේ. මෙයට අමතර ව දෙමළ, චීන, අරාබි, පර්සියන්, සංස්කෘත, පාලි ආදී භාෂාවලින් ලියු ලිපි ද වේ. අතීතයේ දී ශ්‍රී ලංකාවට එල්ල වූ විදේශීය බලපෑම්වල ප්‍රබලත්වය මෙම ලිපිවලින් මනාව පැහැදිලි වෙයි.

ශිලාලේඛන ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ අක්ෂර විකාශය




අභිලේඛන බොහෝමයක සඳහන් වනුයේ රජවරු හා මහජනතාව විසින් බෞද්ධ විහාරාරාමවලට සහ සංඝයාට කරන ලද ප්‍රදානයන් පිළිබඳවයි. එසේ ම පැරණි ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික, දේශපාලනික හා සමාජීය තත්තවය පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අභිලේඛන වලින් සැපයෙන දායකත්වය ප්‍රශංසනීයයි.

ශ්‍රී ලංකාවේ පැරණි කාසි

අතීත මුතුන්මිත්තන්ගේ සවිමත් දෑතින් නිමවුණු පැරණි දාගැබ්, පෙති පිළිම, වැව් අමුණු වැනි නිර්මාණ අපේ ඉතිහාසයේ විවිධ මංසලකුණු ලොවට හෙළි කරයි. මහා පරිමාණ නිර්මාණාත්මක අංගවලට අනුගත වෙමින් නිමැවුණු කුඩා කාසි ද අපේ උරුමය පිළිබඳ ව කීමට හැකි තරම් විශිෂ්ඨ තත්ත්වයේ ඒවා ය. පුරාවිද්‍යා පර්යේෂණ තුළින් අනාවරණය කර ගන්නා පැරැන්නන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා පොළොව යට සැඟවුණු කාසි මගින් පුරාණයේ පැවති කාසි නාමාවලී ගතකිරීමට මෙන් ම ඉතිහාසය අර්ථ දැක්වීම සඳහා ද සපයන දායකත්වය අතිමහත් ය.
අපේ රටේ පැවති මේ ප්‍රාථමික ගනුදෙනු පිළිබඳ පැරණිතම සාධක හමුවන්නේ මෙසොලිතික ජන සමාජය තුළින් ය.
ක්‍රිස්තු පූර්ව 3 වන සියවස වන විට ශ්‍රී ලංකාවේ කාසි භාවිතයේ ප්‍රභවය සිදු විය. මෙම කාසි නිෂ්පාදනය ක්‍රමානුකූල සැලැස්මකට අනුගත වූ බව රූපදක (කාසි අධ්‍යක්‍ෂ), රූපවාපර (කාසි අනුමතකරන්නා) ආදි කාසි නිෂ්පාදනයට අදාළ තනතුරු නාමයන් ලෙන් ලිපිවල සඳහන් වීමෙන් පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාවේ කාසි සංසරණය පිළිබඳ ව දැනට සොයා ගෙන ඇති පැරණිතම ලිඛිත සඳහන හමු වන්නේ ද මේ ලෙන්  ලිපි ආශ්‍රයෙනි.
ලාංකිකයන් දේශීය මෙන් ම විදේශීය වෙළෙඳාමට අවතීර්ණවීම කාසි සංසරණයේ ආරම්භයට හා වර්ධනයට බලපෑ ප්‍රබල සාධකයක් විය. අතීතයේ භාවිත කාසි මගින් සමකාලීන සමාජීය තොරතුරු රැසක් ද අනාවරණය කර ගත හැකි ය. පුරාණ ශ්‍රී ලංකාවේ පැවති කාසි වර්ග කිහිපයක් මේ වන විටත් භාවිත කාලරාමුවක් අනුව දේශීය හා විදේශීය කාසි යනුවෙන් වෙන වෙන ම හඳුනාගෙන පෙළගස්වා තිබේ.

දේශීය කාසි

ලෝහ නිෂ්පාදනයත් සමඟ හුවමාරු මාධ්‍ය ලෙස විවිධ හැඩතලවලින් යුත් ලෝහ කැබලි භාවිත කරන්නට යොමු වී තිබේ. පසුව ක්‍රමවත් හැඩයකින් යුතුව කාසි බිහි විය.
  • හස් එබූ කාසි
  • ස්වස්තික කාසි
  • ඇතා සහ ස්වස්තික කාසිය
  • ගස සහ ස්වස්තික කාසිය
  • සිංහයා සහ ස්වස්තික කාසිය
  • සිංහ කාසි
  • වෘෂභ කාසි
  • ලක්‍ෂ්මි කාසි
  • රන් කහවණුව හා අනුකොටස්
  • මධ්‍යකාලින තඹ මස්ස කාසි
  • යාපනයේ සේතු කාසි
  • මස්ස කාසි
  • පනම
  • අඟුටු මස්ස / කොකු කාසිය

විදේශීය කාසි

ශ්‍රී ලංකාව අතීතයේ පටන් ම පෙරපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විය. වෙළඳ කටයුතු මෙන් ම රාජ්‍යතාන්ත්‍රීක සබඳතා, සංචාරක කටයුතු හා අධිරාජ්‍යවාදී ආක්‍රමණ මත ශ්‍රී ලංකාව නිරන්තරයෙන් විදේශීය බලපෑමට ලක්විය. ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් හමුවන කාසිවලින් මේ බව තහවුරු වේ.
  • රෝම
  • සොළි - පාණ්ඩ්‍ය කාසි (චෝළ - පල්ලව)
  • චීන
  • අරාබි
  • පගෝදි
  • පෘතුගිසී
  • ලන්දේසි
  • ඉංග්‍රීසි

ශ්‍රී ලංකාවේ කැණීම් ඉතිහාසය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු වරට විධිමත් කැණීමක් එස්.එම්. බරෝස් මහතා විසින් වර්ෂ 1884 සිට 1886 දක්වා වූ කාලයේ දී අනුරාධපුරය සහ පොළොන්නරුව යන ස්ථානවල සිදු කරන ලදී. අනතුරුව එච්.සී.පී. බෙල් මහතාගේ මූලිකත්වයෙන් වර්ෂ 1890 දී ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ සහ කැණීම් කටයුතු ප්‍රධාන වශයෙන් අනුරාධපුරය, සීගිරිය ආශ්‍රිතව සිදු කරන ලදී. එමෙන් ම අනුරාධපුරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කැණීම් ඊ.එම් අයර්ටන් (1912 -1914) සහ රාජා ද සිල්වා (1983) යන මහත්වරුන්ගේ මඟ පෙන්වීමෙන් සිදු කරන ලදී.
වර්ෂ 1926 දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා හැටියට පත් වූ ඒ.එම්. හොකාර්ට් මහතා විසින් මාතොට, පොම්පරිප්පු, අනුරාධපුර ඇතුල්නුවර, සහ අම්බලන්තොට යන ස්ථානවල පස් ස්තරායානුකූලව කැණීම් කටයුතු සිදු කරන ලදී.

ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ කැණීම්

කැණීම් අංශය මඟින් මෙතෙක් සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ප්‍රාග් ඓතිහාසික උරුමය අදින් වසර 125,000 පෙර විහිදී යන බව විද්‍යාත්මව තහවුරු කර ගෙන ඇත. මෙහි දී රතු පස් වැලි නිධි විහිදී ගිය ලංකාවේ උතුරු, දකුණ සහ වයඹ දිග මුහුදු තීරය වඩා වැදගත් වේ. වර්ෂ 1972 වසරේ දී සිදු කරන ලද බූන්දල සහ පතිරාජවෙල සිදු කරන කැණීම්වලින් ප්‍රාග්ඓතිහාසික මානව ජනාවාසවල ප්‍රධාන අවධි දෙකක් සොයා ගෙන ඇත.
  1. මධ්‍ය පුරාතන ශිලා යුගයට අයත් එනම්, අදින් වසර 125,000 පමණ පෙර ජීවත් වූ මානවායා භාවිත කරන ලද ශිලා මෙවලම් හමුවී ඇත. නමුත් මෙහි දී මානව අවශේෂ හමුවී නොමැත.
  2. අදින් වසර 28,000 පමණ පෙර කාලයකට අයත් මානව ජනාවාස අවධිය. මෙය මධ්‍ය ශිලා යුගයට අයත් ය. මානව හෝ සත්ත්ව අවශේෂ නැතත් ජ්‍යාමිතික හැඩයේ ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් ඉතා විශාල ප්‍රමාණයක් හමුවී ඇත.
එමෙන් ම ප්‍රාග් ඓතිහාසික ලෙන්වලින් නවීන මානවයා පිළිබඳව පර්යේෂණ සිදුකර ඇත. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයා පිළිබඳ නිසැක සාධක ලැබෙන්නේ ලෙන් ජනාවාසවලිනි. අදින් වසර 40,000 පෙර ජීවත් වූ නවීන මානවයාගේ යැපීම් ක්‍රම, අභිචාර විධි, සහ තාක්‍ෂණය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ලැබී ඇත.
මෙම පර්යේෂණ කටයුතු මුල් වරට සිදු කරන ලද්දේ 1979 දශකයේ දී ය. එහිදී ගල් ලෙන් තුනක් කැණීමට භාජනය කරන ලදී.
  • කුරුවිට බටදොඹ ලෙන
  • හොරණ පාහියන් ලෙන
  • කෑගල්ලේ අළු ලෙන
මෙම කැණීම් ව්‍යාපෘතිවල ප්‍රතිඵල වශයෙන් ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ 'The Prehistory of Sri Lanka' සහ ආචාර්ය ඩබ්. එච්. විජයපාල මහතාගේ 'New light on the prehistory of Sri Lanka' යන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කර ඇත. මෑතදී මෙම තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා 2005 වසරේ දී බටදොඹ ලෙන, කිතුල්ගල බෙලි ලෙන, බෙල්ලන්බැඳිපැළැස්ස යන ස්ථානවල කැණීම් කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳව, විශේෂයෙන් ම පහතරට තෙත් කලාපයේ ගල් ලෙන් ආශ්‍රිත ව ප්ලයොස්ටසීන යුගයේ සිට මධ්‍ය හොලොසීන යුගය දක්වා ජීවත් වූ නවීන මානවයා පිළිබඳව පර්යේෂණ තොරතුරු ඇතුළත්කර වර්ෂ 2010 දී ආචාර්ය නිමල් පෙරේරා මහතා විසින් එංගලන්තයේ 'Bar International Series' 2142 යටතේ 'Prehistory of Sri Lanka' ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත. මෙම නව පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාවේ ලෙන් ජනාවාස අදින් වසර 40,000 පමණ ඈතට විහිදී යන බව අනාවරණය කරගෙන ඇත. මේ කාලයේ දී ඝර්ම කලාපීය වැසි වනාන්තර තිබූ බවට සාධක හමුවී ඇත. එමෙන් ම දකුණු ආසියාවේ ජීවත් වූ ආදිතම මානවයා පිළිබඳ සාධක ද බටදොඹ ලෙන සහ පාහියන්ගල ආශ්‍රිතව ලැබේ. මෙම ප්‍රාග් මානවයාගේ ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් තාක්‍ෂණය, අභිචාර විධි, ආහාර රටාව ආදිය පිළිබඳව ඉතාමත් වැදගත් වූ තොරතුරු අනාවරණය වී ඇත.
නවීන මානවයා පිළිබඳව සාකච්ජා කරනවිට අප්‍රිකාවෙන් නික්මීමේ න්‍යාය පුරාවිද්‍යාඥයින් ඉතා වැදගත්කොට සලකනු ලබයි. මෙහි දී අවුරුදු ලක්‍ෂයකට පමණ පෙර නවීන මානවයා අප්‍රිකාවේ නැගෙනහිරින් බිහිවී දැනට අවුරුදු 80,000 පමණ පෙර සීනාහි අර්ධද්වීපය හරහා කොටසක් යුරෝපයටත්, තවත් කොටසක් ආසියාව හරහා ඕස්ට්‍රේලියාවටත් විහීදී ගිය බව තහවුරු කරගෙන ඇත. මෙහි දී වඩා වැදගත් වන්නේ දකුණු පිවිසුම් මාර්ගය බව විද්‍යාඥයන්ගේ අදහසයි. එහි දී සීනාහි සිට අරාබි වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව හරහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත. මේ අනුව නවීන මානවයාගේ ආදිතම සාධක දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවෙන් හමු වී ඇත.
මෙතෙක් සොයා ගෙන ඇති පර්යේෂණ අනුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු සන්දර්භ කිහිපයකින් ලැබේ.
  1. ඉරණමඩු පස් සැකැස්ම - මේවා උතුරු, දකුණු සහ වයඹ දිග වෙරලේ ව්‍යාප්තව ඇත.
  2. ගල් ලෙන් - දිවයින පුරා ව්‍යාප්තව පවතින අතර පහතරට තෙත් කලාපයේ නිරිතදිග කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවල වැඩිපුර විහිදී යෑමක් දැකිය හැකි ය.
  3. එළිමහන් ප්‍රාග් ඓතිහාසික ස්ථාන - බෙල්ලන්බැඳිපැළැස්ස. මෙම ස්ථානය 2005 වසරේ අභිනවයෙන් සිදු කරන ලද කැණීමෙන් අදින් වසර 13,000 පමණ පැරණි බව සොයා ගෙන ඇත.
  4. රතුවන් දුඹුරු පස් කලාපය - වියළි කලාපයට ආවේණික පස් කලාපය. ප්‍රාග් ඓතිහාසික ස්ථාන ලක්‍ෂ ගණනක් ව්‍යාප්තව ඇත. අනුරාධපුර ඇතුල් නුවර අදින් වසර 5,000 පමණ පැරණි බව මෙහි දී විද්‍යාත්මකව කාල නිර්ණයකර ඇත.
  5. ප්‍රාග් ඓතිහාසික බෙලි කටු නිධි - හුංගම මිණිඇතිළිය ප්‍රදේශයේ සිදු කරන ලද කැණීම් වලින් මෙම ප්‍රාග් ඓතිහාසික ස්ථානය අදින් වසර 2,800 පමණ පැරණි බව විද්‍යාත්මක තහවුරු කරගෙන ඇත.
  6. මාතොට - ශ්‍රී ලංකාවේ ගල් යුගයේ අවසාන අවධිය නියෝජනය කරයි. මෙම ස්ථානය අදින් වසර 1,800 පැරණි බව විද්‍යාත්මකව කාලනිර්ණයකර ඇත.
ශ්‍රී ලංකාවේ ගල් ලෙන්වල තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා 2007 වසරේ දී හොරණ පාහියන්ගල කැණීම් ව්‍යාපෘතිය දියත් කරන ලදී. මෙහි මූලික අරමුණ වූයේ 1986 වසරේ දී ආචාර්ය විජයපාල මහතා විසින් සිදු කරන ලද කැණීම නවීන තාක්‍ෂණය යොදා ගනිමින් යාවත්කාලීන කිරීමයි. මෙහි දී මුල් වරට සොයා ගන්නා ලද පස් ස්ථර 4 ඉතාමත් සියුම් විශ්ලේෂණයන්ට අනුව ස්ථර සියයකට වැඩි ප්‍රමාණයක් වශයෙන් විහිදී යන බව හඳුනා ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය ස්කොට්ලන්තයේ ස්ටාලින් විශ්වවිද්‍යාලයේ පුරා භූ භෞතික අංශයේ මහාචාර්ය ඉයන් සිම්සන් මහතාගේ පර්යේෂණ දායකත්වයෙන් සිදු කරගෙන යනු ලැබේ. මෙහි දී පහත සඳහන් අධ්‍යයනයන් සිදු කරන ලදි,
  • සියුම් පාංශු අධ්‍යයනය
  • තුනී පස් තට්ටු විශ්ලේෂණය
  • පරාග විශ්ලේෂණය
  • ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් අධ්‍යයනය
  • ශිලා මෙවලම් නිෂ්පාදන තාක්‍ෂණය
  • සත්ත්ව අවශේෂ විශ්ලේෂණය

පූර්ව ඓතිහාසික පර්යේෂණ කැණීම්

ප්‍රාග් ඓතිහාසික හා ඓතිහාසික කාලය අතර කාලය මෙය වේ. මේ යුගය දියුණු සංස්කෘතික ලක්‍ෂණ පිළිඹිඹු කරයි. මෙකල දී ලංකාවේ අක්‍ෂර භාවිතය පිළිබඳව සාධක නැතත් දියුණු මැටි බඳුන් තාක්‍ෂණය, සතුන් හීලෑ කිරීම, යකඩ භාවිතය සහ ධාන්‍ය වගාව පිළිබඳව සාධක හමුවේ. දැනට සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව මෙම යුගය ක්‍රි.පූ. 1,300 දී ආරම්භ වී ක්‍රි.පූ. 250 පමණ ව්‍යාප්ත වූ බව පැහැදිලි ය. මෙය පූර්ව ඓතිහාසික යකඩ යුගය ලෙස හඳුන්වන අතර විශේෂ ලක්‍ෂණය නම් සුසාන සංස්කෘතිය ව්‍යාප්ත වීමයි. මෙම ප්‍රබල සංස්කෘතික ලක්‍ෂණය පොම්පරිප්පු, යාපහුව, කොක්ඇබේ, යටිගල්පොත්ත (ක්‍රි.පූ. 750) ඉබ්බන්කට්ටුව (ක්‍රි.පූ. 700) කලෝටුවාව (ක්‍රි.පූ. 250) රංචාමඩම (ක්‍රි.පූ. 1,300) යන කැණීම් පරිශ්‍රවලින් අනාවරණය කරගෙන ඇත. මෙම සුසාන සංස්කෘතිය මූල ඓතිහාසික යුගයේ අග භාගය දක්වා ම විහිදී ගිය බවට තහවුරු කරගෙන ඇත.

මූල ඓතිහාසික යුගය

මේ යුගයේ ඉතාමත් වැදගත් ස්ථාන ලෙස,
  • අනුරාධපුර ඇතුල්පුර
  • තිස්සමහාරාම
  • කණ්තරෝඩය
පෙන්වාදිය හැකි ය.

අනුරාධපුර ඇතුල්පුරය

ක්‍රි.පූ. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 11 දක්වා වූ ඓතිහාසික කාල පරිච්ඡේදය නියෝජනය කරයි. අනුරාධපුරය යුනෙස්කෝ සභාව විසින් ලෝක උරුම නගරයක් ලෙසට ද නම්කර ඇත. මුලින් ම මෙහි කැණීම් කටයුතු වර්ෂ 1969 දී ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. මේ පිළිබඳව විස්තරාත්මක වාර්තාව 'Ancient Ceylon Vol II' හි ප්‍රකාශයට පත් කර ඇත. මෙහි දී,
  • සංස්කෘතික අවධි පිළිබඳව
  • මැටි බඳුන් හා යකඩ තාක්‍ෂණය පිළිබඳව
  • යැපීම් ක්‍රම පිළිබඳව
  • නගර නිර්මාණය පිළිබඳව විද්‍යාත්මක වශයෙන් තහවුරු කර ගෙන ඇත.
මෙම කැණීම සිදු කරන ලද්දේ රුහුණේ ඓතිහාසික තත්වය පුරාවිද්‍යාත්මකව තහවුරු කර ගැනීමට ය. මෙය ක්‍රි.පූ. 1000 පමණ කාලණිර්නය කර ඇත. මෙහි දී සිදු කරන ලද පර්යේෂණ ආශ්‍රිතව 'Ancient Ruhunu' ග්‍රන්ථයේ වෙළුම් අංක I සහ II මේ වන විට ප්‍රකාශයට පත්වී ඇති අතර III වෙළුම 2011 අග භාගයේ දී ද, IV වෙළුම 2012 වසරේ දී ද ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

කණ්තරෝඩය

කන්තරෝඩය ද ඉතා වැදගත් ස්ථානයකි. මෙය 1940 දී පී.ඊ.පී දැරණියගල මහතා විසින් මුල් වරට කැණීම් කරන ලදී. අනතුරුව මෙහි 1972 වසරේ දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යායේ විමලා බෙග්ලි සහ බෙනට් බ්‍රොන්සන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සිදු කරන ලද සහයෝගිතා කැණීම් පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස පර්යේෂණ කටයුතු සිදු කරන ලදී.
මෙහි ප්‍රධාන අරමුණ වූයේ අනුරාධපුර ඇතුල්පුරයට සමකාලීනව කණ්තරෝඩයේ පස් තැන්පතු පිළිබඳව අදහසක් ලබා ගැනීම ය. එවකට තිබූ කැණීම් තාක්‍ෂණික ක්‍රම අනුව මේ පිළිබඳව අර්ධ වශයෙන් අදහසක් ලබා ගැනීමට හැකි වූ අතර එහි දී මෙම ස්ථානය ක්‍රි.පූ. 5 වන සියවසේ දී ආරම්භ වූ බව සොයා ගන්නා ලදී. මෙම අඩු ලූහුඬුකම් මඟ හරවා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් 2011 වසරේ දී විද්‍යාත්මක කැණීමක් සැළසුම් කර ඇත. මෙහි දී මූල ඓතිහාසික ජනාවාසයේ මුල්ම ජනාවාස අවධි හා ඊට පසු ජනාවාස තැන්පතුවල අනුපිළිවෙල සොයා ගෙන ඒවා විද්‍යානුකූලව කාලනිර්ණය කිරීම ප්‍රධාන අරමුණයි.

ස්මාරක කැණීම්

රටේ ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවය අනුව ස්තූපයක් වැනි ආගමික ස්ථානයක් සංරක්‍ෂණය කිරීමට පෙරාතුව එම ස්ථානයේ මුල්ම ගොඩනැගිලි අවධි හා පසු කාලීනව සිදුකළ ප්‍රතිසංස්කරණ අවධීන් පිළිබඳව අදහසක් ලබා ගැනීමේ අරමුණ ඇතිව විධිමත් පර්යේෂණ කැණීම් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තියකි. අප විසින් පසුගිය කාලයේ ප්‍රධාන ස්ථාන දෙකක් කැණීම් සිදු කරන ලදී.
01.තිස්සමහාරාම සඳගිරිය ස්ථූප කැණීම

මේ ස්ථූපය අවිධිමත් ප්‍රතිසංස්කරණ හේතුවෙන් හදිසියේ දෙදරායාමකට පත් විය. මෙය රටේ අවශ්‍යතාවයක් වූ බැවින් ප්‍රතිසංස්කරණයට පෙර දාගැබේ මුල්ම ගොඩනැගිලි අවධිය හා ඊට පසුව ඇති වූ ප්‍රතිසංස්කරණ අවධීන් ගැන සොයා ගැනීම සඳහා පර්යේෂණ කැණීම සිදු කරන ලදී. මේ තුළින් ලංකාවේ ඉතා වැදගත් සංස්කෘතික ඉතිහාසය ගැන කරුණු සොයා ගැනීමට හැකිවිය. එහි දී මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් බව තහවුරු කර ගන්නා ලද්දේ මෙකල ජීවත් වූ මානවයා ආහාරයට ගන්නා ලද සත්ත්ව අවශේෂ සහ ශිලාමය ආයුධ හමුවීම තුළිනි. මෙහිදී කාලනිර්ණය කිරීම සඳහා සාම්පල නොමැතිවීම හේතුවෙන් විද්‍යාත්මක දින නිර්ණයන් ලබා ගැනීමට නොහැකි විය. අනතුරුව ජනාවාස හිඩැසක් ද ඉන් අනතුරුව ක්‍රි.පූ. 900 කාලයට අයත් කාලරක්ත වර්ණ මැටි බඳුන් සහ යකඩ තාක්‍ෂණය පිළිබඳව අදහසක් ද ලබා ගෙන ඇත. එමෙන් ම වංශ කථාවල සඳහන් පරිදි මහානාග රජු විසින් මෙම දාගැබ ඉදිකළ බවට පුරාවිද්‍යාත්මක සාධක මතුකර ගෙන ඇත. දැනට සිදු කර ඇති පර්යේෂණයනට අනුව මෙම ස්ථානය ක‍්‍රි.පූ. 2 සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත.
02.දැලිවල කොට වෙහෙර

මෙම කැණීමේ දී ද දාගැබේ මුල්ම අවධිය ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කර ගෙන ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් කැණීමේ දී ඉතාමත්ම සුරක්‍ෂිතව පැවති ගර්භ ගෘහයයි. මෙහි දී පුරාවස්තු රැසක සාධක මතුවූ අතර රෙදි, වීදුරු, පබළු හා මුතු පබළු අල්ලන ලද රෙද්දකින් වට කරන ලද කුඩා චෛත්‍ය ඉතාමත් වැදගත් වේ. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ රෙදි පිළිබඳව විශේෂඥ ජුඩිත් කැමරන් මහත්මිය විසින් මේ පිළිබඳව රසායනික පර්යේෂණ කරගෙන යන අතර මෙම රෙදි සේද රෙදි බව සොයා ගෙන ඇත.

පිරමීඩ ගොඩනැගුණු නයිල් නිම්නය

                               ක්‍රි. පු 3100-1070 අතර කාල පරාසය තුළ පැවතුණු ශිෂ්ටාචාරය හදුන්වන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය යනුවෙනි.
                                    මිසර ශිෂ්ටාචාරය යනු ඊට තවත් නමකි. මෙම ශිෂ්ටාචාරයෙහි රජවරුන් හැදිනුයේ ‘පාරාවෝ‘ යන නමිනි.මියගිය පසු ඔවුන්ගේ සිරුරු තැන්පත් කිරිම සදහා යොදගැනුණේ පිරමීඩ යැයි නම් කෙරුණු සොහොන් කොත්ය. එම සොහොන් කොත් වල තැන්පත් කෙරුණු මෘත දේහ තවමත් නොදිරා පවති.එසේ වී ඇත්තේ මළ සිරුරු නරක් නොවීමට ඔවුන් යොදා තිබුණු උසස් තාක්ෂණය නිසාය. පිරමීඩ ගොඩනැගීමේ තාක්ෂණය පුදුම සහගතය. මේ සදහා යොදා ගත් සමහර ගල් කුට්ටි ටොන් 2 පමණ බරය. මෙවැනි ගල් කුට්ටි මිලියන ගණනක් එක් පිරමීඩයකට යොදා ඇත. මේවා ඇත ප්‍රදේශ වල සිට නයිල් නදිය ඔස්සේ බෝට්ටු මගින් ගෙනැවිත් අැතැයි සැලකේ.                                  
                     
            
                                         මෙකල ජනයා තිරිගු, බාර්ලි, රට ඉදි අාහාරයට ගත්හ. පාන් පිළිස්සීමට දැන සිටියහ. සී සාන පුද්ගලයෙකුගේ පිටු පසින් යමින් බීජ වපුරන ස්ත්‍රියක් නිරැපනය කෙරෙන චිත්‍රයක් නිසා එකල ජනයාගේ රැකි රක්ෂා හා අාහාර ගැනද තොරතුරු දැනගත හැකිය. මෙකල දේශීය වෙළදාමත් විදේශීය වෙළදාමත් ප්‍රචලිතව පැවතුණි.ධාන්‍ය, රෙදි, පැපිරස් පත්‍ර අාදිය අපනයන වෙළද භාණ්ඩ විය.
                               ලේඛන කලාව පිලිබදව ඊජිප්තුව විශේෂ තැනක් ගනී. මැටි පුවරු වල හා බිත්ති වල හා පැපිරස් පත්‍ර වල ලියු ලේඛන බොහෝය. කපරාරු කරන ලද බිත්ති වල නිරෑපිත මුර්ති සහ අදින ලද චිත්‍ර විශාල සංඛයාවකි. ඊජිප්තු කලා ශිල්ප ලොවට දායාද කෙරැණේ පිරමීඩ නිර්මාණය හරහාය.

ගල් විහාරය

පොලොන්නරුව නගරය ගැන සදහන් කිරීමේදි නිතැතින්ම අපේ සිහියට නැගෙන දෙයක් වේ නම් ඒ ගල් විහාරයී.උත්තරාරාමය යනුවෙන්ද හදුන්වන මෙය මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මානයකි. මෙහි ගලින් නෙලන ලද ප්‍රතිමා හතරක් දක්නට ලැබේ.පලමුවෙන්ම දක්නට ලැබෙන්නේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිදින බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි.මෙම ප්‍රතිමාව සදහා සිංහ හා අශ්ව රූපවලින් අලන්කාර කරන ලද ආසනයක්ද දැකගත හැක.දෙවනුව දක්නට ලැබෙන්නේ විද්‍යාධාර ලෙනෙහි නෙලා ඇති බුද්ධප්‍රතිමා වහන්සේය.ඊලගට ඇත්තේ හිටි පිලිමයකි.මෙය උසින් අඩිවිසිදෙකක් පමන වේ.ඒ අසලින්ම ඇති දිගින් අඩි හතලිස්පහක් පමන වන සැතපෙන පිලිමයකි.මෙම පිළිම වහන්සේලා අතීත හෙලයන්ගේ දස්කම් මොනවට විදහාලන ජීවමාන සක්ෂියන් වේ.

මාළිගාවිල මහා බුදු පිළිමය

ශ්‍රි ලාංකිීය ඉතිහාසයේ බුදු පිළිමයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.එ් අතරින් මාළිගාවිල හිටි පිළිමය ප්‍රමුඛ වේ. විශාල අාරාම සංකීර්ණයක් තුළ පවතින පංචාවාස ගොඩනැගිලි රටාව පොළොව මතුපිට විශාල ප්‍රදේශයක පැතිර ඇත. ක්‍රි.ව 6-8 සියවස් වලට අයත් ඓතිහාසික මෙම හිටි පිළිමය ස්ඵටික හුනු ගලින් නෙළා ඇත.අඩි 37 අගල් 10 උසය. ආසනය අඩි 4 කි.මුළු හිටි පිළිමය සම්පුර්ණ උස ප්‍රමාණය අඩි 4 අගල් 10කි.
          
                විශාල සමචතුරස්‍රාකාර ගෙයක් තුළ නිර්මාණය කර ඇත.පිළිම ගෙය ගෝලාකාර වහලක් සහිතව ගඩොලින් නිර්මාණය කර ඇත. මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානය පළමු වරට 1934 දි් මාලිගාවිල සොයාගන්නා ලද්දේ පුරවිද්‍යා කොමසාරිස්වරයකු වු එච්.සී.පී බෙල් මහතා විසිනි.
                                        ලක්දිව පැරණි බුද්ධ ප්‍රතිමා අතර විශාලතම ‍ශෛලමය බුද්ධ ප්‍රතිමාව යැයි විරුදාවලි ලැබ ඇති මෙම හිටි පිළිමය කිසිදු ආධාරකයකට සම්බන්ධ නොවන ලෙස නිර්මාණය කර ඇත. මහාවංශයේ සදහන් පරිදි 7 වෙනි සියවස අග භාගයේදි රුහුණේ විසු අග්ගබෝධි කුමරු කාණාග්‍රාමයෙහි පටිමා නම් විශාල බුදු පිළිමයක් කර වු බව සදහන් වේ. මෙහි ප්‍රතිමා ලක්ෂණ අනුව ක්‍රි.ව 7-8 වෙනි සියවස් වලට අයත්
වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.