ලංකාවේ නැගෙනෙහිර පළාතේ අම්පාරේ පොතුවිල් හි පිහිටා ඇත. විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලකි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ඇත. විහාරමහා දේවිය ගොඩ බට ස්ථානය මෙය බවටද විශ්වාසයක් ඇත. මෙය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පිලිගැනේ. වර්තමානයේද මෙම ස්ථානයේ විහාරයක් ඇත.
Friday, January 29, 2016
මුහුදු මහා විහාරය

යුනෙස්කෝ ලෝක උරුම අඩවි
ලංකාවේ සුවිශේෂී ස්ථාන අටක් ජගත් ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ ආයතනය විසින් අභිලිඛිත කොට ඇත. නාමිකව ගත් කළ පුරාතන පොළොන්නරුව(1982), අතීත සීගිරි නගරය(1982), රන්ගිරි දඹුලු විහාරය(1991), පුරාතන ගාලු නගරය (1988), පූජනීය අනුරාධපුර නගරය(1982), පූජනීය මහනුවර නගරය(1988), සිංහරාජ වන රක්ෂිතය(1988) සහ ලංකාවේ මධ්‍යම උස්බිම්(2010) ජගත් ලෝක උරුමයන් ලෙස නම් කර තිබේ
.
මෙම අභිමානවත් ලෝක උරුම සුරෑකීම අපි සියලු දෙනාටම භාර වන්නෙමු.
.
මෙම අභිමානවත් ලෝක උරුම සුරෑකීම අපි සියලු දෙනාටම භාර වන්නෙමු.
Thursday, January 28, 2016
අසිරිමත් ගාලු කොටුව
ගාලු කොටුව යනු ලංකාවේ ගාල්ලේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ගාලු කොටුව ලංකාවේ සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන්නකි.එසේම ගාලු කොටුව දිස්වන්නේ සජීවී ජීවමාන ස්වභාවයකිනි.
Wednesday, January 27, 2016
Subscribe to:
Posts (Atom)